4/5

Unu Unu Tea Express

27, Jaya Road, Bambalapitiya


A tea stall down Jaya Road with some excellent Saffron Tea.


මේ දවස්වල කොළඹට අලුතෙන් ම එකතු වෙලා තියන කෑමබීම ට්‍රෙන්ඩ් එක තමයි ලස්සන ලස්සන පුංචි පුංචි තේ කඩ! මේ දවස් ටිකේම අලුත් අලුත් තේ කඩ, තේ ට්‍රක්ස් ගැන එහෙම අපි කිව්ව නේ. අදත් ඒ වගේ එකක්.

කොළඹට උණු උණුවෙ ම එකතු වුණ අලුත් තේ කඩයක් මේක. උණු උණු ටී එක්ස්ප්‍රස්.

තැන

උණු උණු ටී එක්ස්ප්‍රස් එක තියෙන්නෙ බම්බලපිටියේ ජයා පාරේ. මරීන් ඩ්‍රයිව් එක පේන දුරින්. තැඹිලි පාටින් ‘උණු උණු’ කියල ගහලා තැඹිලි පාට හට් එකක් එහෙමත් ගහලා තියන නිසා ඈතදිම පේනවා.

තේ

මෙතන තේ ජාති දෙකක් තියනවා. කාඩමම් ටී සහ සැෆ්රොන් ටී. මේ උඩ ෆොටෝ එකේ තියෙන්නෙ කාඩමම් ටී එක. (රු. 100) මේකෙ හොඳ කරදමුංගු රස එක්ක මික්ස් වුණු කහට ගතියක් තිබුණා. හැබැයි පැණි රහ නං පොඩ්ඩක් වැඩියි.

තේ දෙකෙන් වැඩිපුර අපෙ හිත ගත්තෙ සැෆ්රොන් ටී එක. (රු. 100) කාඩමම් ටී එක වගේ පැණි රහ වැඩි නෑ. සීනි දාල තියෙන්නෙ නියම ගාණට. ඒ වගේ ම කිරියි කහටයි එක්ක ස්පයිසස්වල රහ එකතු වෙලා ස්ට්‍රෝං ෆ්ලේවර් එකකුයි සුවඳකුයි හැදිල තිබුණා. හැන්දෑවක තොල ගාන්න කියාපු උණු උණු තේ එකක්.

සර්විස් එක 

මේ දවස්වල හැමෝගෙම සෞඛ්‍යාරක්ෂාව ගැන හිතලා මේගොල්ලො ටේක් අවේ සහ ඩ්‍රයිව් තෘ පහසුකම් විතරක් සපයන්න තීරණය කරලා තියනවා. 

අවසන් වශයෙන්

සැෆ්රොන් ටී එක සුපිරි! දැනට තියන තේ ජාති දෙක ඇරුණම තව තේ ජාති දෙක තුනක් මෙනු එකට එකතු කරගන්න මේගොල්ලන්ට පුළුවන් නං මරු.

Address

27, Jaya Road, Bambalapitiya

Contacts

Facebook Instagram E-Mail

Closed right now

Cuisine

South Indian Sri Lankan

Price Range

Less than 200

Dish Types

Tea



Latest