4/5

Colombo National Museum

854 Sir Marcus Fernando Mawatha,


Colombo's only proper museum (the Dutch museum and the weird old Town Hall one barely come on par) is pretty amazing. This Italianate colonial style building houses statues, artifacts and paintings that go back as far as the 5th century.


ලෝකයේ වෙනත් පුරවරවල උද්‍යාන හා කටුගෙවල් බොහෝ ගණනක් තිබුණාට ලංකාවේ තිබෙන්නේ ඒවා එක බැගින්. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්, ලන්දේසි කටුගෙය, ස්වභාවික විද්‍යා කටුගෙය හා බංඩාරනායක කටුගෙය එහෙමත් තිබෙනවා නේද කියලා. එහෙත් ඒවා කටුගෙවල්ය කීවාට ඒවායේ තිබෙන්නේ පෞරාණික වස්තු දෙක තුනකින් සැදි දූලි පිරුණු කාමරයක් දෙකක් විතරයි. දේශයේ අතීතය විදහා දැක්වීම සඳහා ක්‍රියාත්මකව පවතින කටුගෙවල් ඇත්තේ එකක් පමණයි. ඒ තමයි, යටත් විජිත යුගයේ ඉතාලි ගෘහනිර්මාණ මෝස්තරයකට ඉදි කළ සුන්දර, අභිමානවත් ගොඩනැගිල්ලක පිහිටි ජාතික කටුගෙය.

මාකස් ප්‍රනාන්දු මාවතේ ගේට්ටුවෙන් රු. 25ක් ගෙවා ඇතුල් වී සුවිසල් තණ පලස පසුකර පෝටිකෝව යටින් ගොඩවී ඔබට අරඹන්න පුළුවන් වසර 3000ක ජාතික උරුමයන් අධ්‍යයනය කිරීම.

බිම්මහලේ අනුරාධපුර යුගයේ වාරික්‍රම, ස්ථූප, ගල් කැටයම් අනුරූවල සිට පොළොන්නරු යුගයේ අනර්ඝ ලෝකඩ නිර්මාණ මෙන්ම මහනුවර යුගයේ කඩු, ඇත්දළින් නිමකළ මංජුසා හා කැස්බෑ ලෙලි පනා ආදියත් තිබෙනවා. දකුණු ඉන්දීය බලපෑමෙන් ලංකාව දුබල රාජ්‍ය ගණනාවකට කැඩී ගිය පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගය දක්වා වසර 400ක ඉතිහාසය ගැන එතරම් පුළුල් අවධානයක යොමුකර ඇති බව පෙනෙන්නට නැහැ. ඒත්, මෙහි ඇති මනාලෙස සකසන ලද විස්තර පුවරු හා ලේබල කියවනවිට රටේ දීර්ඝ ලිඛිත ඉතිහාසය ගැන සැලකියයුතු අධ්‍යයනයක් සංක්ෂිප්තව කරන්න පුළුවන්.

විවිධ ඓතිහාසික යුග වෙනුවෙන් කැපකරන ලද අංශවලදී ඔබට ඒ යුගවල නැග්ම හා බැස්ම හදාරන්න පුළුවන්. සීගිරි බිතුසිතුවම් ඇඳුණු අනුරාධපුර යුගයේ චිත්‍රකලාව ඉන් වසර 600කට පසු පොළොන්නරු යුගයට වඩා විදග්ධබව ඔබට වටහාගන්න පුළුවන්. තවත් වසර 300කට පසු මහනුවර යුගයේ ප්‍රාථමික ද්විමාන රූපවලට වඩා පොළොන්නරු යුගයේ චිත්‍රවල විදග්ධබවක් වටහාගන්න පුළුවන්. ලංකාවේ චිත්‍රකලාව විෂයෙහි ගත්තාම මේ වනාහි අනුරාධපුර යුගයේ විචිත්‍රත්වයේ සිට මහනුවර යුගයේ ශෘංගාරාත්මක, පසුගාමිත්වය දක්වා පරිහාණියක විස්තර කථනයක්. මේ විස්තර අධ්‍යයනයේදී HSBC අනුග්‍රහයෙන් මෑතදී කරන ලද නවීකරණයනුත් ප්‍රයෝජනවත් වෙනවා.

මේ පුළුල් ඓතිහාසික රාමුවට පිටින් තනි නිර්මාණ ලෙස කැපීපෙනෙන කෘතිත් දක්නට ලැබෙනවා. පොළොන්නරුවේ ලෝකඩ නිර්මාන, වෙළෙන්දන් හරහා ලංකාවට ලැබුණු චීන පෝසිලේන් හා කටුගෙයි ප්‍රධානම ප්‍රදර්ශන භාණ්ඩය වන අවසන් රජුගේ සිහසුන හා කිරුළ ඒ අතරින් විශේෂයි.

සහස්‍රක තුනක ඉතිහාසය මැදින් ගමන් කරන ඔබට ඉන් අනතුරුව මෑතදී නැවත විවෘත කරනලද දෙවන මහලේ ප්‍රදර්ශන ශාලාව වෙත පඩිපෙළ දිගේ පිවිසෙන්න පුළුවන්. මෙහි ප්‍රදර්ශන ශෛලිය වඩා තේමාපාදකයි. සංගීතභාණ්ඩ, ආයුධ, උපකරණ ආදී වශයෙන්. මෙහි කලානිර්මාන ප්‍රමාණයෙන් කුඩා වුණත්, ආකර්ශනීයත්වයෙන් අඩුවක් නැහැ. මහනුවර යුගයේ කාලතුවක්කු, හක්ගෙඩි ආදී දෑ එහි තිබෙනවා. මෙහි භාණ්ඩ කලින්ට වඩා හොඳ අන්දමින් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒත්, කලින් විවෘතව තිබුණු ඇතැම් පෞරාණික අංශ දැන් වහලා. ඒ නිසා මතුමහලේ, සඳලුතලයේ රිසිසේ ඇවිද යන්න කලින් තිබුණු නිදහස දැන් නැහැ.

හොඳින් නිරීක්ෂණය කළාම තවමත් නවීකරණය නොකරන ලද ඇතැම් පැරණි අංශ සොයාගන්න පුළුවන්. තවමත් විවෘත පැරණි රූකඩ එකතුව එවැන්නක්. එල්ලී සිටින රූකඩ මිනිසුන් රැසකගේ විප්‍රකාරවලට ඉහළින් දැවැන්ත තල්මසකුගේ ඇටසැකිල්ලක් දිස්වෙනවා. සියල්ල එක්වුණාම මැවෙන්නේ අපූරු අධියථාර්ථවාදී දර්ශනයක්. මටනම් මේ තමයි කටුගෙයි සාරය.

කටුගෙයි චමත්කාරය තිබෙන්නේ මෙවැනි කලාතුරකින් කිසිවකු විසින් නරඹනු ලබන අහුමුළුවලයි. එය සුවිසල්, විහිදී පැතිරුණු, සුන්දර තැනක්. ජනශුන්‍ය වන බොහෝ සතියේ දිනවල සවස්භාගයන්ට රු. 25ක් වැය කර ඔබට එතැන එහි ඇති පෞරාණික භාණ්ඩත් සමගම ඔබේම කරගන්න පුළුවන්. නරඹා අවසන් වනවිට ඔබට වැටහේවි ඒ ගොඩනැගිල්ල ප්‍රදර්ශන අවකාශයෙන් ඔබ්බට තවතවත් ඈතට විහිදෙනබව.

එහි ශ්‍රවණාගාරයක්, ගබඩා කාමර, කියවීම් ශාලාවක්, සූක්ෂම ලේඛනාගාරයක්, ප්‍රකාශන අංශයක්, කීටවිද්‍යාව හා මළ සතුන් සංරක්ෂණය සඳහා අංශ ආදී තවත් බොහෝ දේ තිබෙනවා. තවත් ඇතුලට යනවිට ඔබට හුදකලා අංගන, දිගු කොරිඩෝ, වසර දහස් ගණන් පැරණි සෙල් කුළුණු හා ඇත්තම රහස් උද්‍යානයකුත් හමුවෙනවා. එය ඇත්තේ කටුගෙය හා ස්වභාවික ඉතිහාස කටුගෙය අතර. පිටුපස පිහිටි කීටවිද්‍යාව හා මළ සතුන් සංරක්ෂණය සඳහා අංශ පැත්ත මම නම් හිතන්නේ කොළඹ තිබෙන නිසංසලම ප්‍රදේශය.  එය තිබෙන්නේ ශ්‍රවණාගාරය හා කීට විද්‍යා අංශය අතර ගරාදිවැට සහිත මාර්ගයේ. තුරුලතාවලින් සැදි අංගනයට ඉහළින්.

මෙතැනට පමණක් දෙවෙනි වන, පොතක් කියවන්න හොඳ තවත් නිසංසල තැනක් තමයි ග්‍රීන් පාත් පැත්තේ පිටවීම් දොරටුව අසල නුග ගසේ සෙවණ. මේ මුළු අවකාශයම විස්මයදනවන අහුමුළුවලින් සමන්විතයි. ඔබට පුළුවන් සම්පූර්ණ සවස්භාගයක්ම අවට ලෝකයෙන් මිදී කොළඹ හදව‍තේ පිහිටි මේ ඉන්ද්‍රජාලික ලෝකයේ තනිවම ගතකරන්න. හැබැයි, වැඩි කාලයක් එහෙමකරන්න බැරිවෙයි. ආණ්ඩුව කටුගෙය පිටුපස ඇති මේ අඩුවෙන් ප්‍රයෝජනයට ගත් ප්‍රදේශය නැවත සංවර්ධනය කරන්න සැරසෙනවා වගෙයි පෙනෙන්නේ. ලක්හපහනහලක් සහ ගැලරි කැෆේඑකක් හැදෙමින් තිබෙනවා වගේ.  ඒ නිසා ඉක්මන් කරන්න.

සටහන: නවීකරණය හොඳවුණාට කටුගෙයට නිතර යන අයෙකු ලෙස මා දුටු දෙයක් තමයි, කලින් තිබුණු පෞරාණික වස්තු කීපයක් දැන් ඒ තැන්වල නැතිබව. (සොරකමකුත් වුණානේ.) ගන්ධාර කලාකෘති ඇතුලු සෙල්මුවා පුරාවස්තු තිබුණු කාමරය දැන් කෝ? ලීබඩු එකතුවත් නැහැ. බ්‍රිතාන්‍ය ජාතික සිත්තරකු විසින් කරනලද දියසායම් චිත්‍ර වගයකුත් දකින්න ලැබුණේ නැහැ. සමහරවිට ඒවා ආරක්ෂිත ගබඩාවල වෙන්න ඇති. ඒත්, ඉතින් ලංකා‍වේ හැටි අනුව මොනවා වුණාදැයි කවුරුද දන්නේ?

TIP

Use the place not just as a museum but as a public space. For Rs. 25 its a museum, park and Colombo's grandest accessible building. Head to the back by the entomology section, take a good book and find a pleasant corner to read in.
All Reviews

Colombo's only proper museum (the Dutch museum and the weird old Town Hall one barely come on par) is pretty amazing. This Italianate colonial style building houses statues, artifacts and paintings that go back as far as the 5th century.

In terms of a functioning museum that actually makes an attempt to convey and display the history of this ancient island there is only one but, actually it's enough. Housed in a gorgeous and enormous Italianate colonial edifice the National Museum of Colombo, to give it its full title, is a pretty effective showcase for our island's 3000 year heritage.

මාකස් ප්‍රනාන්දු මාවතේ ගේට්ටුවෙන් රු. 25ක් ගෙවා ඇතුල් වී සුවිසල් තණ පලස පසුකර පෝටිකෝව යටින් ගොඩවී ඔබට අරඹන්න පුළුවන් වසර 3000ක ජාතික උරුමයන් අධ්‍යයනය කිරීම. බිම්මහලේ අනුරාධපුර යුගයේ වාරික්‍රම, ස්ථූප, ගල් කැටයම් අනුරූවල සිට පොළොන්නරු යුගයේ අනර්ඝ ලෝකඩ නිර්මාණ මෙන්ම මහනුවර යුගයේ කඩු, ඇත්දළින් නිමකළ මංජුසා හා කැස්බෑ ලෙලි පනා ආදියත් තිබෙනවා. දකුණු ඉන්දීය බලපෑමෙන් ලංකාව දුබල රාජ්‍ය ගණනාවකට කැඩී ගිය පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගය දක්වා වසර 400ක ඉතිහාසය ගැන එතරම් පුළුල් අවධානයක යොමුකර ඇති බව පෙනෙන්නට නැහැ. ඒත්, මෙහි ඇති මනාලෙස සකසන ලද විස්තර පුවරු හා ලේබල කියවනවිට රටේ දීර්ඝ ලිඛිත ඉතිහාසය ගැන සැලකියයුතු අධ්‍යයනයක් සංක්ෂිප්තව කරන්න පුළුවන්.

Address

854 Sir Marcus Fernando Mawatha,

Contacts

E-Mail Website

Open 9.00AM to 6.00PM

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4


Latest