Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

The Vege Way

Diyatha Uyana, Battaramulla


The Vege Way is one of the latest additions to the clustered stalls of wholesome foods, beverages and knick knacks that is the Good Market.



වෙජි වේ කියන්නේ බත්තරමුල්ලේ ගුඩ් මාකට්හි කෑම, බීම අලෙවිහල් අතර‍ට එකතු වී තිබෙන අලුත්ම තැන. ඔවුහු විකුණනවා සැර-ලුණු රස පිටි කෑම, බිත්තර නැති කේක හා සෝයා අයිස්ක්‍රීම් ආදිය.

ගුඩ් මාකට් කියන්නේ දැන් අපි ඉතා ප්‍රිය කරන තැනක්. බ්‍රහස්පතින්දා හැන්දෑවට එහි ඇවිද  ඉංග්ලිෂ් කේක් කොම්පැනියෙන් ලෙමන් සහ ලයිම් ටාට්, පැනිනෝ වෙතින් පැනිනි සහ  'ෆයර්ස්ටාටර්' නයි මිරිස් සෝස් බෝතල් එහෙම අරගෙන අපි ගෙදර යන්නේ හරි සතුටින්. එහි හොඳ අලෙවිහල් ගණනාවක් ම තිබෙනවා. ඒ අතරින් අපේ ශුද්ධ වූ ත්‍රිත්වය තමයි ඉහත දැක්වූයේ.

වෙජි වේ කියන්නේ මේ පවුලට එකතු වෙන අලුත් තැනක්. ඔවුන් බිත්තර නැතිව සකසන ලස කප් කේක්, ටෝෆු රැප්ස් (tofu wraps) සහ සෝයා අයිස්ක්‍රීම් පිරිනමනවා. සෞඛ්‍යසම්පන්න ආහාර සඳහා මෙතැන කදිම තැනක්. ඔවුන්ගේ ටෝෆු රැප්ස් අති විශිෂ්ටයි. ඔබට මහත රොටියක ඔතන ලද, තක්කාලි සෝස්වලින් පොඟවන ලද ව්‍යංජන රසින් යුත් ‍මෘදු ටෝෆු ගොඩක් කන්න පුළුවන්. ටෝ‍ෆු කියන්නේ ලංකාවේ කුස්සිවල අඩුවෙන් පිසෙන දෙයක්. එය මස් වෙනුවට රසවත්, සෞඛ්‍ය සම්පන්න විකල්පයක්. හොඳට පිසුවොත් එය රසයි.

වෙජි වේ බිත්තර රහිත කප් කේක්වලට මම නම් එතරම් කැමැත්තක් නැහැ. සමහර විට ඒ මම එහි යන විට චොකලට් රස කප් කේක් විකිණී අවසන් වී තිබුණු නිසා වෙන්න ඇති. ඔබ දැඩි නිර්මාංශාහාරිකයෙකු හෝ සෞඛ්‍යය ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්නකු නො වේ නම්, 'විෂ්'හි විකුණන ස්වීට් විෂස් හා ඉංග්ලිෂ් කේක් සමාගමේ නිෂ්පාදන වැනි වඩා රසවත් කැවිලි ගුඩ් මාකට්හි තිබෙනවා.

වෙජි වේ විසින් අපේ අර ප්‍රියතම ත්‍රිකෝණය චතුරස්‍රයක් බවට පත් කරන්නේ නැහැ. ඒත්, එය ඉතා හොඳයි.‍ එහි සැර-ලුණු රස කැවිලි කාලා බැලිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තව තවත් කෑම වර්ග හා රසයන් එක් වෙයි කියලා. ටෝෆු රැප් එකේ රොටිය තව මෘදු වෙනවා නම් හොඳයි. තව හමස් හා (hummus and falafel) එක් විය යුතුයි කියාත් හිතෙනවා. ඔවුන්ට පුළුවන් මෙතැන තව දියුණු කරන්න.

අපට අමතක වුණා මිළ ගණන් හරියට ම සටහන් කර ගන්න. කප් කේක් හා ටෝෆු රැප් සඳහා ගිය වියදම රු. 330ක්. 

TIP

The soy ice cream (which we didn't try) seems to be one of their main selling points, so if you do visit grab a scoop.

Address

Diyatha Uyana, Battaramulla

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open 12 Noon to 8 PM on Thursdays, other days by order

Price Range

Less than 200

Dish Types

Vegetarian

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments