201, Galle road, Bambalapitiya
Open until 10:00 PM
A great place to eat rice & curry and tasteful Sri Lanka Chinese.
“මෙහ්! පල්ලෙහා තට්ටුවෙ කොට්න් කලෙක්ෂන් එකටත් පොඩ්ඩක් යන්න ඕන හොඳද”
“හෑ…
බොල බඩගිනියි යකෝ මට. උදේට කාලත් නෑ.”
“හරි හරි ඉතින් දැං උදේට කන වෙලාවක් නෙවෙයිනෙ. කෙළින්ම උදේටයි දවල්ටයි දෙකටම, එකට කමු”
“බෝ නං කියයි. හා හා යමංකො. හැබැයි හොඳ කඩේකට එක්කං ගිහින් බඩ පැළෙන්න කන්න අරන් දෙන්න ඕන හොඳද?”
“හරි හරී… ඉතින්”
තවත් පැය බාගයකට විතර හිත හදාගත්ත මම පොඩ්ඩක් හරි සැනසුනේ ‘බඩ කට පිරෙන්න කන්න ලැබෙනවනේ’ කියල. ඊටත් කන්න යන කඩේ මට ම තීරණය කරන්න ලැබුන එක නම් ලොකු දෙයක්. නැත්නම් ඉතින් දන්නවනෙ, ගෑනු ළමයි එක්ක ගියාම කන්න වෙන්නෙ එක එක සුකුරුත්තන් කෑමනෙ.
කොහොම හරි... ෂොපින් පාර ඉවර වෙද්දි දවල් 12ත් පැනල. එම්. සී. එකෙන් එළියට බැහැපු ගමන් මම කලේ අරයවත් ඇදගෙන විශාකා පාර පැත්තට යන්න ගත්තු එක. නැත්නම් තව එකක් මතක් වෙලා ආපහු ඇතුළට ගියොත්... මට බඩගින්නෙ මැරෙන්නනෙ වෙන්නෙ.
වෙලාවට කිලෝමීටර බාගෙ විතර දුරට වෙන කඩ සෙට්වුණේ නෑ. දෙයියනේ කියල ඒකෙන් ඔන්න දෙන්න විනාඩි 5ට විශාකා පාරට ළඟ.
‘සප්පේ! තේජාන් එක...’ ඈත තියල පෙනෙද්දි ම මගේ තොල කට ලෙව කැවෙන ගානයි. ‘අතීත මතක ගොන්නත් එක්ක, දෙන්නම් ජම්බො අද!’ හිතා ගත්තු මම පාර පැනල හෙමින් සැරේ එබුණා කඩේ ඇතුළට.
ආ… වෙනසක් වෙලා නෑ. ඉස්සර වගේමයි. දවල්ට කෑමට සෙනඟ කණ පැලෙන්න.
“අපි උඩට යමු නේ”
“හා..”
පඩිපෙළ නැගල උඩ තට්ටුවට ගොඩවුණු අපි වැඩේ පටන් ගත්තෙ සේවක මිත්‍රයගෙ සුහදශීලි හිනාවත් එක්කමයි.
“මෙනු බලන්න දෙයක් නෑ අයියෙ. බැදපු මාළු (රු. 100) රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 200), බීෆ් කරියකුයි (රු. 300) ගෙන්න මෙයාට. මට… මික්ස් කොත්තුවක් (රු. 400) දාන්න. දෙන්නට බොන්න දිවුල් එකකුයි (රු.150), අඹ එකකුයිත් (රු. 150) දාන්න හොඳේ”
පරණ මතකයෙන්ම ඕඩරේ දැම්ම මම මූණ අතපයත් හෝදගෙන ඇවිල්ල වාඩි වුණා.
“යකෙක් කන්න බඩගිනියි අප්පා. කතා කරන්න එපා නගෝ, මම නම් ආපු ගමන් කාගෙන කාගෙන ගියා හරිද?”
කියල කටගන්න වුණේ නෑ මෙන්න...!
රයිස් ඇන්ඩ් කරි එකනෙ ආවෙ. මොනව කරන්නද, කොත්තුව එනකම් මේකෙන් හරි කනව. බීෆ් ටිකකුත් බෙදාගෙන මම බැස්ස වැඩේට. ඔන්න දැන් අරය ඒ පැත්තෙන් දෙසනව මම මේ පැත්තෙන් දෙසනව.
ආයෙ ඉතින්… තුන්වෙනි හතරවෙනි කට විතර කද්දි තමයි මට මතක් වුණේ රස!
කිව්වට විශ්වාස කරන්න යාළු පංකාදු බීෆ් එක. කරිය වුණාට හරියට ඉස්ටුව වගේ. සැර, තුනපහ එහෙම නූලට. ඊටත් ඒ හොද්දත් හොඳ ඝනේට තියෙනව. වැඩිය ඕන නෑ පරිප්පු ටිකක් එක්ක කලවම් වුණාම… ඒක ම ඇති බත් ටික කන්න. අනික බීෆ් කෑලි එහෙමත් මිරිස්, තුනපහේ පදම් වෙලා රස නහර පිනා යන්න තියෙනවනෙ. විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ පරිප්පු එක තරමක් හින්දල නිසා කිරි රස හොඳ හැටි ඉස්මතු වෙනව. නොකිව්වට බත් එකේ මෑකරල් තෙල් දැමුමත් සුපිරි. මොකද ඒක තෙලට දාලා ඊට පස්සෙ තුනපහ, කිරි දාලා උයලත් එක්කනෙ. රාබුත්… මම එච්චර නොකෑවට රස ඇති මගෙ හිතේ. මොකද අරය කෑවා ඒකෙ ඔක්කොම. ආයෙ ඉතින් ටොප් එකටම තිබ්බෙ කරවිල සම්බෝලෙ. මගෙ ආසම කෑමක්. කරවිල බැදලා, ලූණු, මිරිස් අඩුම කුඩුම ටික දාලා දෙහිත් එක්ක කලවම් කරල අරගෙන… ඇත්තටම ඒක නම් සුපිරම කටගැස්ම ඈ… එහෙම කිව්වට බත් එකට බැදපු මිරිස් පපඩමුත් තිබ්බ. අනික බැදපු මාළු කූරිය හිටියෙන පාළු මකන්න. ගැඹුරු තෙලේ ගාණට බැදපු බෝල්ලෙක්. කටුත් නෑ, රසත් උපරිම…!
ඔය අතරට කොහොම හරි මගේ කොත්තුවත් ඇවිල්ල තිබුණෙ. බත් එක කාලා ෆුල් වෙලා ඉඳපු නිසා ගෑනු ළමය නම් වැඩේට බැස්සෙ නෑ. හැබැයි මම.. ඉතින් දන්නැද්ද. මස් හොදි පොඩ්ඩක් එහෙම දාගෙන!
කියල වැඩක් නෑ යාළු. උණු උණු කොත්තුවෙ කන කන කටක් කටක් ගාණෙ මොකක් හරි මසක් මාළුවක්. ඔන්න මුලින්ම කාපු කටේ පදමට ෆ්‍රයි වුණු තඩි බීෆ් කෑල්ලක්. ඊට පස්සෙ ඉස්සෙක්. ඒ අතරට බැදපු මාළු කෑල්ලකුත් හැපුණා බඩ කට පිනා යන්න. වැඩේ කියන්නෙ අන්තිම වෙද්දි චිකන්, දැල්ලො එහෙමත් එක දිගට. අනේ මන්දා මෙයාලා මේ කොත්තුව කොහොම හදනවද කියල, රොටියෙ ඉඳන්ම සුපිරි රසක්නෙ. හැබැයි කොත්තුවෙ පොඩි අවුලකුත් නොතිබ්බම නෙවෙයි. මොකද ටිකක් කාගෙන කාගෙන යන කොට ලා සෝස් රසක් ටිකක් වැඩිපුර එන ගතියක් තිබ්බ.
ඒක කැපිල ගියේ කූල් වෙලා මේසෙට ආපු ජූස් එකෙන්. අඹ එක එහෙම ෆුල් ෆෙෂ්. අයිස් ක්‍රීම් නොදාපු නිසා අඹ රසම හොඳටම. ඒ වගේම තමයි දිවුල් එකත්. හොඳට ඉදිච්ච ගෙඩියක් නිසා සීනි එහෙම ඕන නැතිම ගාණයි. වැඩේ තියෙන්නෙ එච්චර රස වෙලත් ජූස් එක බීගන්න බැරි වෙච්ච එකනෙ.
හැලය වගේ කාලා කාලා… හ්ම්… කියාගන්න බෑ. කොටින්ම කියනව නම් අත හෝදන්න ගියෙත් විනාඩි 5ක් 10ක් ඉඳල, ඕං..!
සිංහල “මෙනු බලන්න දෙයක් නෑ අයියෙ. බැදපු මාළු රයිස් ඇන්ඩ් කරි එකයි, බීෆ් කරියකුයි ගෙන්න මෙයාට. මට… මික්ස් කොත්තුවක් දාන්න. දෙන්නට බොන්න දිවුල් එකකුයි , අඹ එකකුයිත්දා න්න හොඳේ”
සිංහල ෂහ්! ටොප් ආ... අවංකයෙන්ම, කනව නම්, අන්න රයිස්. ආයෙ මේං කියල අඩුවක් නෑ. විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස් එකක තියෙන්න ඕන රයිස්, ෆ්‍රයිඩ් වෙච්ච රස එහෙම නියම ගානට.
Open until 10:00 PM
Cuisine
Asian Western Sri Lankan Street Food Sri Lankan Chinese Fast Food
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Vegetarian Kottu Rice And Curry Fried Rice Beef Chicken Fried Chicken Fish Cuttlefish Wraps Parata Short Eats Hoppers Bites Roti
Ratings Breakdown
4/5
Santhush Peiris
Rated 4/5