Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

4/5

Upali's

65 CWW Kannangara Mawatha (Town Hall), Colombo 7


Upali's does affordable and tasty Sri Lankan food.



ලාංකීය කෑම සිරා. එකේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ වුණාට අමුතුවෙන් කියන්න ඕනේ කොළොම්පුරේ ඉහළම තත්ත්වයේ ලංකාවේ කෑම සඳහා විශේෂිත රෙස්ටොරන්ට් අතළොස්සයි තියෙන්නෙ. ඇත්තෙම නැති තරං. හැමදාම දකින කුකුළගේ කරමලේ වගේ හැමතැනම පොඩියට බත් කඩවලින් ගන්න පුළුවන් එකේ මෙහෙම වැඩක් කරන්න කාටවත් හිතුණෙ නැතුව ඇති. අන්න ඒ තැන පුරවන්න ගත්ත උත්සහයක් තමයි Upali’s.

තැන

මෙතන ඇතුළේ ඉහළ මට්ටමේ රෙස්ටෝරන්ට් එකක වාතාවරණයක් තියෙනවා. ඉතින් හොඳ සැපපහසුවෙන් ඉන්න පුළුවන්. ලොකු විදුරු ජනේලවලින් හොඳ එළියක් එන අතරම තැනේ විවෘත ගෘහනිර්මාණය නිසා ඉඩකඩ හොඳට තියෙන ගතියක් තේරෙනවා. සේවයත් නරක නැහැ. වැඩිය යාළුකමක් නැහැ හැබැයි පට පට ගාල කෑම ගේනවා, පිඟන් අරං යනවා, මේස පිහිදානවා. වැඩ වැඩ වැඩ.

කෑම බීම

කෑම කෙළින්ම ලංකාවේ කෑම. චයිනීස් රයිස්, මොන්ගෝලියන් රයිස් අනං මනං නැහැ. ලංකාවේ බත්, ව්‍යංජන, රොටී, සම්බෝල, අතුරුපස තියෙන්නෙ. ඒ වගේම පෝක්, බීෆ් දෙකම මෙතන මෙනුවේ නැහැ.

අපි සෙට් මෙනු එක ගත්තා (රු.340). ඒ වගේම වෙනම තෙම්පරාදු බත් එකකුයි (රු.230), ගොටුකොළ සම්බෝලයයි (රු.250), එළුමස් කළුවට උයල (රු.900), කුකුල් මස් මිරිසට (රු.350) ඔර්ඩර් කළා.

සෙට් මෙනු එකනං නියමයි. නැගල යනවා. මේක ගත්තට කිසි පාඩුවක් නැහැ. බත් එක උණු උණුවේ එනවා. එක්කෙනුකුට කන්න හොඳටම ඇති. නියම ගාණට තැම්බිලා. මේකත් එක්ක පපඩම්, බැදපු කරවල, සහ ව්‍යංජන තුනක් ලැබෙනවා. අපිට එදා රතුඅල, අල සහ කැරට් ව්‍යංජන ලැබුණා. ඔක්කොම රසයි. මොකද උණුවෙන් ම තිබුණනේ.

තෙම්පරාදු බත් එකනං සෙට් මෙනු එකේ සාමාන්‍ය බත් එක තරං හොඳ නැහැ. ටිකක් වේලිලා තිබුණේ. ගිතෙල් දාල හදල තිබුණා කිව්වට ගිතෙල් දාල තිබුණ පාටක් තේරුණේත්  නැහැ. හැබැයි අනිත් ව්‍යංජන එක්ක කනකොට මේක ෂේප්. මේසෙට ආව බත් එක යාන්තන් දෙන්නෙක්ට ඇති. ඒ වුණාට ව්‍යංජන නං තුන්දෙනෙකුට කන්න තරං ආවා.

කළුවට උයපු එළුමස් එකනං පට්ට රසයි. මේකත් එක්ක බත් නැත්තං රෝස් පාන්ගෙඩියක් ගන්න පුළුවන්. අපි ආපු රෝස් පාන් එකට විතරක් නෙමෙයි, බත් පිඟන්වලටත් වග කිව්වෙ මේකෙන්. සිරාම කළුපොල් රසක් මේකේ තිබුණා. මෙළෙක් වෙනකං උයලා. කටු නැතුව ගන්නවනං 1150ක් වුණාට මේකෙ කටු නං අහුවුණේ නැහැ.

කුකුල් මස් කරියට නං හොඳ කෑලි ටික කටු නැතිව ඉල්ලපු කට්ටියට තියාගෙන අපිට කටුම විතරක් වගේ තමයි හම්බවුණේ. ඒ වුණාට හොද්දෙන් නං පාන් රාත්තලකට වගේ වැඩක් දෙන්න තිබුණා.

ගොටුකොළ සම්බෝලෙත් මාරයි. හොඳ අලුත් ගොටුකොළවලින් හදපු සම්බෝලයක් හොයාගන්න කොච්චර අමාරුද? එහෙම කාලෙක මෙහෙම නැවුම් ගොටුකොළවලින් හදපු සම්බෝලයක් ලැබෙන එක සැහෙන්න වටිනවා. පොඩි ළූණු කෑලි, මිරිස් කෑලි එක්ක නියම පදමට මේක ආවා.

පොල් සම්බෝලේකුත් අපි වෙනම ගත්තා. පොඩි මැටි භාජනේක ආපු මේ සම්බෝලේ ගැන වැඩිය අටුවා ටීකා ඕනේ නැහැ; පංකාදුයි.

තව අපි සීෆුඩ් සුප් එකකුත් ගත්තා. මේකත් සෑහෙන්න රසයි. හොඳ මුහුදු කෑම රසක් අපිට දැනුණා. සුප් කෙසේවෙතත් තව පාන් බාගයක් ගෙන්න ගෙන මේක ඉස්සෝ හොද්දකට අරගෙන කන්න කියලත් අපිට හිතුණා.

බොන්න අපි ගත්තේ Chandra’s Thirst Quencher එකකුයි (රු.320), Lime and Soda (රු.270) එකකුයි. Thirst Quencher එකේ තැඹිලි, පැෂන්ෆ්රුට් සහ මීපැණි දාල තමයි හදල තියෙන්නෙ. ඔක්කොටම වැඩිය පැෂන්ෆ්රුට් තියෙන්නෙ. පැෂන්ෆ්රුට් ජූස් එකක් වගේ. තිබහට ඇත්තටම සිරා. ලයිම් එකත් මරු. ලයිම් සහ සෝඩා දෙකම ගානට බැලන්ස් වෙලා හොඳ රසක් එනවා.

විශේෂයෙන් කියන්න ඕනේ උපාලිගේ කිරි පැණි එක ගැන. හොඳ කිරි හොයාගන්න දැන් ලේසි නෑ නේ. දෙහි වගේ ඇඹුල් කිරි තියෙන්නෙ. ඒ මදිවට පැණි කියල එන්නෙ සීනි වතුර. ඒත් මේ කිරි පැණි නං නියම භාණ්ඩේ. කිසි ඇඹුලක් නැහැ. නිකං කන්න පුළුවන්. පැණිත් නියම කිතුල් පැණි. පොඩ්ඩක්වත් සීනි රසක් නෑ.

අවසානයට

උපාලිගේ ලංකා කෑම ටිකක් ගණන් තමයි, ඒ වුණාට අපි හිතන්නේ ගානට වටිනවා. ගිනි ගණන් නෙමෙයි, අනික හොඳ වාතාවරණයක ඉඳල කන්න පුළුවන්. ඒක සෑහෙන්න දෙයක්නේ. හන්දියේ කඩේට වැඩිය සැබෑ වෙනසක්. ඒ වගේම හරි රසයි. නියම ගමේ ගෙදර රහ එනවා.

 


TIP

The veg set menu is a good deal for lunch (Rs. 250). The cardamom tea is very nice.

Address

65 CWW Kannangara Mawatha (Town Hall), Colombo 7

Directions

Upali's is on the road to Town Hall past the Alexandra Roundabout (where Horton Place and Nelum Pokuna meet).

Contacts

E-Mail

Report Inaccuracy

Open 11 AM to 11 PM, till Midnight on weekends

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
M
2

5/5

0

Maheshika

First time I went, I loved the food! The atmosphere was laid back and homely. Almost as if you went to your grandparents bungalow and the appu cooked up some wonderful curries and filled your tummy with authentic Sri Lankan home cooked food. I had the mutton black curry (superb) cuttlefish curry ( good), pol roti and katta sambol (great), godamba roti (good) and was stuffed to the brim. The server was very friendly and his service was excellent. Went there again with my boyfriends family and his little nephew and was extremely satisfied with the food. Loved the whole experience. This is defiantly home away from home.

T
1

5/5

1

Tharini Welikala

The food was very tasty. I loved it. Also I love to visit there more…

M
2

5/5

0

Maheshika

First time I went, I loved the food! The atmosphere was laid back and homely. Almost as if you went to your grandparents bungalow and the appu cooked up some wonderful curries and filled your tummy with authentic Sri Lankan home cooked food. I had the mutton black curry (superb) cuttlefish curry ( good), pol roti and katta sambol (great), godamba roti (good) and was stuffed to the brim. The server was very friendly and his service was excellent. Went there again with my boyfriends family and his little nephew and was extremely satisfied with the food. Loved the whole experience. This is defiantly home away from home.

T
1

5/5

1

Tharini Welikala

The food was very tasty. I loved it. Also I love to visit there more…

S
1

2/5

-1

Shazmin M

we experienced a fried worm in today's lunch. they accept the issue and the reply was "we cook more than 15 kg a day so there can be a worm".

the restaurant manager was missing in action, after we reported the issue and we called the chef to complain this. These kind of irresponsible behaviors cannot be accepted by these kind of restaurants.

Seems like a good business strategy by Nawalaoka, eat from Upali's by Nawaloka admit to Nawaloka hospital 😤😤

S
1

5/5

1

Shajeeth

My Wife introduced me to this place, and i have always been thankful to her for it :). The Best place for AUTHENTIC Sri Lankan Food. no Pish Posh Prices either

P
2

5/5

0

Pramodth Sahabandu

Classic chicken Kotthu ,non of that cheese beese and milk ,rotti platter was warm n not heavy ,Pol sambol was Dope

N
1

5/5

1

narengunasekera

Went in recently on a recommendation and found the place really good. Portions were decently sized, two of us had one cuttlefish dish with the set lunch and we were full. They don't give the typical mountain of rice which all the kades give which was a welcome relief. Well done!

T
1

3/5

1

Thiyagu

Went for dinner today. Was disappointed with the portion sizes but the food good Sri Lankan style food, but not worth the money.

M
1

4/5

1

maheshd_23

If you have any feedback or complaints, please be sure to email it to us: upalis@nawaloka.lk and send us a message and keep in touch via our FB page https://www.facebook.com/upalisbynawaloka

See 56 Comments