Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Thuna Paha

150 D/1/1 Piyadasa Hewavitharana Building, High Level Rd, Nugegoda


Thuna Paha does alright rice and curry. Ironically, they lack thuna paha and other spices.



එක පාරට ම!

පුටුවෙන් නැගිටල මෙන්න කතා කරපි බත් කන්න යන්න. ළඟ කඩේකටලු. පෝකුත් තියෙනවලු. අනේ යංලු…

ආයෙ බෑ කියන්නද යාළු. හැරත් පෝකුත් තියෙන එකේ, මමත් කල්පනා කළා ඔන්න ඔහෙ යන්න කියල. ඒ කල්පනා කරල, සනික හරි බරි ගැහිලා බැස්ස එයත් එක්කම පල්ලෙහාට.

ඒ බැහැලා ඉස්සරහට යද්දිනෙ, මෙයාට එනව කෝල් එකක් ඈ...

“ආ... මිස් මම ඇවිල්ල ඉන්නෙ. මේ... පික්මි එක ඉස්සරහ”

බැලින්නම් මේ අලියා දාලා කියන්නකො අර නුගේගොඩ පාලමට යටට යන ටිකට වීල් එකක්. හරියටම මීටර 500යි. මට නේද...

“අන්ගොලියො, දැං කෝමද කියාංකො ඒ මනුස්සයගෙ මූණ බලාගෙන අතනින් බැහැල යන්නෙ. හප්පේ... මාව නං හොයන්නෙපා, ඕං බැස්ස දිව්ව ඈ...”

“ඔයා ඉන්නකෝ... මං ඒක බලාගන්නංකෝ…”

කියල... නැග්ග වීල් එකට,

බැස්ස අනික් පැත්තට!

හැබැයි බැස්සත් හරි... මම කෙළින්ම ආයෙ, පඩිපෙළෙත් බාගයක් ගිහින් තමයි යාළු හැරුණෙ. 

“යමං යමං ගොනෝ, බල බල ඉන්න එපා” විශ්වි එනව වෙඩි කාපු ඌරා වගේ. ආයෙ ෂුවර් එකටම අර මනුස්සයට මළ පනින්න ඇති.

ඇත්තටම ඒ බය වෙච්ච බය විල්ලට, දෙන්න කඩේට ම ගොඩවෙලා තමයි හරිහැටි හුස්මක් කටක් ගත්තෙ. “හප්පේ..”

“හරි හරි. මෙහ්, දැන් කියන්නකො මොනාද කන්නෙ කියල?”

“කන්නෙ? කන්නෙ නෙවෙයි තව පොඩ්ඩෙන්. හ්ම්... ඔන්න ඔය පෝක් රතු බත් එකක්ම ගන්නකො මට. එළවළු... පරිප්පුයි, මුරුංගයි, කොළ මැල්ලුනුයි වගේ”

“හා... ඒනං මං ගන්නව සුදුබත් ඉස්සො එකක්. සෝයයි, බෝංචියි, පරිප්පුයි එක්ක.

මෙහ්, නිකමට වගේ ගමුද චිකන් කරියකුයි, පෝර්ක් ඩෙවිල් එකකුයිත්. ඒ රස පාටයි හලෝ...”

“හා හා, ගමු ඉතින්” පෝක්නෙ, මමත් පස්ස ගැහුවෙ නෑ,

හ්ම්...

ඕඩරේ දාලා ඔන්න පන් වට්ටියෙ නෙළුම් කොළේට එවෙලෙ ම බෙදෙන බත් දෙකත් අරගෙන අපි දෙන්න ගියා මැද්දෙම තිබුණු මේසෙකට. ගිහින් වාඩි වෙලා එහෙම, පටන් ගත්ත හෙමින් සැරේ දෙසාබාන්න.

“ම්… නරකම නෑ නේ.. හැබැයි මං හිතපු තරම් ඉස්සො එක හරි නෑ අනේ. අනේ මංදා, කිරි රසයි, මිරිස් තුනපහ ටිකයිත් ගාණටම වගේ. ඒත් මං හිතන්නෙ ඉස්සො ෆ්‍රෙෂ් නැද්ද කොහෙද. ඒකයි අර හරි ම රස එන්නෙ නැත්තෙ. ඒත් බලන්නකො මේ සෝයා එක. ඒක නම් මරු ඈ.’. අර සෝස් දාලා ඩෙවිල් එකට වගේ හදල තියෙන්නෙ. සැරත් ගාණටම වගේ හලෝ. මං නං හරි ආසයි මේ විදියට සෝයා කන්න.

වැඩේ කියන්නෙ බෝංචි එකත් හොඳයි, හැබැයි බෝංචි ටික හරියට තැම්බිලා නෑ. අර කිරි රහ හොඳට තියෙන නිසා කනව මිසක්…”

කට දෙක බඩට දාගන්න ගමන් විශ්වි සියලුම විස්තරේ ඇද බෑවා.

ඒත් ඉතින් අපේ නෑනෙ එහෙම ගතිගුණ. ආයෙ බත් එකෙන් බාගයක් යනකම් කතා නෑ. රස වුණත් එකයි නැතත් එකයි. හැබැයි ඉතින්, කිව්වට මගේ එකෙත් තිබ්බ මුරුංගා එක එහෙම හරිහැටි තැම්බිලා නෑ යාළු. නිකම් කිරි රස විතරයි. පරිප්පුව නම් හින්දල නිසා හොඳ රසක් තිබ්බ. කෙහොම වුණත් කොළ මැල්ලුම නම් ටොප්. හොඳ ෆ්‍රෙෂ් එකට, පොල් එහෙමත් දාලා, ගානට මළවල. ඒ විතරක් නම් බැරියැ, ඒකට අමුමිරිස්, ගම්මිරිස්, ලුණු ඇඹුල් ටිකත් නියම ගානට දාලනෙ.

අන්න ඒකට පෝක් එක! අයියෝ හිතා ගන්න බෑ ඒකට, එහෙම වුණේ කොහොමද කියල. කොහොමහරි හොද්දෙ තියෙන මිරිස්, තුනපහ, මස්කරි, ඉඟුරු සුදුළූණු රස පදම මුකුත් මසට අල්ලල නෑ. මගෙ හිතේ මෙයාලා කලබලේට බාලද කොහෙද. ආයෙ ඇරපු අතක් නෑ, චිකන් එකටත් ඒ සෙතේමයි.

වැඩේ කියන්නෙ, අර රස පාටයි කියල ගත්ත පෝක් ඩෙවිල් එකනෙ. චැහ්, තුක් කියන්න, ඒක මෙලෝ රහක් නෑ. මිරිස්, ගම්මිරිස් අඩු පාඩු තියා ලුණු ඇඹුල්වත් නෑ ඒකෙ. කිරි ගහට ඇන්න වගේ කිව්වහැකි, ෆ්‍රීසර් එකේ තිබ්බ පෝක්, අයිස් ගතිය යන්න කලින් උයන්න අරගෙන.

ඇත්තටම ඉතින් අපරාදෙ ඈ එහෙම. කලබල නැතුව පිළිවෙළට ඉව්ව නම් පංකාදු බත් එකනෙ!

Address

150 D/1/1 Piyadasa Hewavitharana Building, High Level Rd, Nugegoda

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment