Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

2/5

Udayanga Restaurant & Bar (Ella)

Main Street, Ella


Just a restaurant & bar serving good food but nothing than that!



ම්... ඇත්තටම ඉතින් ලොකු දෙයකුත් නෑ කියන්න… ඒත් අර ගියපු එකේ, ඔයාලට දැනගන්නවත්!

මේකයි, අපි හැන්දැවෙලා තමයි ඔතනට ගොඩවුණේ. හරියටම කිව්වොත් අටත් පහු මගෙ හිතේ. ගොඩවෙලා ඉතින් අපි කෙලින්ම කිට්ටු කළේ රෙස්ට් එකේ උඩතට්ටුවට. මොකද එතනනෙ පබ් එක තියෙන්නෙ. ඊටත්, ඒක හරි ලස්සනට, පිලිවෙලට එහෙම හදපු තැන.

ඒත්... කිට්ටු කරල ගණන් හිලව් අහල බැලුවාමනෙ, කන් දෙකෙන් දුම් දැම්ම යාළු. අරක්කු 100 ෂොටක් රු. 500යි ලු. දෙයියෝ කොළඹවත් කියනවද කියන්නකො එහෙම ගණන්. ආයෙ... හැරෙන තැපෑලෙන් දෙන්නා පල්ලෙහා තට්ටුවට හොඳේ.

ඇවිල්ල කරල ඔන්න එතන ම ඇතුළෙ ප්ලේස් එකට සෙට්වුණා. සෙට්වෙලා... කයියකට ගැලපෙන්න හදද්දිම, සේවක මල්ලියෙක් අපේ මේසෙ ළඟ කියන්නෙ. ඉතින්... කෝකටත් හොඳයිනෙ කියල අපි ඕඩරේ දාලා හිටිය.

“ම්... මල්ලි අපිට බාගයක් ගේන්නකො, සෝඩා එකක් එක්ක. ඒකයි... බයිට්වලට මොනවද තියෙන්නෙ?”

“ඔය මෙනුවෙ තියෙන ටික තමයි” ටිකක් ආවට ගියාට වගේ ආපු උත්තරයක්!

‘කමක් නෑ, දවස ම වැඩකරල කොල්ලට මහන්සි ඇතිනෙ’ කියල, අපි ගත්ත මෙනුව බලන්න.

බොලේ... ඒකෙ හැටියට කන්න දෙයක් නෑනෙ. ඩෙවිල් වර්ග, රයිස් වර්ග, ඔම්ලට්, චිප්ස්... ඔන්න ඔය වගේ හත අටක් තියෙනව, එච්චරයි. වැඩේ කියන්නෙ දැන් බීම ඕඩර් කරලත් එක්කනෙ. ආයෙ නැගිටල යන්නත් බෑ. කරන්න දෙයක් නැති ම තැන කල්පනා කරල, කල්පනා කරල දැම්ම ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකක් (රු. 650). කෝකටත් ඉස්සෙල්ල එකක් ගෙන්නල බලන්න එපැයි. හදිස්සියෙවත් සෙට්වුණේ නැතොත්?

ඉතින්... අපි ඕඩරේ දාලා...

සුපුරුදු කයියට බහින ගමන්, අමුවෙන් ම ඔන්න ‘චියර්ස්’!

“ෂැහ්, අපරාදෙ හදිස්සිවුණේ ඈ. නිකම් කටත් එක්ක ඇදවෙලා ගියා”

ෂොටේ වීදුරුව මේසෙන් තියන්න හම්බවුණේ නෑ බයිට් එකත් මේසෙ උඩට!

උණු උණුවෙ.. තඩි මාළු පෙත්තක් දවටල බැදල, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක ලූනු, ගෝවා, ලුණු ඇඹුල් පදමට හදපු සලාදයකුත්... ම්... නරකම නෑ ආ...

කියල ගත්ත ෆ්‍රයිස් කෑල්ලක්...

“ෂහ්! හරිම ෆ්‍රෙෂ්නෙ. ලුණු ටික එහෙමත් ගානට. අපරාදෙ අපිට කියල ගෙන්නගන්න තිබ්බෙ. එහෙනම් තව මිරිස් ටිකක් එහෙමත් දාලා එවනව. අනිවා කුක් හිතන්න ඇති සුද්දන්ට කියල”

“ඒ... ඒක තමයි නේ බං. බලාංකො මේ මාළු වුණත් සැර පොඩ්ඩක්වත් ගෑවෙන්නෙ නැති වෙන්න හදල තියෙන්නෙ. නිකම් තම්බල බැදල විතරයි. හැබැයි ඒකෙත් අමුතුම ගතියක් නැත්තෙත් නෑ නේ?”

…..

ඔය විදියට ඉතින් දිගින් දිගටම වැඩේ නැගගෙන ආවෙ. ඒත්…

එක පාරටම අර සේවක මල්ලි ආවනෙ අපේ බිලත් අරගෙන. 

“අපි දහයට වහනව. ඕන නං අර එළියට ගිහින් බොන්න පුළුවන්”

මට නේද යාළු, ඒ වෙලාවෙ නං නහුතෙට නැග්ග හොඳේ. මුකුත් කියන්න ගියේ නෑ අර කාලා බීලා ඉඳපු නිසා.. ප්‍රශ්නනෙ!

පස්සෙ යාළුවගෙ වචනෙට අපි ලට්ටලොට්ට ටිකත් අරගෙන එළියට ආවා. ඒ එනකොට... එතන සුද්දොත් ඉන්නෙ හරි හරියට. බැලින්නම් මෙයාලා ලෝකල්ස්ලට විතරක් නෙවෙයි, ෆොරින්ස්ලටත් එහෙමයි සලකන්නෙ. එතනින් එහාට ඉතින් ඔයාලා තීරණය කරන්න, මේ වගේ තැන්වලට යන්න තියා ආයෙ හැරලවත් බලනවද කියල.

කොහොමහරි ඒ අතරෙ තව සිද්ධියක් වුණානෙ. අපි එළියට එද්දි අර සේවක මල්ලිත් ආවනෙ අපේ පස්සෙන් බයිට් පිඟානත් අරගෙන. මමත් එකපාරටම බැලුව මොකද හදිස්සියෙ මෙච්චර ආදරයක් කියල. කොහොමහරි කොල්ල ගෙනාපු පිඟාන මේසෙන් තියල, මෙන්න අපේ පැත්ත හැරිල දාපි හිනාවක්.

“අනේ සොරි අයියෙ. අවුලක් ගන්න එපා. අර අපේ ඇතුළෙ වැඩ කරන කැෂියර්...”

ලොකු කතාවක්!

ඒකෙ සාරාංශය..,

හරි හැටි මැනේජ්මන්ට් එකක් නැතුව දුවන, මේ රෙස්ට් එකට එන ගෙස්ට්ලා... වැඩි වෙලා ඉන්නෙත් නෑ, යනකොට සතුටින් යන්නෙත් නෑ කියන එක.

අනේ මන්දා ඉතින්, අපි එහෙම කරල අපේ රටවල්වලට එන සුද්දොන්ගෙන් හොඳ දෙයක් ආපස්සට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන්නකො,

ආ..?

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment