Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

3/5

Tropic Inn

30, Collage Avenue, Dehiwala, Mount Lavinia


Really good! Sri Lankan Chinese food ..



පොඩි පොඩි ඒව ඉස්සෙල්ල කියල ඉවර කරන්න එපැයි. ඒකයි මේකත් අර පහුගිය ඩිලිවරි කතාවටම ගැලපුවෙ.

ඔන්න අපි එදා දවල්ට කෑවනෙ බොරලැස්ගමුවෙ නෙළුම් කොලෙන්. ඒ මදිවට පසුතැවිලිත් වුනේ, ගිහිල්ල බෙදාගෙන කන්න සෙට් නොවිච්ච එකට. අන්න එදාම.. රෑ කෑමට මම ඇල්ලුව තවත් ඩිලිවරි පාරක්. හැබැයි ඒක නම් රයිස් ඇන්ඩ් කරි නෙවෙයි. කොත්තුවකුයි, බිරියානි එකකුයි. දන්න විදියට මවුන්ට් කිට්ටුව තියෙන ටොප්, පොඩි කඩයකින්. 

ම්ම්.. ඒකෙත් දෙයියනේ කියල ඕඩරේ එන්න නම් ඒ හැටි වෙලාවක් ගියේ නෑ. හැබැයි කන්න පටන් ගත්තාමනෙ, කොච්චර කිව්වත් යාළු ඔය චීස්, මස් අනං මනං ගත්තාම වෙලාවකට කාගන්න බැරුව යනවනෙ අප්ප. අනේ මන්දා කෑදරකම නිසාද, නැත්තන් වෙන කේස් එකක්ද කියල. කොහොම හරි පිඟන් 2ට බෙදපු බීෆ් චීස් කොත්තුවයි (රු. 550), බිරියානි (රු. 550) එකයි සෑහෙන්න ඉතුරුයි.

ඒත් රසවල් අතින් නම්…

පංකාදු පහයි හොඳේ.

බීෆ් කොත්තුවෙ දාලා තිබ්බ බීෆ් තොගයක් මම අහන්නෙ. ඇඟිලි පුරුකක් සයිස් කෑලි 8, 10ක් විතර. ඊටත් චීසුත් දාලා තියෙනව හොඳ හැටියට. අනික වටිනකම කියන්නෙ අර සමහරු දාන යෝගට් ඩ්‍රින්ක් නෙවෙයිනෙ මෙයාලා දාලා තියෙන්නෙ. ඇත්තම චීස්. ඒ හැරුණාම පදමට කැරට්, ලීක්ස්, තක්කාලි, අඩුම කුඩුම ටික එහෙමත් දාලා. එතකොට.. ගම්මිරිස්, ලුණු පදමත් නූලටම වගේ. ඒත් මට නම් හිතුණෙ තව අමුමිරිස්, ටිකක් වැටුණ නම් තමයි හොඳ කියල. මොකද එතකොට චීස් රසයි, හායි හූයි ගතියයි එක්ක උණුඋණුවට.. දෙසාබෑ හැකිනෙ කොත්තුව තලු මරමර. 

අන්න ඒකට බිරියානි එක. දෙයියනේ කියල කිසි වරදක් නෑ. චිකන් පලුවත් තිබ්බ නිකම් ගමකට ඇතිවෙන්න. හොඳ හැටි ගැඹුරු තෙලේ බැදල, ලුණු පොඩ්ඩකුත් ගලපල. ඒකෙ සයිස් එකත් අල්ලකට එහානෙ. ඒ විතරක් නෙවෙයි බතේ රසත් හොඳ හැටියට. හැබැයි මොකක්දෝ නෙදැනෙන අවුලක් තියෙනව, මොකද මට හිතුනෙම කෘතිම බිරියානි මික්ස් පාවිච්චි කරලවත්ද කියල බත රස කරන්න. මොකද ඒ තරමට රස හොඳේ. වැඩේ කියන්නෙ අර කජු, මුද්දරස් පලම් අඩුපාඩුත් මදි නොකියන්න ගලපල නිසා හිතා ගන්න බෑ මොකක්ද කේස් එක කියල. තම්බල බැදපු බිත්තරෙත්, චිකන් පලුව එක්ක තකට තක. ඒ අතරෙ පොඩි අන්නාසි කෑලි 2කුත් ඔන්න මැද්දෙන්ම. කොහොම වුණත් ඒකට එන රසම් එකයි, මීකිරි සලාදයයි එක්ක නම්… ආයෙ ඉතින්!

පෙර අකුසල කර්මයකටද කොහෙද බඩගින්න මගදි වාශ්ප වුණේ. නැත්නම් බලාගෙන ඉද්දි බඩු ඉවර වෙන්නෙ, ඕං. ඒ තරම් රස! 


TIP

Try Biriyani

Have you visited this place?

Write your own review!
Leave a comment