Sea Avenue, Colombo 3
This place has closed down
The Vespa is a fantastic dodgy bar a stones throw from the beach in Kollupitiya. Down Sea View Lane, it's an absurdly large property for what is essentially just a crumbling verandah and an expansive, ill-tended lawn/parking lot.
ගොඩාක් පරණ මතකයක් අලුත් කරගන්න කියල..
යාළුවෙක්ට එහෙමත් කතාකරගෙන ගියේ ඔය.
තැනට ගොඩවෙද්දි නම් හැන්දෑවෙ හයත් පහු. ම්... ලාවට වගේ ඇඳිරි වැටීගෙන එන ගතියත් තිබ්බ නිසා එහෙමෙකටම හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම අපි ගියා කෙලින්ම ඇතුලට ම. ගිහිල්ලා.. බැලුවෙ එදා ඉඳන් ම හුරු පුරුදු අයිනෙ පොඩි ඉඩක් තියෙනවද කියල.
‘ම්හ්... නෑනෙ. එතන ෆුල්නෙ’
“එළියටවත් යමු නේ...” කියල ඉතින් ඔන්න අපි දෙන්න... අනික් පැත්ත හැරුණ විතරයි, මෙන්න අපේ වේටර් මාමා!
“හප්පේ... මාමා කාලෙකට පස්සෙ ඈ..”
“ඒකනෙ ඒකනෙ. ඉතින් කොහොමද. කෝ අනිත් යාළුව?”
“එයා... නෑ මාමා රට ගියානෙ.
ම්.. ඒක නෙවෙයි අපි බැලුවෙ සෙට් වෙන්න තැනක් කොහොමද කියල මාමා. අතන නම් ඉඩ නෑ වගේ”
“අයියෝ... සෙට් වෙන්නද තැන් නැත්තෙ. මොකද කියන්නෙ මේ ඉස්සරහින්ම මේසයයි පුටු දෙකයි දාලා දෙන්නද?”
“ආ...
ඒ... එහෙමත් අවුලක් නෑනෙ නේ බං...”
“අවුලක් නෑ අවුලක් නෑ. කොහෙත් එකයි මට නං මෙතන. ඒක නෙවෙයි, ඔහොම්මම බලල ඕඩරෙත් දාංකො. එතකොට මාමාටත් ලේසියිනෙ”
“ආහ්, ඔව්නෙ. එහෙනං...
මාමා අපිට දේශීය බාගයක් එක්ක... කඩල කොත්තුවක් (රු. 450) නම් අනිවා... පෝක් ස්ටු එකකුයි (රු. 700), මික්ස් රයිස් එකකුයි (රු. 700) වගේ. ගන්න පුළුවන් නේ?”
“පුළුවන් පුළුවන්. ආයෙ මොනවද. හැබැයි පොඩි වෙලාවක් යයි. මං හෙමිහිට හෙමිහිට ගේන්නං ඒ වුණාට”
කියල ඇතුලට ගියපු මාමා... විනාඩියට දෙකට අපිට එළියෙ සෙටප් එක හදල දුන්න මුලින් ම. ඊට පස්සේ... අරක්කු අඩුමකුඩුම ටිකත් මේසෙට. අපිත් ඉතින් කාලෙකින් නිසා ඇත්තටම බයිට් එනකම්මත් හිටියෙ නෑ. දැම්ම අමුවෙන්ම චියර්ස් පාර. දාලා... පොඩි කයියෙන්, හෙමින් සැරේ.. ඇරඹුම ගන්නකොටම වගේ, මෙන්න එනව කඩල කොත්තුවයි, පෝක් එකයි මරේ කියල.
ඇවිල්ල හිටං ඔන්න අත ළඟින් ම...
ම්... මොකද හිතන්නෙ? අපි කෑවද... කෑවෙ නැද්ද?
කිව්වට විශ්වාස කරන්න යාළු... පොඩි දීසි දෙක, දෙන්නගෙ අතේ ඕං... ෂොටයි, මාරුවෙන් මාරුවට කඩලයි, පෝර්කුයි... කඩලයි, පෝර්කුයි.
ඕ...
ඒත්... වැඩේ වුණේ... ඒ විදියට කට දෙක නෙවෙයි සෑහෙන්න,
කාගෙන කාගෙන ගියත් නෑනෙ කිසිම කික් එකක් ඉස්සර වගේ.
වැඩිහරියක්ම කඩල එකේ එහෙම අර ළාවට එන කරවෙච්ච රස, ඉඟරු සුදුළූණු, රම්පෙ කරපිංච අඩුම කුඩුම ම්හ… නෑ! හැබැයි හොඳ හැටි අමු මිරිස්, රතුමිරිස් නම් දාලා තිබ්බ. ඒවයෙ සැරයි, ගම්මිරිස් සැරයි ටොප් එකටම. ඊටත් වැඩේ කියන්නෙ කඩල ටික තැමිබිලා තියෙන්නෙත් ගාණට ම වගේනෙ. අර කොත්තුවට සෙට් වෙන විදියට, පොඩ්ඩක් බෙරි ගතියක් එහෙම නෑ ඉතින්..
ඒකත් කමක් නෑ පෝක් එක හරි ටොප් එකට තිබ්බ නම්. ඒකත් අවුල්නෙ. හැරත් ඒකෙ අවුල එසේ මෙසේ එකක් නෙවෙයි. පෝක් එක හරියට කුක් වෙලා නෑ. යාළු බාග වෙලාවට කන්නත් බය හිතුණ ඈ.. මං හිතන්නෙ අර ෆ්‍රීසර් එකේ දාලා තිබ්බ ඒවනෙ. අපරාදෙ ඉතින්. ස්ටු එකටත් හොඳහැටි අනික් අඩුමකුඩුම සියල්ල ම දාලාත් තිබුණ.
කොහොම කොහොමින් හරී... රයිස් එක විතරයි දෙයියනේ කියල ගොඩ ගිහින් තිබුණෙ. ගැඹුරු තෙලේ පදමට බැදපු ඉස්සො, දැල්ලො, මාළු, සොසේජස්, පෝර්ක්, චිකන් සියල්ල එක්ක කැරලි වෙන්න බිත්තරයක් දෙකකුත් දාලා... චිලි පේස්ට්වලින් සැර පදම අරගෙන. හැබැයි ඉතින් ඒකෙත්... මික්ස් කරපු මස් මාළු ප්‍රමාණය එහෙම නම් හොඳටම මදි ඈ...
ඒ නිසා ම, ඒ නිසා ම... අපි මාමගෙන් ඇහුවෙ. ඇයි කාලෙකට පස්සෙ වුණත් ආපු අපිට මෙහෙ කළේ කියල.
එතකොට තමයි…
එයා කිව්වෙ. “ඉස්සර කුක් නෙවෙයි මල්ලි දැන් ඉන්නෙ. වෙන කෙනෙක්. අරය ගියා පොඩි කේස් එකක් වෙලා.. හ්ම්...”
The Vespa is a fantastic dodgy bar a stones throw from the beach in Kollupitiya. Down Sea View Lane, it's an absurdly large property for what is essentially just a crumbling verandah and an expansive, ill-tended lawn/parking lot.
සිංහල ගොඩාක් පරණ මතකයක් අලුත් කරගන්න කියල.. යාළුවෙක්ට එහෙමත් කතාකරගෙන ගියේ ඔය. තැනට ගොඩවෙද්දි නම් හැන්දෑවෙ හයත් පහු. ම්... ලාවට වගේ ඇඳිරි වැටීගෙන එන ගතියත් තිබ්බ නිසා එහෙමෙකටම හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම අපි ගියා කෙලින්ම ඇතුලට ම.
සිංහල අන්න ඒකට කඩල කොත්තුව. මහත්තයෝ… ඒක නම් මේ ජීවිත කාලෙදි අනිවා රස බලන්න ඕන.
සිංහල වෙස්පා කියන්නේ කොල්ලුපිටියේ මුහුදු වෙරළේ සිට ගලක් ගැසුවාම වැටෙන දුරින් පිහිටි කදිම සාමාන්‍ය මට්ටමේ බාර් එකක්. සී වීව් පටුමගේ පිහිටි එය සුවිසල් අවකාශයක්. එහි දිරායමින් ඇති බරාඳයකුත් නඩත්තු නොකළ තණනිල්ලක් හා වාහන නවත්වන ස්ථානයකුත් තිබෙනවා.
This place has closed down
Price Range
Ratings Breakdown
Delete Comment
Lutronman
If I am not wrong in 80's this used to be called United Sports Club. From your description it was the same before. It was the White Horse for us in those heady days!
HeadofKvlt
This place is a hidden gem.
Roland
Good for all the cheap Yamu staff ,not for anyone else in colombo lol
Chamiz
That's why its called dodgy man
indi YAMU STAFF
We love Vespa. If you're looking for posher places you can check out Breeze Bar nearby, our bars section is pretty diverse (http://www.yamu.lk/place/bars.html).
Roland
Not many reviews of bars around the colomob 3 area, plus most of your reviews seem very biased towards certain places why is that?
Praveen
Vespa is the BEST place in Colpity!!! Cheers…
Indu
Vespa is kinda seedy but it's awesome! No it's not just a cheap booze hunters' hangout. I've seen folks ranging from CEOs to average joes hang out here. This is one place you can be just a nobody and booze your cares away. Yup girls come here too but it's best if you have a gang of boys to hang out with - as with most bars ;) We used to come here mostly during radio days. We'd be there with guitars and shiz singing rock songs to baila. The entire office from CEO would join sometimes. SO much fun. We still go there once in a while - since office isn't in Collpety anymore.
I guess THIS - "That the odds are stacked so utterly against its existence is a key part of its appeal." sums up about exactly why we still keep going there. Great memories and this. Yes.
Oh, and the doggies! You forgot to mention the two amazing, massive-for-a-stray doggies!! how COULD you? Jaydee (JD) and Deedee (DD?) lol
Parkrangers
Lutronman This Was never United Sports Club It Was Called Vespa Sports Club since 1963 ,, and one of the Oldest Clubs in Kollupitiya
The Looks Never Changed was always a Cool place to hangout after a busy days work
Love the breezey Evenigs sittin outside under the stars sipping a cool beer
Lahiru007
remind me of the old ACBT days… this place is the bomb. :)
sam
guys… can i get their number??
kajja
a usual hangout place after work when we used to work in Col.3… a nice place indeed and a cool crowd and service to top it all off …
Shanedj420
Acbt fun!
Spartan
Had four Beers + 10 Smokes + Fried Rice enough for two & an Omelet for bites. All for 2000 bucks !