Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

3/5

The Station

1/41 Wasala Road, Dehiwala


When it comes to value for money, The Station is pretty difficult to beat. They tick all the right boxes with their ambience, service and food.



දෙහිවල, ගල්කිස්ස පැත්තෙ බීච් එකේ අඩුවට බොන්න තැනක් හොයද්දි මුලින් ම මතකොට එන නම් කීපයෙන් එකක් තමයි ස්ටේෂන්. කාලෙකින් යන්නත් බැරිවුණ නිසා අපි ගිය සතියෙ හැන්දෑවක මේ පැත්තෙ ගියා.

තැන

මේ හරියේ තියෙන බීච් රෙස්ටෝරන්ට්වලින් බූබා වගේ තැන්වලට වඩා ටිකක් ෆැමිලි ෆෙන්ඩ්ලි තැනක් හැටියට තමයි ස්ටේෂන් එක ගොඩදෙනෙක් දන්නෙ. රෙස්ටෝරන්ට් එකේ තට්ටු දෙකට අමතරව බීච් එකෙත් ටේබල් දාලා තියෙනවා. බීච් රෙස්ටෝරන්ට් එකකට ඇවිල්ලා ගොඩට වෙලා ඉන්නෙ මොකටද; අපිත් ගියා බීච් එකේ තියෙන ටේබල් එකකට.

කෑම බීම

අපි ගත්ත කොක්ටේල් තුනටම මදි නොකියන්න ඇල්කොහොල් නම් දාලා තිබුණා. හැබැයි ඒ එකක්වත් මේ ගාණට නම් වටින්නෙ නෑ.

ලෝං අයිලන්ඩ් අයිස් ටී (රු. 1300++) කියන්නෙ කොහොමත් ඉතිං කණ පැලෙන්න වදින කොක්ටේල් එකක් නෙ. හැබැයි මේක ලෝකල් ලිකර් එක්ක එන නිසා අැල්කොහොල් රස සෑහෙන්න දැනෙනවා.

මොකක් හරි හේතුවක් හින්දා සෙක්ස් ඔන් ද බීච් එකේ (රු. 890++) අර බබල් ටී එකේ ටැපියෝකාවලින් එන රස වගේ රසක් එනවා. මේකේ නම් ඇල්කොහොල් රස දිවට දැනෙනවත් අඩුයි.

රම්, ක්‍රීම් ඩි කැසිස් එක්ක දෙහි දාලා හදන ෆ්‍රීඩම් එකෙත් (රු. 850++) හොඳට රම් රසක් එනවා. හැබැයි මේකේ ඇඹුල් රසත් එක්ක බොන්න අවුලක් නෑ.

අපි ඉල්ලපු පෝක් රිබ් එකයි පෝක් බෙලි එකයි දෙකම තිබුණෙ නැති නිසා අපට ගන්න වුණේ බ්ලැක් පෙපර් පෝක් (රු. 695++) එකක්. බ්ලැක් පෙපර් කීවට ෆිෂ්/ ඔයිස්ටර් සෝස් එකේ රස තමයි වැඩිපුර තිබුණේ. හැබැයි හැද්දෙන් පොඩ්ඩක් කලවම් කරද්දි අඩිය හරියේ නම් ළා ගම්මිරිස් රසක් තිබුණා. ගොඩක් වෙලාවට පෝක් ඉල්ලපුවම වැඩිපුර හම්බවෙන්නෙ තෙල් කෑලි වුණාට මේකෙ නම් තෙල් කෑල්ලක් බෙහෙතකටවත් හොයාගන්න නෑ; අපි හිතුවා වැරදිලා පෝක් වෙනුවට චිකන් දාලද කියලත්. හැබැයි බ්ලැක් පෙපර් රසක් එච්චර නැති වුණාට මේකේ රසත් හොඳයි.

තායි රයිස් එක (රු. 650++) මික්ස් මීට් එක්ක වගේ ම සීෆුඩ් එක්කත් ගන්න පුළුවන්. මෙයාලා වැඩිපුර ප්‍රසිද්ධ සීෆුඩ්වලට නිසා අපි ගත්තේ සීෆුඩ් එක.

රයිස් එකේ ඇලෙන ගතියයි, තායි මිස්ක් එකේ රසයි හොඳට තිබුණට සීෆුඩ් කෑලි නම් එච්චර තිබුණෙ නෑ. හැබැයි මේක තුන්හතර දෙනකුට කන්න පුළුවන්.
අපි ඩෙසර්ට් එකට ගත්තෙ බ්ලූබෙරි චීස් කේක් එකක් (රු. 420++). අපි කාපු හොඳම චීස්කේක් එක කියල කියන්න බැරි වුණත් මෙයාලගේ අනිත් කෑමත් එක්ක බලද්දි මේක සෑහෙන්න හොඳයි. කේක් එකේ ටිකක් ඩෙන්ස් ටෙක්ස්චර් එකක් තියෙන්නෙ. බ්ලූ බෙරි රස හොඳට තියෙනවා.

සර්විස් එක

අපි ඉල්ලපු සමහර ජාති නොතිබුණ එක ඇරෙන්න සර්විස් එකේ අවුලක් නම් නෑ. අපි ඇතුල්වෙද්දි ම වේටර් කෙනෙක් ඇවිත් අපට මේසයක් තෝරලා දුන්නා. වැඩි වෙලාවක් ගියෙත් නෑ කැම ටික මේසෙට එන්න. අපට හම්බ වුණු වේටර් මල්ලි නම් කෑම ගැන විස්තර කියන්නත් දන්නවා.

අවසාන වශයෙන්

කෑමබීමවල ලොකු වරදක් කියන්න නැති වුණත් ගාණ නම් හොඳට ම වැඩියි. විශේෂයෙන් සර්විස් චාර්ජ්, වැට් එහෙම එකතුවෙලා එද්දි මේ ගාණට මීට වඩා සෑහෙන හොඳ කොක්ටේල් බොන්න පුළුවන්. බීච් එකේ ඉඳගෙන කන්න බොන්න පුළුවන් එක ඇරෙන්න අපට නම් ආපහු මෙතනට යන්න තරම් විශේෂ හේතුවක් නෑ.


TIP

All you really need is their HBC and a few cool beers to sit and chill.

Address

1/41 Wasala Road, Dehiwala

Directions

This is basically at the very of Marine Drive which has now been extended to Dehiwala. If you're coming through Galle Rd, turn to Wasala Rd from the William Grinding Mills Junction.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Chinese Thai

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Fried Rice Pork Cuttlefish Beer

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 34 Comments