Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

4/5

The Waffle Cafe

No A-14, Perehara Mawatha, Colombo 2.


A great place to get some delicious savory waffles as well as some sweet ones.



ඔන්න වෙනදා වගේ පුරුදු විදියට අපේ අයිෂා ඔෆිස් එකට ආවා; හැබැයි අලි බඩගින්නේ. හොඳට කන්න පුළුවන් තැනක් ගැන හිතහිතා ඉද්දී තමයි එයාට වොෆල් කැෆේ එක ගැන දැනගන්න ලැබුණේ. බඩගින්නක් තිබුණේ නැතත්, වොෆල් කන්න තියෙන පෙරේතකමට ම, මාත් අයිෂා එක්ක ගියා.

තැන  

මේක තියෙන්නේ කෝට්ටේ පාරේ. එච්චර ලොකු ඉඩකඩක් නම් නෑ. හැබැයි හරි ම පිරිසිදුයි, පිළිවෙළයි. එක සැරේට දහපහළොස් දෙනෙක්ට ඉන්න පුළුවන් තරමට ලී පුටු මේස දාලා තිබුණා. ළාවට ඇහෙන මියුසික් එක ඇරෙන්න මහ ලොකුවට සද්ද බද්ද ඇත්තෙත් නැහැ.

කෑම බීම  

අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, මෙහෙ තියෙන්නේ වොෆල්. සැර රසට ඕනේ නම් එහෙමයි, පැණි රසට ඕනේ නම් ඒත් එහෙමයි. ජාති දෙකෙන් ම වොෆල් ජාති මේ කට්ටිය ළඟ තියෙනවා. ඒ විතරක්යැ, වෙජි අයව බඩගින්නේ තියන්නත් මෙයාලා ලෑස්ති නැහැ. ඒ කට්ටියට මෙනුවේ වෙනම ඉඩක් දීලා. බීම විදියට තියෙන්නේ කෝපි සහ ජූස් වර්ග.

චීස් තියෙනවනම් පෝලිමේ මුලින් ම හිටගන්න මම, ඒ නිසා ම ඕඩර් කළේ “බුවොනෝ බෝල්ස්” (රු.750) වොෆල් එකක්. මේකේ තිබුණේ ඔරිජිනල් බෙල්ජියන් වොෆල් එකක ගතිය. ඇත්ත ම කිව්වොත් මෙච්චර කාලෙකට මේ රසෙන් බාගයක්වත් රස ඇති වොෆල් එකක් අපි කාලා නැහැ. ඒ තරම් නියමයි. ළා කරස් සද්දෙන් හැපෙන්නේ. මේකේ උඩ සෝස් තවරපු මීට්බෝල්ස් හතක් ම තිබුණා. ඒ ටික වැහෙන්න පාමේසන් චීස් කුඩු යහමින් දාලා. පට්ට ම රසයි.

අපි දෙන්න ම වෙජිටේරියන් නෙවෙයි. ඒ වුණාට පොඩ්ඩක් එයින් එකකත් රස බලන්න ඕනේ කියල හිතුණු නිසා ම අයිෂා “ද ක්වැක්”(රු.700) එකක් ඕඩර් කළා. වෙජිටේරියන් අයට විතරක් නෙවෙයි, කටට සැරට කන්න කැමති උදවියට ගැලපෙන සුපිරි වොෆල් එකක් තමයි මේ. පට්ට සැර රස චිලී සෝස් එකක් මේකේ තිබුණා.

මේකට මේ ද ක්වැක් කියන නම දීලා තියෙන්නේ ඒකෙ තියෙන “මොක් ඩක්” නිසා. සාමාන්‍යයෙන් මොක් ඩක් කියන්නේ තාරා මස්වල රසයි, හැඩයයි තියෙන වෙජි කෑමකටනේ. ඒ වුණාට පළවෙනි කට කෑව ගමන් අපට හිතුණේ මේ ඇත්තම තාරා මස් කියලා. මොකද ඒ තරම් කිට්ටු රසක් මේකේ තිබුණේ. එක ම වෙනස ඇත්ත තාරා මස්වලට වඩා මේවයේ පොඩ්ඩක් මෘදු ගතිය වැඩියි.

ද ක්වැක් වොෆල් එකේ සැර ගතිය යන්නත් එක්ක අපි ස්වීට් වොෆල් මෙනුවෙන් කැරමල් ෆජ් (රු.560) එකකුයි, ලෙමන් ක්‍රීම් (රු.520) එකකුයි ගත්තා.

කැරමල් ෆජ් එක හුඟක් රසයි. නියම කැරමල් රස ඇති සිරප් එකක් මේකේ තිබුණා. හැබැයි මේ වොෆල් අර කලින් කාපුවා වගේ නෙවෙයි. ගොඩක් ගනකමයි. වටෙන් කරවෙලා තිබුණට ඇතුළෙන් ගොඩක් මෘදුයි. කටවල් හතර පහක් කද්දී බඩ පිරෙන සයිස්. ඒවට කියන්නේ ලීජ් වොෆල්ස් කියලා. ඒ නිසා සිරප් වැඩිවෙන තරමට තමයි මේකේ රස වැඩි වෙන්නේ. අපට ලැබුණු සිරප් ටික නම් හොඳට ම මදි.

ලෙමන් ක්‍රීම් එකත් අවුලක් නැහැ. කාගෙන යන්න පුළුවන්. ඒත් මේ ක්‍රීම් එකේ ලෙමන් රස තිබුණේ ළාවට. මේ වොෆල් එකටත් තව ලෙමන් ක්‍රීම් ලැබුණනම් තමයි වැඩිය හොඳ.

අපි ඕඩර් කරපු ලාටේ කෝපි කෝප්පේ ගැන නම් ඒ හැටි සතුටක් නැහැ. කිරි තිබුණේ යාන්තමට. යන්තමට පෙණ තිබුණු මේකෙන් ආවේ එස්ප්‍රෙසෝ එකක රස.

ඉන්න ගමන් අපි ලයිම් ජූස් එකකත් රස බැලුවා. ඒකෙත් කියන්න තරම් ලොකු අවුලක් නැහැ. ඔහේ බීගෙන යන්න පුළුවන්.

සර්විස් එක

අපි මෙහෙට යද්දී රෙස්ටෝරන්ට් එක පටන්ගෙනත් සතියක් නැහැ. ඒ වුණාට හරි ම ස්මූත් විදියට වැඩ කටයුතු ටික වෙනවා දැකගන්න ලැබුණා. කෑම බීම ටික මේසෙට එන්න ගියේ විනාඩි 10ක් වගේ. වැඩ කරන අයත් හරි ම මිත්‍රශීලියි.

අවසාන වශයෙන්

ඔරිජිනල් රසට බෙල්ජියන්, ලීජ් වොෆල්වල රස බලන්න කැමති නම්, සැකයක් නැතුව වොෆල් කැෆේ එකට යන්න. ගෙවන ගාණට කිසිම පාඩුවක් නැතුව කන්නත් පුළුවන්නේ.


TIP

The Chili Prawns are to die for!

Address

No A-14, Perehara Mawatha, Colombo 2.

Directions

It's right at the middle of Perehera Mawatha to your left, overlooking the Beira Lake.

Contacts

Facebook E-Mail

Report Inaccuracy

This place has closed down

Cuisine

Sri Lankan Fusion European

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Waffles


Similar Places

User Reviews
R
1

2/5

0

Ru

The order took more than one hour . Very disappointing service . Would not recommend to anyone.

P
1

1/5

0

podi_ekaa

Absulate disgusting service, under staffed, takes an age to deliver. Make sure you leave atleast 40 mins plus for you to receive your food.

R
1

2/5

0

Ru

The order took more than one hour . Very disappointing service . Would not recommend to anyone.

P
1

1/5

0

podi_ekaa

Absulate disgusting service, under staffed, takes an age to deliver. Make sure you leave atleast 40 mins plus for you to receive your food.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

See 5 Comments