Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

The Wild Wok

No 124, S. De. S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda


A great option for make your own noodle and rice bowl in Nugegoda



කොහුවල හංදියේ වයිල්ඩ් වොක් එක දාලා තවම  වැඩි කාලයක් නෑ. මෙතන අපට ඕන ජාති තෝරලා අපි කැමති රහට නූඩ්ල්ස් හදවගන්න පුළුවන්.

කොහුවල හංදියේ ඉඳන් නුගේගොඩ පැත්තට මීටර් 100ක් විතර එද්දි තමයි වයිල්ඩ් වොක් එක තියෙන්නෙ; බිග්බයිට් එකට අල්ලපු බිල්ඩිම. ලොකුවට බෝඩ් ගහල තියෙන නිසා හොයාගන්න අමාරු නෑ.

තැන පොඩි වුණාට ඇතුල ලස්සනට හදලා තියෙනවා.

කෑම

අර සබ්වේ එකේ එහෙම වගේ මෙතනත් තියෙන්නෙ තමන් කැමති නූඩ්ල්ස්, එළවළු, මස්මාළු, සෝස් ජාති තෝරලා තමන්ට ඕන විදියට තමන්ගෙ කෑම එක හදාගන්න.

මුලින් ම ප්‍රෝටීන් ජාතිය තෝරන්න ඕන: චිකන්, බීෆ්, ඉස්සො, දැල්ලො, වීගන් හෝ වෙජිටේරියන් අයට නම් ටොෆු තෝරගන්න පුළුවන්. ඊට පස්සෙ නූඩ්ල්ස් හෝ රයිස් වර්ගය. ඊගාවට එළවළු ජාති දෙකකුත් එක්ක සෝස් ජාතියකුයි ටොපින් එකකුයිත් තෝරගන්න ඕන.

අපි ගිය දවසෙ නම් සමහර සෝස්, ටොපින් ජාති ගන්න නෑ කීවා. අපි ගත්තා බීෆ් (රු. 540) එක්ක යූඩොන් නූඩ්ලස් එකක් (යූඩොන් නූඩ්ල්ස් එකේ ගාණ සාමාන්‍ය නූඩ්ල්ස්/ රයිස්වලට වඩා රු. 150ක් වැඩියි); බක් චෝයි සහ මෂ්රූම් දාලා, ලංකන් ෆික්ස් සෝස් එක දාලා; ඊට උඩින් ෆ්‍රයිඩ් අනියන්.

චිකන් (480) ෆ්‍රයිඩ් රයිස් එකට දැම්මේ බ්‍රොකලියි බෙල් පෙපරුයි; ස්වීට් හීට් සෝස් එක ටිකක් සැරයි කියපු හින්දා ඒකෙන් ටිකයි ශ්‍රී ලංකන් ෆික්ස් එකෙන් ටිකයි දාන්න කීවා. උඩින් බුල්ෂයි එකක් දැම්මා.

බොන්න ගත්තෙ කිං කොකනට් විත් ලයිම් (රු. 180).

ළා සුපී ගතියකුත් එක්ක එන යූඩෝන් නූඩ්ල්ස් එක මාර රසයි. බීෆ් කෑලිත් හයිය නෑ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් කිව්වම අපේ ඔළුව එන ගානට ලුණු, තුනපහ දාලා නැති වුණාට මේ සෝස් එකේ ළා ස්පයිසි ගතිය මේකත් එක්ක මරුවට සෙට් වෙනවා. උඩින් දාපු බැදුපු ලූනු කෑලි ටිකත් එකතු වුණා ම පට්ට!

ෆ්‍රයිඩ් රයිස් එක නූඩ්ල්ස් එකට වඩා පොඩ්ඩක් විතර ස්පයිසි වුණාට අර මුලින් හිතපු තරම් සැරක් නම් නෑ. බෙල්පෙපරුයි, බ්‍රොකලියි, උඩින් දාපු බුල්ෂයි එකයි එක්ක එකතු වුණාට පස්සෙ, මේ ගාණට අපි කාලා තියෙන හොඳම ෆ්‍රයිඩ්රයිස්වලින් එකක් තියන්න පුළුවන්.

ළා දෙහි රසකුත් එක්ක ආපු තැඹිලි එකේ එකම අවුල කූල් නැති එක තමයි.

මේ‍ ටික කාලා ඉවරවෙද්දි  හොඳට ම බඩ පිරිලා තිබුණත් අපි පෙරේතකමට ෆලුඩා (රු. 380) එකකුත් ඕඩර් කළා. කසකසා ඇට එහෙම හොඳට දාලා හදල තිබුණු ෆලුඩා එකත් සෑහෙන්න රසයි. ඕනවට වඩා පැණිරසත් නෑ. රෝස් සිරප් එකත් ගානට.

සර්විස් එක

අපි ගිය දවසේ සමහර එළවළු, ටොපින් ජාති නැති වුණාට මොකද, කවුන්ටරේ හිටපු එක්කනා අපිට ඒ ඒ අයිටම් එකට හරියන්නෙ කොයි වගේ ටොපින්ද, ඒ ඒ සෝස් එකේ සැර කොහොමද වගේ ඔක්කොම විස්තර කියලාදුන්නා. කෑම ටික මේසෙට එන්න නම් පැය බාගයක් විතර ගියා. හැබැයි සර්විස් එක මාර ෆ්‍රෙන්ඩ්ලි.

අවසාන වශයෙන්

නුගේගොඩ, කොහුවල පැත්තෙ ආපු වෙලාවක නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් බඩගින්නක් ආවොත් මේ පැත්තෙ ගිහිං බලන්න. හැබැයි ඉතිං හදිස්සියේ දුවන්න බලාගෙන නම් නෙවෙයි, යාළුවෙක් එක්ක චැට් එකක් දාගෙන පැය බාගයක් විතර ඉඳලා නිවී සැනසිල්ලෙ රසට කන්න බලාගෙන යන්න.


TIP

Get the Spicy Noodle thing. It's good.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

No 124, S. De. S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda

Contacts

Instagram

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment