Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

The Station

1/41 Wasala Road, Dehiwala


When it comes to value for money, The Station is pretty difficult to beat. They tick all the right boxes with their ambience, service and food.



වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආයෙ.. ස්ටේෂන් එකම තමා යාළු!

කෙටියෙන් ම කිව්වහැකි ඉතින්. ඒත් කමක් නෑ කතාවම කියන්නම්කො.

ඔන්න පහුගිය දවසක අපේවුන් දෙතුන් දෙනෙක්ට හදිස්සියෙ බොන්න ඕන වෙලා තැනක් හෙව්ව. ඒකත් මගේ පිටින් ම තමයි ගියේ. ඊටත් කට්ටියට බීච් ප්ලේස් එකක් ම ඕන කිව්වනෙ. ඉතින්... මම හොයල හොයල ලයින් කළේ ‘ද ස්ටේෂන්’ එකයි, ‘බැරකියුඩා’ එකයි.

“ම්ම්... අවුලක්මත් නෑ නේද බං. ස්ටේෂන් එක හොඳ වෙයි මං හිතන්නෙ. මොකද මම ගිය මාසෙ බැරකියුඩා පැත්තට ගියා යාළුවෙක් එක්ක”

පුදනකොටම කාපි යකා කියල එකෙක් දැම්ම වචනෙ ඉස්සරහට.

දැන් හරිනෙ. තැන් දෙකෙන් මොන එකටද යන්නෙ කියන ප්‍රශ්නෙනෙ එන්න තිබ්බෙ. ඒකත් සෝට් අවුට්නෙ.

ඊට පස්සේ.. සනික ආපු වීල් එකකට තුන්දෙනා ම ගොඩවුණේ තිබ්බ අඩුපාඩු තිබ්බ ටිකකුත් මගින් අරගෙන ම අදාළ ස්ථානයට යන්න හිතාගෙන. එතකොට එක පාර වැඩේ ලේසියිනෙ.

කොහොම හරි... ඔය ටික බැලන්ස් කරගෙන අපි එතනට යනකොට හැන්දෑවෙ 7ත් පහු.

“ෂැහ්! සද්දෙ පටන් අරගෙන බං. අපි පරක්කුද මංදා.”

“නෑ නෑ. තාම පටන් ගත්ත විතරයිනෙ බ්‍රෝ. යමංකො යමංකො ඇතුළට”

දෙපැත්ත බලල රේල් පාර පැන්නට මොකද ඇත්තටම ඒක හිතල කරපු එකක් නම් නෙවෙයි, පුැරුද්දනේ... ඊටත් ෂුවර් නෑ ඉතින්, අපිට කොච්චි නැතත් ඩක්කුවක් හරි පත්තුවෙන සීන් එකක්නෙ තියෙන්නෙ. පාර පැනල වෙරළට අඩිය තිබ්බත් හරි ඔන්න, ෆුල් වෙල්කම් එක.

“ගුඩ් ඊව්නින් සර්. අප්ස්ටෙයාර්ස් යනවද, බීච්ද?”

“බීච් බීච්”

කිව්වත් හරි ඔන්න අනික් පැත්තට සේවක මිත්‍රයෙක් අපේ ඉස්සරහින්ම.

“සර් මෙතන?”

“ඔව් මෙතන හොඳයි.”

“සර් බොන්න, මොනවද...?”

“අපිට.. පරණ අරක්කු බෝතලයක් ගේන්න. ඒකයි, කෑමට මික්ස් රයිස් (රු. 800) එකක්.”

“ම්ම්… බයිට් එකට මොනවහරි පෝර්ක් එකකුයි, හොට්බටර් කට්ල්ෆිෂ් (රු. 950) එකකුයි වගෙත් ගමු නේ බං”

“ආ... ඔව්නෙ. බයිට් එකට, ඒනම් පෙපර් පෝර්ක් (රු. 900) එකකුයි එච්බීසී එකකුයිත් දාන්නකො. සැන්ඩි සෝඩා හොඳේ”

කොල්ල ඕඩරේ අරගෙන පියාඹල ගියේ. ගිහින් ඒ අනික් පැත්තට පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු ඔක්කොම ගෙනැල්ල මේසෙ හැදුව. ඊටපස්සෙ ඔන්න අරක්කු සැන්ඩි ටිකත් සනික මේසෙ උඩට. ෂැහ්, බලන්න එපැයි අපි නිකමට බෝතලේ කැඩුව එක ෂොටක් ළාවට දාගන්න කියල. කොහෙද, මෙන්න බොලේ බයිට් ටිකත් පේලියට මෙසෙට එනව කියන්නකො. ඇත්තටම සර්විස් එක නම් සුප්ප ඈ..

හැබැයි වැඩේ කොට උඩ ගියේ ඒවයින් කට දෙක කද්දි තමයි.

කිව්වට විශ්වාස කරන්න යාළු රයිස් එක මේසෙන් තිබ්බට පස්සෙ අපි එච්චර හිතුවෙ නෑ. ඊටත් චිලිපේස්ට් ගෙනැල්ල තිබ්බෙත් නෑනෙ. ඒක ඇවිල්ල කලවමේ කටක් දෙකක් කද්දිනෙ, චැහ් තුක්! කියන්න, ආයෙ නිකම් බත් එකේ රස විතරයිනෙ. දාලා තියෙනව ලූනු කොළ වගයක් කපල කපල තැනින් තැනට. ඊට පස්සෙ බිත්තරයක් ම වගේ කැරලි වෙන්න දාලා කොහොමහරි. අනිත් ඔක්කොම ගැඹුරු තෙලේ බැදල තමයි. හීනියට ඉරපු චිකන් කෑලි වගයකුයි, ඉස්සො දෙතුන් දෙනෙකුයි, දැල්ලො පොඩි කෑලි වගයකුයි, සොසේජසුයි. අනේ මන්දා මං හිතුවෙම පෝර්ක් ටිකක්වත් තියෙයි කියල. කොහෙද? වැඩක් නෑ කියල හොඳේ. හැරත් ඒකෙ සයිස් එකවත් ලොකුවට ගෙනෙන්. එහෙමත් නෑනෙ!

රයිස් කන්න බැරි තැන ගත්ත පෙපර් පෝර්ක් එක. හපොයි, පුතේ! වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඒක ගම්මිරිස් නම් තමයි. හැබැයි ඉතින් එච්චරමයි. මොනවහරි සෝස් ටිකක් දාලා තියෙනව. ආයෙ ලූනුයි, අමු මිරිස් කරලකුයි. ඒ වෙලාවෙ නම් අවංකයෙන්ම සන්තෝස වුණා යාළු, අරක්කු බෝතලයක් ගත්ත එක ගැන. මොකද පළවෙනි පාරට බයිට් එකේ රස කැපෙන්න අරක්කු ටිකක් හලාගත්තෙ.

ඒත් අවංකයෙන්ම කියන්න ඕන, ඒ හොට් බටර් කට්ල්ෆිෂ් එක නම් සෑහෙන්න හොඳයි. හොඳ ෆ්‍රෙෂ් එකට හදල තිබ්බ. බැටර් එකත් රස පදමට බටර් එහෙමත් දාල, ලුණු ගම්මිරිස්, මිරිස් පදමත් නූලට තියෙන්න… ඒ විතරක් නෙවෙයි, හොඳ අලුත් තෙල් ටිකක තමයි බැදල තියෙන්නෙත්. අනික මාළු මිරිස්, රතු මිරිස් ටිකකුත් උඩින් දාලනෙ.

අන්තිමට කොහොමහරි එච්බිසි. එක වාෂ්ප වුණා. බෝතලෙත් ඉතින් කොහොමහරි ගැහුව. හැබැයි මාමෙ මතක ඇති කාලෙක නම් ආයෙ…?

නෑ හොඳේ!


TIP

All you really need is their HBC and a few cool beers to sit and chill.

Address

1/41 Wasala Road, Dehiwala

Directions

This is basically at the very of Marine Drive which has now been extended to Dehiwala. If you're coming through Galle Rd, turn to Wasala Rd from the William Grinding Mills Junction.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Chinese Thai

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Fried Rice Pork Cuttlefish Beer

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 34 Comments