Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

Sri Lanka Planetarium

Prof. Stanley Wijesundera Mawatha, Colombo 07


The Planetarium is one of those places in Colombo that's stayed more or less the same since 1965, give or take a bit of furniture revamping and their new website. The building still looks fantastic, the feeling you get when the lights dim is still exciting, most of the graphics are unfortunately still outdated, and the ticket is still just cheap.



‍කොළඹින් අහසට විහිදෙන පන්සල් වහල ඇත්තෙන්ම නගරයේ පළමුපෙළේ ආකර්ශනීය ස්ථාන අතරින් එකක් නොවෙයි. ඒ තමයි. ග්‍රහලෝකාගාරය. බොහෝ කොළඹ වැසියන් ප්‍රාථමික පාසල් සිසුන්ව සිටියදී පළමු හා අවසන් වරට මෙතැන බලන්න යනවා, දෙන්නා දෙන්නා අතින් අල්ලාගේන පෙළගැහිලා. මේ පිරමිඩාකාර ගෘහයේ පැයක ග්‍රහ තරු ප්‍රදර්ශනයක් දකින්න ලැබෙනවා. ඒ ඉදිරිපත් කිරීම එකල නම් නින්ද යන කම්මැලි එකක්. මේ ස්ථානය දූලි සහිතයි. මේ නොතකාහරිනලද තැන දෙවන වරට බලන්න යන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්.

කොළඹ නිදහස් හෝ අඩුමිළ හෝ පොදු පහසුකම් නරඹමින් ගිය ඉරිදාවක රු. 25ක ටිකට්පතක් ගෙන මම ගියා ග්‍රහලෝකාගාරයේ දර්ශනයක් බලන්න. එතැන බලාපොරොත්තු වුණාට වඩා හොඳ තැනක්.

ගෝලාකාර ශ්‍රවණාගාරයත්, එහි දැවැන්ත විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රයත්අමතක කරදැමුවත්, ඒ වටා ඇති ප්‍රසන්න වටපිටාව ඇතුල්වීමට ගෙවන මුදලට වටිනවා. සෙවණ සහිත බංකු තිබෙන, මඳක් නොතකාහරිනලද උද්‍යානයක් එහි තිබෙනවා. පොතක් පතක් කියවන්න, දිවා ආහාරය ගන්න එතැන කදිමයි. ඒ අවට ඇති සරසවි බිම වටා අඩු මිළ, හොඳ දිවාආහාර පාර්සල් ලබාගතහැකි තැන් ඕනෑතරම් තිබෙනවා.

තවමත් මේ පරිසරයේ ප්‍රධාන ආකර්ශනය ග්‍රහලෝකාගාරයම තමයි. 1965දී බටහිර ජර්මානුවන් විසින් ඉදිකරනලද එය විස්මිත අනාගතවාදී ගෘහනිර්මානයක්. හරියට පිටසක්වල ජීවීන් විසින් කොළඹ විශ්වවිද්‍යාලය මැදට අතහැර ගිය වස්තුවක් වගේ.

මේ වනාහි වසර 2000 වනවිට අපි හ‍ඳේ ජනපද පිහිටුවනු ඇතැයි විශ්වාස කළ සමයේ කළ අනාගතවාදී නිර්මානයක්. උත්ප්‍රාසයට තුඩුදෙන කරුණ තමයි, අද වනවිට එය අතීතයට හිමි අමතක කරන ලද ‍ගොඩනැගිල්ලක් වීම.
සතුන්වත්ත, විහාරමහාදේවි උද්‍යානය  සහ කටුගෙය එහෙමත් පිහිටා තිබෙන්නේ මෑත වකවානුවේදී එතරම් වෙනසක් සිදුනොවුණු පරිසරයන් තුළ. ඒත්, ඒ කිසිදු පරිසරයක් ග්‍රහලෝකාගාර පරිසරය තරම් ඉතිහාසයේ ගල්ගැහිලා නැහැ. අප කුඩාකාලයේ තිබුණා වගේම වූ එතැන දිනකට දර්ශන දෙකක් උදේ 10ට හා පස්වරු 2.30ට එහි ගෝලාකාර සුමුදු තිරය මත දිගහැරෙනවා.
ඇතුළේදී බලාපොරොත්තුවුණේ අවට පරිසරය වගේම කාලයේ මිදුණු දර්ශනයක්. දූලිසහිතබව හා එතරම් ප්‍රේක්ෂකයන් හිඟවීමත් බලාපොරොත්තු වුණා වගේමයි. ඒ වුණාට ග්‍රහ තරු දර්ශනයනම් විශිෂ්ට එකක්.
පස්වරු 2.30ට දසදෙනෙකුගෙන් පමණක් සැදුම්ලත් ප්‍රෙක්ෂකාගාරය හමුවේ ලේසර් පොයින්ටරයක් යොමුකරන අයෙක් හා මිහිරි සංගීතමය හඬක් හිමි කාන්තාවක් එක්ව සෞරග්‍රහමණ්ඩලයේ චාරිකාවක් සරළ සිංහලෙන් සංවිධානය කළා. ඒ විස්තරයේ අඟහරු ගවේශනයේ නව තොරතුරු මෙන්ම ලංකාවේ මුල්ම චන්ද්‍රිකාව ගැනත් කරුණු සඳහන්වුණා. එදා රාත්‍රියේ දක්නට ලැබෙන අහස තිරය මත ප්‍රක්ෂේපණය කර කාටත් තේරෙන විස්තරයක් කළා.
හරියටම එදා දවසේ ඉර බසින වෙලාව, අහසේ දිස්වන තරුරාශි, තාරකා, ග්‍රහලෝක ආදිය ගැන යාවත්කාලීන කරන ලද තොරතුරු එහි තිබුණා. ඔබ සෞරග්‍රහමණ්ඩලය ගැන විශේෂඥයෙකු නොවෙයිනම් ඔබට එහි ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. අඳුරේ මග සොයාගන්න දකුණුදිග තරුව ඉවහල් කරගතහැකි ආකාරය වගේ කාටත් ප්‍රයෝජනවත් දේ.
අධ්‍යාපනික වටිනාකම එහෙමවුණත්, ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපනයනම් ඉතා දුර්වලයි. තරු හොඳට ප්‍රදර්ශනය වුණත්, චන්ද්‍රිකා දියත්කිරීම්, අඟහරු ගවේශනය වැනි දර්ශන බොඳවෙලා. ඒත්, තනි ගසක් සහිත රාමුවක තරුවක් පායා එන දර්ශනයනම් නෙත්සිත් පැහැරගන්නාසුළුයි.
ග්‍රහ තාරකාවල සුපැහැදිලි දර්ශන යූටියුබ් හරහා පහසුවෙන් බලාගන්න පුළුවන් අදකාලයේ පවා ග්‍රහලෝකාගාරයේ ඉන්ද්‍රජාලික බලයක් තිබෙනවා. එය ස්වප්නමය සැහැල්ලුවකින් යුත් තැනක්. ඇලකරගතහැකි අසුන සම්බාහන අසුනක් සේ සුවපහසුයි. වායුසමනය නැතිවුණාට ආර්ද්‍රතාව නැතිකරන පැරණි පද්ධතියක් විසින් ස්ථානය ප්‍රසන්න ලෙස සිසිලනය කරනවා. ඈත රජරට පැත්තේ ගසකට පිට දී හිඳගෙන ඒ විසල් අහස දෙස බලාගෙන දැහැනකට සමවදින්නා වැනි හැඟීමක් ග්‍රහලෝකාගාරයේදී ඔබට ඇතිවෙනවා.
දර්ශනය නිමවී පිටතට එනවිට වෙනත් කාලතලයකට පිවිසෙන්නා වගේ. අභ්‍යවකාශ තරණය හා සම්බන්ධ දිරාපත්වෙමින් ඇති ප්‍රදර්ශක ද්‍රව්‍ය තබා ඇති දිග අඳුරු කොරිඩෝව දිගේ ඇවිදගොස් කැන්ටිමට, ලිපිද්‍රව්‍යහලට හා නිද්‍රාශීලී කාර්යාලයකට ඇතුල්වෙන්න පුළුවන්.  එහි පරිගණකයක් තබා ඩිජිටල් කැල්කියුලේටරයක් හෝ දකින්න නැහැ.
අභ්‍යවකාශ තරණය ගැන සිහින දකින ලංකාවේ කොළඹ ග්‍රහලෝකාගාරය ඔබ රැගෙන යන්නේ අතීතයට.
(ඡායාරූප http://www.motr.gov.lk/ වෙතින්)

TIP

The shows are in Sinhala but it is Sinhala for 4th graders so it's not too difficult to follow. Weekdays are usually booked by schools so try to call to reserve seats, or else go for the weekend show.

Address

Prof. Stanley Wijesundera Mawatha, Colombo 07

Directions

Either find it at the end of Independence Walk, or in the corner of the Faculty of Arts campus.

Contacts

Report Inaccuracy

Open Shows at 10.00AM and 2.00PM

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

See 11 Comments