Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

Shri Vani Vilas

No 258, Messenger Street, Colombo 12


Shri Vani Vilas is pretty much an iconic landmark situated in Lafeer Mawatha, Messenger Street. Aside from holding the title of Dosa King, they also have a stellar menu that's chock full of delicious South Indian food fare.



කොටහේන පැත්ත කියන්නෙ සාමාන්‍යයෙන් කෝපි එකකට, ලන්ච් එකකට, කයියකට එහෙම නිදහසේ නිස්කලංකව සෙට් වෙන්න යැවෙන ප්‍රදේශයක් නෙවෙයි නෙ. ඒ පැත්තෙ පාරතොටේ තියන තදබදේ, කලබලේ එක්ක මහ දවල්ට නං කිට්ටු වෙන්නවත් හිතෙන්නෙ නෑ. හැබැයි වෙන මොකක් හරි වැඩකට ඒ පැත්තෙ ගියොත් කටට රහට තෝසෙ පාරක් දාන්න තැනක් දෙකක් නං හොයාගන්න එක ඒ හැටි අමාරු නෑ. මේ කියන්නෙත් ඒ වගේ තැනක් ගැන.

තැන

ශ්‍රී වානි විලාස් හෝටලේ තියෙන්නෙ මැසෙන්ජර් ස්ට්‍රීට් එකේ. එම්. ජේ. එම්. ලෆීර් මාවත කියලයි පාරට හැරෙන බෝඩ් එකේ ගහලා තියෙන්නේ. හැරුණ ගමන් ම වම් අත පැත්තේ ලොකුවට ‘ශ්‍රී වානි විලාස් - ශ්‍රී ලංකන් තෝසේ කිං’ කියල බෝඩ් එකක් ගහල තියනවා. ඉතිං හොයාගන්න අමාරු නෑ.

ශ්‍රී වානි විලාස් රෙස්ටොරන්ට් එකේ කොටස් දෙකක් තියනවා. උඩ තට්ටුව ඒසී කරලා කුෂන් කරපු ආසන එහෙම පනවලා ෆැමිලි රෙස්ටොරන්ට් එකක් වගේ සකස් කරලා තියනවා. යට තට්ටුව නං කොයි වෙලෙත් සෙනග පිරිලා හරිම කලබලයි. හදිසියට ගොඩ වෙලා මොනාහරි ගිල දාන්න එන අයට තමයි ගැළපෙන්නේ.

කෑම

ඉන්දියන් කිව්වම ඉතින් තෝසේ නොකා කොහොමද? ඇරත් ‘තෝසේ කිං’ ළඟට ම ඇවිල්ලා? ඉතින් අපි ගත්තා අනියන් තෝසේ එකයි (රු. 240), වඩේ දෙකයි (එකක් රු. 81).

වඩේ දෙක ආවෙ උණු උණුවේ. කරස් ගාල හැපෙන තරමට ක්‍රිස්පි. ඒ වගේ ම ප්‍රමාණයෙන් ලොකුයි. මේකත් එක්ක දීපු සම්බෝලේ සෑහෙන දියාරුවට හදල තිබුණට රස නරක නෑ. මිරිස් සැර එහෙම ගාණට තිබුණා.

අනියන් තෝසේ එක ලොකුයි. ඇතුළේ ලූනු ගොඩක් පුරවලා ඒ අතරට කරපිංචා එහෙමත් එකතු කරලා තිබුණා. රස හොඳයි, වඩේ දෙක තරම් නං ෆ්‍රෙෂ් නෑ හැබැයි. මේකට ආපු සාම්බාරු හොද්දත් නරක නෑ. ඒත් විශේෂයෙන් කියන්න තරං දේකුත් නෑ. ‘සයිවර් කඩේ රස’ට කැමති අයට පංකාදුයි.

බීම

මේගොල්ලො ළඟ තියනවා මෙතෙන්ට ම ස්පෙෂල් නාරං ජූස් එකකුයි (රු. 130), නෙල්ලි ජූස් එකකුයි (රු. 130). ජූස් දෙක ම හොඳට කූල් වගේ ම ෆ්‍රෙෂ්. දෙකට ම ගම්මිරිස් කුඩු දාලා තිබුණ එකෙන් රස තව වැඩි වෙලා. නාරං එකේ ගාණට තිතට දෙහි ඇඹුල්, සීනි ලුණු බැලන්ස් කරලා තිබුණා. නෙල්ලි කියන්නෙ රස ගොඩක් තියන පලතුරක් නෙ. ඉතින් මේ නෙල්ලි ජූස් එකෙනුත් අර නෙල්ලි ගෙඩියක් කනකොට එන රස ඔක්කොම දැනුණා. ඒත් තිත්ත ගතිය චුට්ටක් අඩු වුණා නං හොඳයි කියලත් අපිට හිතුණා.

සර්විස් එක

අපි ගියේ ලන්ච් ටයිම් එකක නිසා එවෙලෙ මෙතන සෙනග ඉතිරෙනවා. සේවක සේවිකාවෝ කඩියෝ වගේ එහෙ මෙහෙ දුවන ගමන් තමයි ඕඩර්ස් ඔක්කොම බලන්නෙ. කොහොම වුණත් අපේ කෑම බීම විනාඩි දහයක් විතර ඇතුළත ලැබුණා.

අවසන් වශයෙන්

අර කලින් කිව්වත් වගේ ආමර් ස්ට්‍රීට් පැත්තෙ යන එන ගමන් තෝසේ පාරක් දාන්න ගොඩ වෙනව නං මෙතන හොඳ තැනක්.


TIP

Try their tandoori platter. It sizzles.

Address

No 258, Messenger Street, Colombo 12

Directions

Drive straight along Armour Street and take a left at Messenger Street. It's almost as soon as you turn in.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Vegetarian Dosa Milkshakes Bites

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments