Artwork for Coke with food - top banner 1
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

4/5

Umbrella Art Cafe

Passara Road, Ella.


A small cafe along Passara Road in Ella ran by a lovely Russian couple.



අම්බ්‍රෙල්ලා ආර්ට් කැෆේ කියන්නෙ ඇල්ලෙ තියෙන තවත් පොඩි කෝපි කඩයක්. තරුණ රුසියන් කපල් එකක් තමයි මේක කරන්නෙ. පුංචි සිරිපාදේ කරුණාකරල දිවගිලෙන තිබහෙන් හිටපු අපිත් ආපහු යන ගමන් මෙතනට ගොඩවුණා, මොනව හරි බොන්න.

තැන

ඇල්ල හන්දියේ ඉඳන් පුංචි සිරිපාෙද පැත්තට යන පස්සර පාරෙ තමයි මේක තියෙන්නෙ. බිත්ති පුරා ඇඳල තියෙන පොඩ්ඩක් සයිකඩෙලික් පැත්තට බර ග්‍රැෆිටි නිසා දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්. අපි යද්දිත් අර රෂියන් කෙල්ල බිත්තිවල අලුතින් චිත්‍ර අඳිනවා.

කෑමබීම

කොමඩු ජූස් එක (රු. 250) ටිකක් වතුර පැත්තට බරයි. මම හිතන්නෙ වතුර ගතිය වැඩි කොමඩු ගෙඩියක් වෙන්න ඕන. හැබැයි කන්ද නැගලා බැහැලා දිවගිලෙන ගාණට හිටපු ඒ වෙලාවට නම් ඒක මාර රිෆ්‍රෙෂිං.

ලාටේ එකත් (රු. 280) ටිකක් වතුර පැත්තට බරයි. හැබැයි රසයි. කෝපි වර්ග ගැන මගේ දැනුම අන්තිම වුණත් මගේ යාළුවෝ ටික නම් කීවේ කැපිචිනෝ එක (රු. 280) මාර රසයි කියලා.

කෙසෙල් ගෙඩියක් වටේට එතිච්ච පෑන්කේක් එක උඩට දාපු චොකලට් සිරප් ටිකක් එකක් එන බනානා ෆැන්කේක් එක (රු. 350) නම් මරු. හදන්න ටිකක් වෙලා ගියාට මොකද උණුඋණුවෙ ම මේසෙට එන්නෙ, ඕන නම් මේක අයිස්ක්‍රීම් එකකත් ගන්න පුළුවන්.

පෑන්කේක් එකත් එක්ක බොන්න අපි ගත්තේ අර්ල් ග්‍රේ තේ (රු. 150) පොට් එකක්. මම වැඩිය තේවලට කැමති කෙනෙක් නෙවෙයි. ඒත් පොඩි පැඟිරි සුවඳකුත් එක්ක එන මේ අර්ල් තේ එකට නම් මමත් ආසයි. ලොකු කහටක් නෑ, හරිම ලයිට්.

සර්විස් එක

කොහොමත් මෙතන හදල තියෙන්නෙ ම වාඩිවෙලා ගොඩක් වෙලා ගතකරන අයට හරියන විදියට නිසාද කොහෙද කෑම බීම එන්නත් ටිකක් වෙලා යනවා. සැරෙන් සැරේ කවුරුත් ළගට ඇවිත් බලන්නෙත් නෑ, අපට මොනව හරි ඕන නම් මේසේ උඩ තියෙන පොඩි ගැජට් එකේ බොත්තම ඔබන්න ඕන. මෙතන එක කොනක මේසයක් තියෙනවා ටිකක් අනිත් මේසවලට වඩා වෙනස්; පොඩි එළිය අඩු ලයිට් එකක් දාලා, මේසේ පුරා සයිකඩෙලික් චිත්‍ර ඇඳලා. ඉතින් ඔයාටත් ලයිට් එළි දිහා, චිත්‍ර දිහා බලාගෙන, කෝපි බොන මිනිස්සු කතාකරන හිනාවෙන සද්දෙත් එක්ක මෙතන හැම තිස්සෙම වගේ ප්ලේ වෙන ට්‍රිපි මියුසික් එකක් අහගෙන පැය ගානක් වාඩි වෙලා ඉන්න ඕන වගේ හිතුනොත්, මම හිතන්නේ මෙතන ඒකටත් මරු.


TIP

A good place if you feel like sit and chill for hours.

Address

Passara Road, Ella.

Directions

About 800m on Passara road from Ella junction, Umbrella Art Cafe is on your right side.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open until 09:00 PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Salad Coffee Tea Fruit Juice

Cuisine

Fusion European

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4

Have you visited this place?

Write your own review!
Leave a comment