Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF essentials sbb 2

4/5

Urban Eatery (Street Rush)

Street RUSH, 293, Galle Road, Mount Lavinia


Located in Street Rush Mount Lavinia, Urban Eatery pulls off some great Western-style food.



ගල්කිස්සෙ අලුතෙන් දාපු ස්ට්‍රීට් රෂ් ෆුඩ් කෝට් එකට එකතු වුණ අලුත් තැනක් තමයි අර්බන් ඊටරි එක. පළවෙනි පාර අපි ස්ට්‍රීට් රෂ් ගියේ ෆ්‍රයි ඩේ එක හොයාගෙන. මේ පාර අපි ගියේ අර්බන් ඊටරි එක හොයාගෙන.

කෑම

හොඳට ඉඩ ඇතුව වාඩි වෙලා එහෙම අපි ඕඩර් කළා ක්‍රීමි චිකන් සැලඩ් සැන්ඩ්විච් එකයි (රු. 440) හෝම් මේඩ් ක්‍රීමි චිකන් පැස්ටා එකයි. (රු. 800) විනාඩි පහළොවක් විතර ඇතුළත කෑම ටික ආවා.

සැන්ඩ්විච් එක එක්ක සැලඩ් එකකුයි, හෑන්ඩ්කට් ෆ්‍රයිස් ටිකකුයි, කෙචප් ටිකකුයිත් හම්බෙනවා. සැලඩ් එකේ සලාද කොළ, ගෝවා, කැරට් තීරු ඩිප් එකක පොඟවල තිබුණා. ඒකේ ෆ්‍රෙෂ් ගතිය එක්ක ඇඹුල් රහයි පැණි රහයි ගාණට මික්ස් වෙලා. ෆ්‍රයිස් ටික සොෆ්ට් ගතිය ඉතුරු වෙන්න පදමට බැදිලා. ලෝබ නැතුව පුරවල තිබුණ සැන්ඩ්විච් එකේ ෆිලිං එකත් මරු.

ඊළඟට අපි රහ බැලුවෙ හෝම් මේඩ් ක්‍රීමි චිකන් පැස්ටා එක. මේක හිතන්නත් බැරි තරම් ක්‍රීමි සෝස් ගොඩකුයි, මෂ්රූම්ස් ගොඩකුයි, චිකන් ගොඩකුයි, පර්මේසන් චීස් ගොඩකුයි දාපු රහම රහ පැස්ටා එකක්. ගම්මිරිස් චුට්ටක් එක්ක චොප් කරපු පාස්ලි කොළ ටිකක් උඩින් ඉහලා නිසා පෙනුමත් ලස්සනයි. දෙන්නෙකුට වුණත් ඇති වෙන තරම් ලොකු ප්ලේට් එකක්. රසිනුත් ඒ තරම්ම ඉහළයි. උකු ගතිය නිසා බඩ සම්පූර්ණයෙන්ම පිරුණා. මේකට පාවිච්චි කරන පැස්ටත් කඩෙන් ගත්තේ නැති, හෝම් මේඩ් ඒවා බව අපිට අහන්න ලැබුණා.

බීම

මේගොල්ලන්ගේ මෙනු එකේ තිබ්බ මොක්ටේල්ස්වලින් ඒ වෙලාවෙ අවේලබල් කූලිං ඩ්‍රයිව් එක (රු. 320) විතරයි. ඒක පිපිඤ්ඤා, පැෂන්ෆෘට්, දෙහි, ලෙමනේඩ් දාල හදන ඩ්‍රින්ක් එකක්. හිතපු විදිහටම මේක පෙනුමෙන් වගේම රසෙනුත් රිෆ්‍රෙෂිං.

තැන සහ සර්විස් එක

කලින් කියපු විදිහටම මේක තියෙන්නෙ ස්ට්‍රීට් රෂ් ෆුඩ් කෝට් එකේ හින්ද, ඕන තරම් ඉඩ තියන ඕපන් ඒරියා එකේ මේසෙක වාඩි වෙලා කෑම කන්නයි තියෙන්නෙ. ෆුඩ් කෝට් එකේ සෑහෙන දාඩිය දාන එකයි පොඩ්ඩක් විතර අපිට කරදර කරපු මැසි උවදුරයි ඇර වෙන අවුලක් නෑ. සර්විස් එක නං හරිම ෆ්‍රෙන්ඩ්ලි. හැම වෙලේම හිනා වෙලා ලස්සනට කතා කරන සර්විස් එකක් අපිට හම්බුණා.

අවසාන වශයෙන්

අර්බන් ඊටරි එකේ කෑම හදන්නෙ එතනම හින්ද කෑම ෆ්‍රෙෂ් වගේම කොලිටි. සරලවම කිව්වොත් අපි මෙතැනට කැමතියි. තව පොඩ්ඩක් කෑමවල ස්පයිසි ගතිය වැඩි වුණා නං තවත් කැමතියි..

Address

Street RUSH, 293, Galle Road, Mount Lavinia

Contacts

Facebook Website Instagram

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment