Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Traditional Puppet Art Museum

Anagarika Dharmapala Mawatha, Dehiwala


The ‘rukada’ figures have been handcrafted by traditional puppet artists with remarkable attention to detail.



ස්ටාර්ක් දරුවන්ට වියපත් නැන් (Game of Thrones) වටින්නේ යම් සේද මට මගේ ආච්චි අම්මා වටී. ඔවුන් දෙදෙනාම භයානක කතන්දර කුඩා ළමයින්ට කියාදීමේ සුපිරි දස්කම් දැක්වූ අයයි. මගේ ආච්චිගේ දක්ෂතාවය වූයේ ඇහැළේපොළ පවුල මරාදැමීමේ ලේ වැකුණ දීර්ඝ කතාව අලංකාරයෙන් කීමයි. ඒ නිසාම මම සාම්ප්‍රදායික රූකඩ කලා කෞතුකාගාරයට ඇතුල්වූයේ මගේ ආච්චි මා තුළ ඇතිකළ බියත් සමගමයි. මෙහි ඇති රූකඩ වලින් ඇහැළේපොළ පවුලේ ඉරණම ඇතුළු ප්‍රසිද්ධ කතා හතක්ම පෙන්වා දෙයි.

ප්‍රදර්ශන ශාලාව පිහිටා ඇත්තේ දෙහිවල සත්තු වත්තට කිට්ටු ගොඩනැගිල්ලක. මම සෙනසුරාදා හවසක එහි යනවිට කාර්ය මණ්ඩලය ලෙස එහි සිටියේ එකම එක තරුණියක් පමණයි. ටිකට් එකක් රුපියල් 50යි. (ඔබ මෙහි ඡායාරූපද ගන්නේ නම් ටිකට් පත රුපියල් 100යි.) රූකඩ තුළින් කතාන්දර කීමේ වියැකී යන සම්ප්‍රදාය රැකීම සඳහා පවත්වා ගෙන යන ස්ථානයට අය කරන්නේ ඉතාම සුළු මුදලක්.

සාම්ප්‍රදායික රූකඩ නිර්මාණ ශිල්පීන්ගේ අත්වලින් ඉතාම සවිස්තරව මෙම රූකඩ නිර්මාණය කරල තියෙනවා. තමන්ගේ හිස දන් දුන් රජෙක්, තමන්ගේ දරුවන් දන් දුන් නිර්ලෝභී කුමාරයෙක්, තමන්ගේ තරබාරු, මිටි, කැත ස්වාමියාව රවටන ලස්සන කාන්තාවක් යන මේවා රූකඩ මගින් විහිදුවා දක්වන සමහර චරිත කීපයක්.

අවාසනාවකට හැම ප්‍රදර්ශන භාණ්ඩයක්ම ලේබල් කරලා තියෙන්නේ සිංහලෙන් විතරයි. මට කිව්වා සාමාන්‍යයෙන් කෞතුකාගාරයේ නිර්මාතෘ පරිවර්තන කටයුතු සඳහා මෙතන ඉන්නවා කියලා. ඒත් මමනම් හිතන්නේ දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තන ලේබල් කරලා තිබුණොත් මෙතනට එන හැම කෙනෙකුටම හොඳයි කියලා.

මට තාම රූකඩ සංදර්ශනයක් බලන්න බැරි වුණා. ඒත් මම අහලා තියෙන්නේ නම් බාල, තරුණ, මහලු කොයි කවුරුත් රූකඩ සංදර්ශන වලින් ගොඩක් සතුටු වෙනවා කියලයි. රූකඩ සංදර්ශනයක් සූදානම් කර ගන්න නම් ඔබට කල් තියා ඒ ගොල්ලන්ට කතා කරන්න වෙනවා. සංදර්ශනයක් බලන්න එක්කෙනෙකුට රුපියල් 100ක් යනවා. ජන කතා 7න් 1ක් සංදර්ශනයකදී පෙන්වනවා.

අන්තිමට මේ ප්‍රදර්ශනාගාරයේ ආස හිතෙන විවිධ වෙස් මූණු සහ රූකඩ විකුණන්න තියෙනවා එකක් රුපියල් 1800 සිට ඉහළට.

එසේ නම්, පැය ගණනක් ගිනි අව්වේ ඉඳලා කූඩු කරපු අසරණ සත්තු බලන එක ඔබට හරි යන්නේ නැත්නම් තව මීටර් 100ක් විතර ඇවිදලා රූකඩ කෞතුකාගාරය බලන්නට නොයන්නේ ඇයි?

TIP

Call ahead before you visit to watch a puppet show.

Address

Anagarika Dharmapala Mawatha, Dehiwala

Contacts

Website

Report Inaccuracy

Open 9 AM to 5 PM throughout the week

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments