Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

The Sooriya Village

49, Skelton Road, Colombo 05


The Sooriya Village is a beautiful converted mansion on Skelton Road. Surrounded by lush greenery and a serene ambience this place is a great go-to for an evening read. However, our latest experience left a lot to be desired.



සූරිය විලේජ් කියන්නේ කොළඹ මැද්දේ තියෙන, ඒ වුණාට කොළඹ සද්දෙන් කිසිම බාධාවක් නැති විදියට පිහිටලා තියෙන ලස්සන රෙස්ටෝරන්ට් එකක්. මේක තියෙන්නේ කොළඹ 5, ස්කෙලිටන් රෝඩ් එකේ. මහා විසාල කොලොනියල් ගෙදරක් තමයි මේ විදියට මේ රෙස්ටෝරන්ට් එකක් විදියට හරවලා තියෙන්නේ. ඉතින් පහුගිය දවසක සාරාටයි මටයි ආව තඩි බඩගින්න නිවාගන්න හිතාගෙන අපි දෙන්නා ගියා මේ පැත්තට.

තැන

කිව්වත් වගේ මේ රෙස්ටෝරන්ට් එක හෙන ම පත සයිස්. බිත්ති පුරා ම එල්ලලා තියෙන චිත්‍රවලින් මාර ම ආටිස්ටික් ගතියක් මෙතැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසාම දෝ කොහේදෝ පොත් එළිදැක්වීම් ආදී නා නා ප්‍රකාර ඉවෙන්ට් එහෙමත් හරිහරියට මෙතැන සිද්ධ වෙනවා.

රෙස්ටෝරන්ට් එක තියෙන වත්තත් හරි ම හැඩයි. ගස්කොළන්වලින් වට වෙලා, හොඳ හෙවණයි. ඒ වගේ ම පොඩ්ඩක්වත් රස්නයක් නැහැ. ඉස්තෝප්පු කෑල්ලේ වුණත් වාඩි වෙලා කෑම බීම ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.

කෑම බීම

සාරා Pan Fried Fish with Tartar Sauce (රු. 1278) එකක් ඕඩර් කරපු අතරේ මං ගත්තා Chicken Lamprais (රු. 639) එකක්.

අනේ කියන්නත් කණගාටුයි! චිකන් ලම්ප්‍රයිස් එක හරි ම අපරාදයක්. කොටින්ම කිව්වොත් මේකේ චිකන් නැහැ. තිබුණේ චිකන් දාපු කට්ලට් දෙකක්. අනික බත් එක පුදුම විදියට වේලිලානේ. සීනි සම්බල් එකයි, අළු කෙසෙල් පැහියයි, බටු මෝජුවයි සේරම එකට ඇලිලා ගුලි හැදිලා, ඒ හැඩේට ම වේලිලා. එක්කෝ මේක දවස් ගාණක් පරණ එකක්. නැත්තන් දවස් ගාණක් වුණත් තියාගන්න පුළුවන් විදියට හදපු එකක්. මොනවා වුණත් අපරාදේ සල්ලි ටික. මොකද ෆැබ් එකෙන් ගන්න ලම්ප්‍රයිස් එකත් ඔයිට වැඩිය හොඳයිනේ.

සාරා ගත්ත සීෆුඩ් ඩිෂ් එකත් කියන්න තරම් හොඳක් නැහැ. ළාවට සීසනින් කරපු මාළු ටිකක් පෑන් ෆ්‍රයිඩ් කරලා විතරයි. ටාටර් සෝස් එක සෝයි සෝස් එකක් වගේ.

අපි ගත්ත බීම දෙක නම් අපට හොඳට ම අල්ලලා ගියා. Copacabana (රු.468) එක හරියට වර්ජින් පින කොලාඩා එකක් වගේ. යෝගට් එකකට කිට්ටු රසකට මික්ස් වෙච්ච, අන්නාසිවල ඇඹුල් රසකුයි, පොල් කිරි රසයි තමයි මේකේ තියෙන්නේ. මාරම රිෆ්‍රෙෂින්.

Cucumber Contessa (රු. 358) එකත් මරු. පිපිඤ්ඤාවලින් මේකට මාර කූල් ගතියක් එකතු කරලා තියෙනවා. ඉඟුරුවලින් ඒකට දෙන කික් එකත් මරු.

සර්විස් එක

සූරිය විලේජ් එකේ සර්විස් එක ගොඩක් හොඳයි. අපේ කෑම ටික මේසෙට එන්න ගත වුණේ විනාඩි 15ක් වගේ. අනික ස්ටාෆ් එකේ අයත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි.

අවසාන වශයෙන්

එක්කෝ සූරිය විලේජ් එකේ ඉස්සර තිබුණු ගැම්ම දැන් නැති වීගෙන යනවා. එහෙමත් නැත්තන් අපි ගියේ වැරදි දවසක. අපේ මේ අත්දැකීම මේ විදියට සවුත්තු වෙන්න දෙන්න පුළුවන් ඔය හේතු දෙකෙන් එකක් තමයි. හැබැයි ඒ මොනවා වුණත්, පැයක් දෙකක් චිල් එකේ ඉන්න නම් මේක නියම තැනක්. ඒ විතරක් නෙවෙයි, ඔය ඉන්න ගමන් පොතක් පතක් කියවන්න, පාඩුවේ තමතමන්ගේ ඔෆිස් එකේ වැඩක් කරගන්න පුළුවන් විදියේ වාතාවරණයක් මෙතැන තියෙනවා.


TIP

Try the pavlova.

Address

49, Skelton Road, Colombo 05

Directions

Right before Havelock City's entrance from Skelton Road, Colombo 05.

Contacts

Facebook Website

Report Inaccuracy

Similar Places

User Reviews
R
7

2/5

0

Ravi

Good ambiance mediocre food. Small potions and unrealistic prices.

M
1

2/5

0

menike31

They charged me for what I didn't consume. Menu doesn't indicate what goes in to the dish. I had a disgusting experience. I don't recommend this pace to anyone. And way over priced.

R
7

2/5

0

Ravi

Good ambiance mediocre food. Small potions and unrealistic prices.

M
1

2/5

0

menike31

They charged me for what I didn't consume. Menu doesn't indicate what goes in to the dish. I had a disgusting experience. I don't recommend this pace to anyone. And way over priced.

K
1

5/5

0

Kavanr

Wonderful atmosphere, especially at night under the fairy lights! Great music, food and drink done with the best of ingredients. Try the Roast Lamb and the Lamb Rice. And a different mocktail each time you visit.

K
1

4/5

0

Kishani Fernando

Mulligatawny is a must try ! Definitely got the right balance of spices infused into this richly flavored soup perfect for a rainy day.

N
1

5/5

0

Nutsyj

Great ambience and amazing food!

Avatar for Imaad
7

2/5

0

Imaad

Overpriced. The worst burger I've ever paid Rs 1200 for. They have a few dishes they do really well, but this was just unacceptable.

See 14 Comments