Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Toby's Estate

Galle Road, Dehiwala-Mount Lavinia, Sri Lanka


Toby's Estate in Mount Lavinia is a very cosy hangout that serves okay-food that's a little on the pricey side - this international franchise is still best known in Colombo as a coffee stop rather than for its dine-in.



රෑ බෝවී ගල්කිස්සේ සිට රත්මලාන දෙසට රිය පදවාගෙන යන අයෙකුට දකින්න ලැබෙනවා අලුත්, ආලෝකවත් කරන ලද, නෙත් ඇදගන්නාසුළු ගොඩනැඟිල්ලක් හෝටල් පාරට ඔබ්බෙන්. එහි Toby's Estate යන දෙවදන සිමෙන්තියෙන් බිත්තියේ මතු කර තිබෙනවා. කාටද බොලේ මේ රත්මලානේ වත්තක් තිබෙන්නේ? අප සොයා දැනගත්තේ එය ඕස්ට්‍රේලියානු බොජුන්හල් ජාලයක ලාංකික ශාඛාව බව.

මෙවැනි වෙළඳ ජාලවල දේශීය ශාඛා දැන් කොළඹ මෝස්තරය වෙලා. නිදසුන් තමයි, බ්‍රෙඩ්ටෝක්, බාස්කින් රොබින්ස්, කොෆී බීන් ආදිය. TGI Fridays පවා ලංකාවට ව්‍යාප්ත වෙන්න යනබව කියනවා.  මම නම් පෞද්ගලිකව හිතන්නේ මෙවැනි ආනයනික බුබුළු විසින් කරනු ඇත්තේ දැනටමත් ඕනෑවට වඩා ඇති සාමාන්‍ය තත්වයේ භෝජන සංස්කෘතියට එකතුවීම පමණයි. ඕස්ට්‍රේලියානු බොජුන්හල් ජාලයක ලාංකීය ශාඛාවක් කියන්නේ එතරම් බලාපොරොත්තු තැබියහැකි එකකැයි නොසිතුවත්, යමු වගකීමෙන් බැඳී මම එහි ගොඩවුණා ටෝබිත්, එයා‍ගේ වත්තත් බලන්න.

පැතලි සිමෙන්ති තලයක් වන එහි ඉදිරිපසින් ඔබ්බෙහි එහි ඇත්තේ පැරණි මන්දිරයක්. එහි බොහෝ ඉඩකඩ තිබෙනවා. වෙනම කැෆේ ප්‍රදේශයක්ද, සැන්විච් හා කෝපිහලක්ද, වායුසමනය කරනලද හා නොකරන ලද භෝජන ප්‍රදේශයන්ද, විසල් තරාසයක්ද (terrace), උද්‍යාන ආසනද, පෞද්ගලික කුටිද, ඉහළ මාලයේ සංගීත කාමරයක්ද එහි තිබේ. ඕනෑවට වඩා වැඩි වගේ පෙනුණාට මේ පෙදෙස් එක් අවකාශයකට එක්වෙමින් හොඳින් විහිදෙනවා. මෙහි ඇතුළත බම්බලපිටියේ, ගාලු පාරේ ඔබට හමුවන CASA Colombo ව‍ගේ. ඒත්, කැසාහි විලාසිතාව වෙනස්.

මෙහි ඇතුළත ප්‍රසන්න වගේම සේවාවවනුත් හොඳයි. කාර්යමණ්ඩලය අව්‍යාජවම උනන්දුවෙන් යුක්තයි. ඔවුන්ගේ අවධානය නිසා ඔබට මේ ස්ථානය ගැන ඇතිවන්නේ කැමැත්තක්. එය විවෘතවී තවම දින කීපයක් පමණයි. එහෙත්, මම දැක තිබෙනවා මුල් දිනයේ පටන්ම සේවාවන් වරද්දාගන්නා අවන්හල්. මෙතැන කොහොමද?

ඇතුළත ප්‍රසන්න වූ පමණින් හෝ කාර්යමණ්ඩලය සිනාමුසුවූ පමණින් හෝ කැපී පෙනෙන පෙනුමෙන් හෝ පමණක් බොජුන්හලක් හොඳ වෙන්නේ නැහැ. ආහාර නම්වන කාරණය තමයි, අතිශයම වැදගත්. කැෆේ එකකදීනම් කෝපිත් වැදගත්. අවාසනාවට වගේ එය ඉතා උණුසුම් රාත්‍රියක්. ඒ නිසා කෝපි ඇණවුම් නොකළ බැවින් ඒ ගැන මොකවත් කියන්න බැහැ. අපි තුන් විදියකට පිසිනලද මාළු දීසි තුනක් ඇණවුම් කළා.  එකක් රු. 1100යි. සියුම් බොජුන් මෙනුවෙන් ඇණවුම් කළ බ්‍රොකොලි රු. 700යි. එය ඇත්තෙන්ම පරිකල්පනයෙන් තොරව තෝරාගන්නා ලද බටහිර දීසිවලින් සැදුම්ලත් මධ්‍යම මට්ටමේ භෝජන මෙනුවක්. මිළ සාධාරණයි. රු. 700- 1200 අතර. ආහාර විශිෂ්ට නැහැ. මාළු වර්ග තුනම අධික ලෙස ලුණු දැමූ අධික ලෙස පිසින ලද ඒවා. පැස්ටානම් ප්‍රසන්න ලෙස ක්‍රීම්ගතියෙන් යුක්තයි. ඒත්, සුවිශේෂ නැහැ.

ටෝබිගේ වත්ත කොළම භෝජන සංස්කෘතිය ‍විප්ලවීය වෙනසකට ලක්කරන තැනක් වේ යයි බලාපොරොත්තු තබන්න බැහැ. ඒත්, කාර්යබහුල ගාලුපාරෙන් ඔබ්බේ පිහිටි මූලිකව කැෆේ එකක් වන තැනක් වන මෙය පත්තරයක් කියවන්න, කතාබහකට, විවේකීව කාලය ගතකරන්න සුදුසු තැනක්. එහි හොඳ තත්වයේ වයිෆයි කලාපයකුත් තිබෙනවා. මිළෙනුත් සාධාරණ නිසා ආහාරවලට වඩා තත්වයෙන් උසස්  කෝපි තිබෙනවානම් මෙතැන දකුණු කොළඹ උපනාගරික ජීවන තත්වය උසස් කරන්න හේතුවන තැනක් වේවි.

TIP

Toby's is now also at Arcade Independence Square.

Address

Galle Road, Dehiwala-Mount Lavinia, Sri Lanka

Directions

From Colombo towards Mount Lavinia, the restaurant is on your right just past Cargills Food City, and opposite Pintaliya Road.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
T
1

1/5

0

Tc

Horrible food (bland and not tasty at all), horrible gutter smell, took us an hour to order our food and receive it, poor service (we had to ask for a menu). At least one of the staff had the courtesy to apologize.

S
1

2/5

0

Sandya

This place use to be a very good place now it seems to be ignored. Waiters doesn't care the customer order, I had to go ask remind the bill after waiting for so long…

S
1

5/5

0

slinky

also the awesome fish n chips dish too

T
1

1/5

0

Tc

Horrible food (bland and not tasty at all), horrible gutter smell, took us an hour to order our food and receive it, poor service (we had to ask for a menu). At least one of the staff had the courtesy to apologize.

S
1

2/5

0

Sandya

This place use to be a very good place now it seems to be ignored. Waiters doesn't care the customer order, I had to go ask remind the bill after waiting for so long…

S
1

5/5

0

slinky

also the awesome fish n chips dish too

S
1

5/5

0

slinky

love this place so much and its our fav hangout too… food is great and the always cater to our expectations… i will recommend this place to anybody who loves a serene dining experience or coffee place best for cheesecake lovers, great pies, and all… definitely better in terms of taste compared to most of the other places… HBC is unbeatable in this place and the ICE caramel latte… :D

See 33 Comments