Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

The RoadHouse

Hotel RoadMount Lavinia, Sri Lanka


A food truck serving quality kottus using locally sourced ingredients and Lankan inspired flavours.



“ඒ... පල්ලෙහා ගෙදර එකත්, ඒකගෙ යාළුවො එක්ක සෙට්වෙන්න යන්නෙ බං. මොකෝ කරන්නෙ?”

“මොනව කරන්නද ඉතින්, අපි ගිහිල්ල අපේ ප්ලේස් එකෙන් වාඩිවෙමු. මොකෝ ඒකගෙ කියල යාළුවො සීයක් දෙසීයක් එනවයැ”

“ඒකත් ඇත්ත නේ බං. හැරත් අපිටත් අයිතියිනෙ රූෆ් ටොප් එක!

එළ එළ, ඒනං දාංකො බයිට් මොනවහරි. මෙහ්, රෑ කෑමටත් එක්ක ම දහං හොඳේ”

“හරි හරි බං…”

කාලෙකට පස්සෙ, අඩියක් ගහන්න කියල යාළු. මොකද මං ළඟත් පහුගිය දවසක ඉතුරු වෙච්ච කොටයක් තිබ්බ. අනික යාළුව ළඟත් ඔය බීර කෑන් වගයක් තියෙනව කිව්වෙ. ඒ අස්සේ... අපේ වැඩකටයුතුත් හෙමිහෙමිහිට ඉවර වේගෙන එන එකේ… සත්තයි,

සන්තෝසෙටමයි යාළු!

හැන්දෑවෙ හත කිට්ටු වුණාට, ඇප් එකේ කඩ ටික නම් එලෙසින් ම තියෙනව. ඉතින් හොඳම රේටින් ඒවා උඩට දාලා ඔන්න මම බැස්ස වැඩේට.

“ම්… හෝව්, හෝව් ‘රෝඩ් හවුස්?’ අඩෙහ්, මතකෙ හැටියට මෙතන නයිමිරිස් මොකක්හරි සීන් එකක් තියෙන්න ඕන” ගියා මෙනුව ඇතුළට.

කිව්වත් වගේ... ඔය තියෙන්නෙ. දෙන්නම් ජම්බො අද කට්ටියට. දානව නයිමිරිස් කොත්තුවක් බයිට් එකට. ගහනව සැර ජාති, සැර නැති ජාති කලවමේ කුදාර් වෙන්න.

ආයෙ කෙළින්ම හොඳේ... බීෆ් ඉඳිආප්ප කොත්තුවයි (රු. 600), නයිමිරිස් චිකන් කොත්තුවයි (රු. 580), චිලි චිකන් චීස් කොත්තුවයි (රු. 580) සනික ඕඩරේට!

“ඒ... උබලට හිතාගන්න බැරි විදියෙ සුප්ප බයිට් එකක් දාලා තියෙන්නෙ ඈ. හැබැයි ඒක එන්න නං පැයක් විතර යනව. මොකෝ කියන්නෙ. එතකං හංදියට ගිහින් අඩුපාඩු ටික ගේමුද?”

“අප්පටසිරි ඔව්නෙ. සැන්ඩිත් නෑ… @#$%^ නෑ. යමං යමං සනික”

කියල ගියාට මොකද අපි එද්දිම වගේ කෑම ටිකත් එන්න ඔන්න මෙන්න. ඉතින් පල්ලෙහම ඉඳල ඒකත් අරගෙන තමයි අපි උඩට ගියේ. ගිහිල්ල හිටං පාර්සල් තුන ම දිගඇරල, ඒවයින් ටික ටික වෙනමම පිඟානකට දාගෙන ගියා රූෆ් ටොප් එකට. ගිහිල්ලා... හෙමින්සැරේ ඇල්ලුව අපේ සුපුරුදු මුල්ලම. වැඩේ කියන්නෙ ඒ වෙද්දි අර අනිත් සෙට් එකත් මග එනගමන්. ඉතින් හිටු කියල වාඩි වෙලා, පිඟානත් මැදින් තියල කෝප්ප ටිකත් පුරවගත්ත. පුරවගෙන ඔන්න ‘චිරාස්...’

පළවෙනි කටටම නයිමිරිස් කොත්තු හැඳි දෙකක්.

“ම්…

හෑ.. නෑනෙ මුකුත්? වැරදි කොත්තුවද මංද කෑවෙ” ආයෙ කාලා බැලුව. අඩෙහ් නෑ කියන්නකො. ඊට පස්සෙ අනිත් කොත්තුවෙනුත් කාලා බැලුව. ඒකෙත් නෑ කියන්නකො. බැරිම තැන ඉඳිආප්ප කොත්තුවෙන් කාලා බැලුව. කිරි අප්පට..!

මොන මළහත්තිලව්වක්ද යකෝ ඒ වුණේ. යාළුවො ඉස්සරහ වස ලැජ්ජාව.

“ඒ මොනවද *&^%$#@ මේ නයිමිරිස්. කාලා නැත්තං අන්න ෆ්‍රිජ් එකේ ඇති අරං වරෙං. හූ හූ...”

මට නේද... කඩේ එකාව මරං කන්න... ඇයි යකෝ නැත්නං, නැති මගුල් නෑ කියාං. හොරාට නිකං තියෙන දෙයක් දාලා දෙන්නෙ. කියල වැඩක් නෑ යාළු. අන්තිමට කොහොමහරි ඒකෙ තිබ්බ නයිමිරිසක් නෑ. නිකම් චීසුයි, රෝස්ට් චිකනුයි විතරයි. වෙලාවට අර නමට හරි චීස් ටිකක් තිබ්බෙ. රෝස්ට් චිකනුත් ඉතින් මදි නොකියන්න තිබුන. හැබැයි එහෙමත් නැතිවුණා නම් මට වහ කන්න වෙන්නෙ. මතකෙ හැටියට එළවළු ටිකකුත් තිබ්බ. ඒත් ඉතින් රස පදම ගන්න නම් චිලි පේස්ට් අනිවා සීන් එකක් තිබ්බෙ.

අර චිලි චිකන් කියල ගෙනාපු මගුලෙත් ඇති දෙයක් නෑ. චීස් වෙනුවට ක්‍රීම් චීස් දාලා, රෝස්ට් චිකනුයි අම්බානක කෑලි මිරිසුයි. තව චිලිපේස්ටුත් තිබ්බ තලි තලි. අනේ මංදා කොහොම කන්නද කියල.

කොහොමහරි ඉඳිආප්ප කොත්තුව විතරයි පොඩ්ඩක් කන්න පුලුවන් ගානකට තිබ්බෙ. ඒකෙ නම් ඇත්තටම, මදි නොකියන්න බීෆ් දාලා තිබ්බ. කොටින්ම කියතොත් ඇඟිලි පුරුකක් සයිස් රෝස්ට් බීෆ් කෑලි පහළොවක් විතර. අනික මිරිසුත් පදමට දාලා, එළවළුත් තිබ්බ ලීක්ස්, කැරට්, ගෝවා.. හීනියට ලියල, හරිම රසයි. ඊටත් ඒ ඉඳිආප්පත් හොඳ ෆ්‍රෙෂ්නෙ.

සත්තයි, ඒ කොත්තුවත් පජාත වුණා නම්… බොන්න නෙවෙයි මට වෙන්නෙ එදා.

චික්!


TIP

There is a patch of grass next to the road, so if you fancy a cheap late night picnic, get a mat and throw a picnic on the road using their kottus!

Similar Places

User Reviews
N
1

5/5

0

Nalin Jayaratne

One of the best kottu places around! The portion is huge as well

Avatar for uchira
1

5/5

0

uchira

The best kottu i have ever had

A
1

5/5

0

adelsidiqi

RoadHouse serves the best Kottu in the island

N
1

5/5

0

Nalin Jayaratne

One of the best kottu places around! The portion is huge as well

Avatar for uchira
1

5/5

0

uchira

The best kottu i have ever had

A
1

5/5

0

adelsidiqi

RoadHouse serves the best Kottu in the island

R
1

5/5

1

rash

Best beef kothu! 😍 Worth the price!

T
4

3/5

-1

Thor

Used to be good. But seems like now they have reduced the quantity.

Avatar for Milinda Michael Rodrigo
1

5/5

2

Milinda Michael Rodrigo

Loved the chillie beef kottu… #thumbsup

W
2

4/5

1

warunamk

Love their Nai miris kottu…

See 8 Comments