Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Urban Elephants

250 Galle Rd, Moratuwa


A new resto in Moratuwa that serves up some excellent Asian Fusion for an unbelievably affordable price.



ම්ම්.. බඩගින්නක් නැත්තෙමත් නෑ. හැබැයි ඒ හැටි ගොඩක් කන්න පුළුවන් ගතියකුත් නෑ.

‘මොකද කරන්නේ..’ කියල මම සෑහෙන්න වෙලා කල්පනා කළා. කල්පනා කරල කල්පනා කරල, බැරිම තැන තමයි යාළු ගෝලයගෙනුත් අහල බැලුවෙ. 

“ඒ.. ඒක තමයි අයියෙ මාත් මේ කල්පනා කලේ. බලන්නකො 1ත් වෙලා, ඒත් නෑනෙ හරි හැටි බඩගින්නක්” ආවා කියන්නකො ඒකගෙනුත් මෙලෝම රහක් නැති උත්තරයක්. දැන් මොකද කරන්නෙ. වැඩේ කියන්නෙ අපිට බඩගිනි නෑ කියල කෑම නොගෙන ඉන්නත් බෑ. ගෙදර වැඩිහිටි උදවිය ඉන්නවනෙ කන්න බලාගෙන.

ඉතින්.. ඔන්න ඔහෙ කීයට හරි කනව, දැන් ඕඩර් කරනව කියල හිතල මම ගත්ත පික්මි ඇප් එකෙන් කඩයක් තෝරල කරල. ඒකත් මොරටුව නිසා ලොකු වෙලාවක් පෙන්නන්නුවෙත් නෑ, අපේ ප්ලේස් එකට එන්න කියල. අනික.. උඩින්ම පෙන්නන නිසා, බය වෙන්න දෙයකුත් නෑනෙ කෑමවල රස ගැන, සැක හැර තියල.

ඉස්ඉස්සෙල්ලාම කියල මම ඕඩර් කලේ අංකල් කැමතිම සීෆුඩ් පැස්ටා (රු. 660) එකක්. ඊට පස්සෙ ඇන්ටිට මික්ස් කොත්තුවක් (රු. 720). අපේ එකාට ඉතින් කොහොමත් පෝර්ක් මොනව හරිම ඕනනෙ. ඉතින් ඒකට දැම්ම පෝර්ක් ෆ්‍රයිඩ් රයිස් (රු. 590) එකක්. දාලා ආයෙත් බැස්ස සුපුරුදු පරිදි කර කර ඉඳපු වැඩේටම. මොකද කෑවා බිව්ව වගේ නෙවෙයිනෙ ඒවත් කරගන්න එපැයිනෙ. 

දන්නෙ නැති නොම්මරයකින්...

“හලෝව්..”

“ආ.. සර්, මම පික්මි එකෙන්. ලොකේෂන් එකට ඇවිල්ල ඉන්නේ”

“ආ.. අනේ සොරි. ඉන්න මං පල්ලෙහාට එන්නං..” ලොක්ක ඇවිල්ල හුඟක් වෙලාද දන්නෙ නෑ කියල මම අඩියට දෙකට පල්ලෙහාට දිව්වෙ. ඇයි ඉතින් කෝල් එක එනකම්ම මට සිහියක් තිබ්බෙ නෑනෙ. ඊට පස්සෙ ඉතින් සනික ගිහින් කෑම ටික ගත්ත අතට. අරගෙන ඩිලිවරි මල්ලිටත් ස්තූති කරල ඔන්න උඩට එනකොටම, මෙන්න.. ගෙදර කට්ටිය දත කට අමෝරාගෙන.. දොර ළඟම!

“ඉන්න පුතා. මං පිඟන්වලට බෙදන්නං”

යකඩෝ.. මේ නිදාගෙන ඉඳපු මිනිස්සු නේද? නිකම් කෑම සුවඳට ඇවිල්ල වගේ.

කොහොම කොහොමින් හරි වගකීම අතට ගත්ත ඇන්ටි දෙයියනේ කියල කෑම ටික පිළිවෙලට පිඟන්වලට දාලා ඔන්න මේසෙ ලෑස්ති කරල. ඒ විතරක් නෙවෙයි, කූල් වතුර, සෝස් චිලි පේස්ට්, හැඳි ගෑරුප්පු පිඟන් කෝප්ප අඩුම කුඩුමත් තිතටම ගලපල.

ඊටත් මාර කේස් එක කියන්නෙ, ඒක දැක්කාම අර එච්චර වෙලා තිබ්බ නැති බඩගින්නත් කොහෙන්දෝ මට සෙට්වෙලා කියන්නකො. ඒකෙත් දරුණුම තත්වෙ කියන්නෙ අන්තිමට කෑම බෙදාගැනීමේ මුලසුන දැරුවෙත් මම. ඒකෙන් මේකෙන් දෙයියනේ කියල හැම ජාතියෙන්ම බෙදාගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, කෑම ටික උණුඋණුවෙන්ම රස බලන්නත් උපරිම චාන්ස් එකනෙ. 

මුලින්ම මම හැන්ද ලං කලේ කොත්තුවට. මොකද ඒක මික්ස්නෙ.

අර.. කිව්වත් වගේම! මික්ස්ම තමයි හොඳේ. ආයෙ ගත් කටටම ඉස්සෙක් කියන්නකො යාළු. වේළපු ඉස්සෙක් වුණාට, හොඳ ගානට සෝස්, මිරිස් අල්ලල හරිම රසයි. ඒ විතරක් නෙවෙයි, ඊළඟ කටට හීනියට ඉරපු චිකන් කෑලිත් 2ක්ම. ඒව නම් කෙලින්ම ෆ්‍රයිඩ් චිකන්. එතකොට.. කැරලි බිත්තර, පොඩි පොඩි දැල්ලො කෑලි එහෙමත් මදි නොකියන්න හොඳේ. ඔක්කොමත් හරි ගැඹුරු තෙලේ බැදිච්ච සොසේජස් කෑල්ලක් දෙකක් හැපෙද්දිනෙ.. කැරට්, ලීක්ස් එක්ක මිරිස් යහමින් දාලා හදපු කොත්තුවෙ රස ඩබල් ත්‍රිබල් වෙලා රස නහර පිනා යන්නෙ.

හැබැයි.. වැඩේ කියන්නෙ කොත්තුවෙ එහෙම වුණාට රයිස් එක නම්.. චැහ්! හරිම අවුල් අප්ප. වෙන දෙයක් නිසා නෙවෙයි ඒකට දාපු පෝර්ක් කෑලි නිසාම බාගෙට බාගයක් අවුල්. හිතන්නකො තම්බපු පෝර්ක් කෑලි තන්දුරි කරල රයිස් එකට දැම්මාම. ඊටත් ඒකෙ රතු පාට විතරයි. තන්දුරි රසක් තියා, සුවඳක්වත් නෑ. අර.. බතේ නම් යම්කිසි රසක් තියෙනව, මොකද ඒකට හොඳ හැටි කැරට්, ලීක්ස්, රසකාරක අඩුම කුඩුම ටික දාලනෙ. අනේ මන්දා ඉතින්.

කොහොම වුණත් ඒ අවුල පැහැදිලිවම මැකෙන්න.. සීෆුඩ් පැස්ටා එකේ නම් රස තිබ්බ කඳුලු පනින්න. පැස්ටා කිව්වට ඇත්තටම ඒකට දාලා තිබ්බෙ මැකරෝනි. හැබැයි එළවළු, සෝස් අඩුම කුඩුමවලින් රස කරල තිබ්බ ආයෙ කෙලින්ම, ශ්‍රී ලංකන් චයිනීස් ස්ටයිල් ලෙසටම තියෙන්න. ඒ විතරක් නම් බැරියැ, ඒකට දාලා තිබ්බ ඉස්සො, දැල්ලො, මාළු තොගේ. මෙගෙ හිතේ, ඉස්සොම හිටිය 5, 6කට එහාපැත්තෙ. එතකොට දැල්ලොයි, පොඩියට කපල බැදපු මාළු කෑලියිත් එක තොගයයි. ඒ ඔක්කොමත් එක්ක.. චිලි පේස්ට්, සෝස් ටිකකුත් ගැලපුනාම!

පංකාදු පහයි යාළු.

හැබැයි ඉතින් වගකීමෙන් කියන්නෙ, කෑම ටික උණුඋණුවෙන් කන්න ඕන. නැත්නම් නම්…

ම්හ්!


TIP

Try Pork or Mix!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment