Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Vespa Sports Club

Sea Avenue, Colombo 3


The Vespa is a fantastic dodgy bar a stones throw from the beach in Kollupitiya. Down Sea View Lane, it's an absurdly large property for what is essentially just a crumbling verandah and an expansive, ill-tended lawn/parking lot.



“ඒ… මෙදා පාර පඩියටවත් අතන බොන්න යංකො. මොකක්ද හලෝ…! ඒක මරු ප්ලේස් එකනෙ”

පහුගිය, මාසෙ පඩිය එන්න දවසක් දෙකක් තියෙද්දි ඉඳන්ම මැන්ටලේගෙන් තිබුනෙ පුදුම වදයක්. බේරෙන්න බැරිම තැන තමයි මම හිත හදාගත්තෙ, පඩි දවසෙ හැන්දෑවටම ඒ වැඩෙත් ඉවර කරල දාන්න. ඇයි අප්පේ... මළ කන්කරච්ලයක්, අහගෙන ඉන්නවට වැඩිය ලේසියිනෙ අතේ තියෙන ගාණට පොඩි බයිට් එකක් කාලා අඩියක් ගහල එන එක.

වෙලාවටම වගේ එදා බ්‍රහස්පතින්ද දවසක්. නැත්නම් සතියම මස්තබාල්දු වෙනව. කොහොම හරි හැන්දෑවෙ 7ට විතර ඇති අපි එතනට කිට්ටු කරද්දි.

ආ… කියන්න බැරි වුනානෙ, ප්ලේස් එක මොකක්ද කියල.

ඒකෙ නම වෙස්පා. නියම පප්ප ටයිප් එකේ බාර් එකක්. ඒ නිසාමද කොහෙද 70, 80 දශකවල ගැම්ම තාමත් ටිකක් විතර ඉතුරු වෙලා තියෙනව. අනික ඒක හදල තියෙන්නෙත් පරණ වලව්වක. ලොකු මිදුලක් එහෙමත් තියෙනව. බොන්න තියෙන්නෙත් ඉස්තෝප්පුවෙ. වැඩි හරියක්ම සර්විස් එක දෙන්න ඉන්නෙත් අංකල්ල සෙට් එකක් නිසා වැඩෙත් අමතුම ගතියෙක් තියෙන්නෙ.

ඒකෙන් මේකෙන් ඇතුලට යද්දිම වගේ අපිට මුල්ලෙ මේසයකුත් සෙට් වුනා. ඉතින්, හිතටත් හරි සන්තෝසයි. මොකද නිදහසේ බොන්න පුලුවන්නෙ. වැඩේ කියන්නෙ මේසෙන් වාඩිවෙලා පොඩි කයියක් ගහන්න හිතුව විතරයි සේවක මාමා කෙනෙක් අපේ ලඟ. එයා මෙනුවක් එහෙම අතට දීලා බයිට් ජාති තෝරන්නත් පොඩි සපෝට් එකක් දුන්න. ඒ විතරක් නෙවෙයි අපි බයිට් තෝරන අතරට බියර් ටිකයි පිඟන් කෝප්ප ටිකයිත් ගෙනැල්ල තියල මේසෙත් ඇරේන්ජ් කරලයි ගියේ.

ඉතින්, කට්ටියගෙ කැමැත්ත මත අපි මුලින්ම ඕඩර් කලේ කඩල කොත්තුවකුයි, පෝර්ක් ඩෙවිල් එකකුයි. ඇත්තටම කඩල කොත්තු ජීවිතේට කාලා තිබුනෙත් නෑනෙ.

පෙන බේරෙන වීදුරු 3න් චියර්ස් පාරක් දාලා පළවෙනි උගුරු දෙක තුන තොල ගෑවට මොකද... ඒකෙ රසක්, ගතියක්වත් හරි හැටි දැනුනෙ නෑ. මොකද සිහිය තිබ්බෙ අපිට අල්ලපු මේසෙ සෙල්ලම් කරපු කැලිප්සෝ එකේ තාලෙටනෙ.

“පවනට සැලෙනා… දොඹ මල් සුවඳින්…” පිස්සු හැදෙනව අප්පේ… බොන්න පටන් ගත්ත ගමන් සිංදු!

ඔය අතරට තමයි මම නිකමට අත දාලා පෝර්ක් කෑල්ලක් අරගෙන රස බැලුවෙ. ෂප්පට බොල! ටොප්නෙ?

ඇත්තටම ඒ රසට තමයි පියවි සිහියට ආවෙත්. ඊට පස්සෙ ඉතින් සෑහෙන වෙලාවක් සිංදු ලෝකෙන් මිදිල, බීර ලෝකෙට වෙලා හිටිය. ඇයි අප්පේ... කටට සැරට හොඳ පදමට බැදල හදපු පෝර්ක් කෑලිවල රස. මගෙ හිතේ ඩෙවිල් එකට සෝස් ජාතිත් 2, 3ක්ම දාලා වෙන්න ඕන. ඒ විරතක් නෙවෙයි ගම්මිරිස් එහෙමත් ගාණට. අනික ලූණු, මාළු මිරිසුත් මදි නොකියන්න දාලා නිසා පෝර්ක් ඉවර වුනත්, ඒ රසට මාළු මිරිස් හරි කන්න පුලුවන්නෙ. හැබැයි ඉතින් කොච්චර රස වුනත් මෙයාලගෙ පෝර්ක් එකේ ගාණෙ හැටියට සයිස් එක නම් මදි. රු. 650ට කෑලි 8ක් 10ක් වගේ ලැබෙන්නෙ. ඒකෙනුත් තෙල් කෑලි 3,4ක් වුනාම සොරි තමයි.

අන්න ඒකට කඩල කොත්තුව. මහත්තයෝ… ඒක නම් මේ ජීවිත කාලෙදි අනිවා රස බලන්න ඕන. රු. 250ට, ලැබෙන ප්‍රමාණයත් වටිනව, ඊටත් වැඩිය ඒකෙ රස ගුණයත් දහස් වටිනව. අනික ඉතින් පොඩි අඩියක් ගහන්නත් කියාපු බයිට් එකක්නෙ. ඇත්තම කියනව නම් වෙස්පා කඩල කොත්තුවෙ තියෙන රහස තමයි හැම කඩල ඇටයකින්ම වගේ එන පොඩි බැදුණු, පිච්චුනු ගතිය. ඒ හැරුනාම මොනව හරි සෝස් ජාතියකුත් එකතු කරපු පාටක් තියෙනව. කොහොම වුනත් බිත්තරයක් හීනියට කැරලි වෙන්න දාලා, ඒකට රම්පෙ, කරපිංච, ලූණූ, සුදු ලූණු එහෙමත් එකතු කරල නිසා සුපිරිම තමයි.

බයිට්වල රස සුපර්බ් නිසාද කොහෙද ඒක ඩයට් එකටම ගිහින්, පළවෙනි බියර් වටේ යද්දිම වැඩේ ඉවර වෙලා. දැන් මොකද කරන්නෙ? ඕඩරයක් දාන්න වටපිට බැලුවට කවුරුත් නෑ, සේවක මාමා කෙනෙක් පේන්න. ඔය අතරෙ තමයි මම දැක්කෙ කවුදෝ පුද්ගලයෙක් අපේ මේසෙට කිට්ටු වෙලා අපි දිහා බලාගෙන ඉන්නව. බැලූ බැල්මට සේවක මාමා කෙනෙකුත් නෙවෙයි. ඒත් මොකෝ… බඹර පදමට වැදීගෙන එන වෙලාවෙ, සෙනිකව බයිට් එකක් ඕඩර් කරගන්නනෙ ඕන. මම මනුස්සයට කතා කලා…

“ස් ස්…! ලොකු අයියෙ. අනේ අපිට පොඩි බයිට් එකක් දා ගන්න කාට හරි එන්න කියන්න පුලුවන්ද? තව බියරුත් ඕන. ඒකයි”

“අයියෝ… සිම්පල්නෙ, කාටවත් කියන්න ඕන නෑ. මට කියන්න. ඔය කාට කිව්වත් ඒ ගොල්ලොත් ඇවිල්ල අන්තිමට මට තමයි කියන්නෙ”

“හෑ.. ඒ කිව්වේ…?”

“ඒ කිව්වෙ මල්ලි, මම තමයි මේකෙ කුක්.”

මාර වෙලාවට මාර මිනිස්සු සෙට් වෙන්නෙ ඈ… නිකමට හිත හිත හිටියෙ හෝටලේ කුකාව හොයාගෙන ගිහින් කඩල කොත්තුවෙ රසට ගෞරවය පුදකරල එන්න ඕනය කියල. ඒ හිතල අනික් පැත්ත බලද්දි මෙන්න මනුස්සය අපේ ලඟ.

“අයියෙ, අපිට හොඳ බයිට් එකක් ඔයාම කියන්නකො. හැබැයි හපන්න තියෙන්නෝනි, හරි!”

“මල්ලි… ඒ නම් අපි දාමු ඉස්සො ඩෙවිල් එකක්. නිකම් නෙවෙයි… සුපිරියට! ඉන්නකො ඉන්නකො. මමම දාලා මමම ගේන්න”

“ආ.. මේ… ඒක නෙවෙයි අයියෙ. අර කඩල කොත්තුව. ඒ… ඒක නම් මාරයි ඈ... මොනවද ඇත්තටම ඒකට දාන්නෙ. සත්තයි, මම ජීවිතේට කාලා නෑ ලොකු අයියෙ එහෙම කඩල එකක්. අවංකයෙන්ම, තැන්ක්යූ හොඳේ!”

ඩෝප් සීන් එකේ නිසා වෙන්න ඕන, ටිකක් වැඩිපුර ආවද මන්ද. ඒත් මොකෝ ඉතින්!

අනික ඒකෙන් වුනෙත් වාසියක්නෙ. දාපු ඉස්සො ඕඩරේ සෙනිකව මේසෙට ආව.

වැඩේ කියන්නෙ ඒ අතරට අපේ කැලිප්සෝ අයියල දෙන්නත් මේසෙට ඇවිල්ල. එයාලා සිංදුවක් දෙකක් ගහගෙන යන අතරට මම කලේ තව වීදුරුවක් ලං කරගත්තු එක. ඒත් හිත නම් සිංදුවෙමයි! මොකද, පටන් ගැම්මම, “නොසලන්න කඳුලක් දෑසින්…”

ඒක අහගෙනම මම ඉස්සෙක් දෙන්නෙකුත් රස බැලුව.

ඒ… සංගීත රසය පරාදයි කියන්නො. මම එක පිට ඉස්සො දෙතුන් දෙනෙක්ම ගිලල දැම්ම. යාළු! කිව්වට විශ්වාස කරන්න කුක්ස්ල නම් අන්න කුක්ස්ල ඈ… ඔය ලොකු ලොකු හෝටල් පවා පරාදයි මං හිතන්නෙ. ඩෙවිල් එකේ, ඉස්ස කෙලින්ම පොත්ත පිටින් බැදල තිබ්බෙ. හැබැයි හිතා ගන්න බෑ මොනව දාලා රස කරලද කියල, කොහොම හරි පේන්න තිබුනෙ ලූණු, සූදු ලූණූ, ලුණු ගම්මිරිස් විතරයි. අනික රු. 650ට ඒකෙ හිටපු ඉස්සො තොගේ..., එක 10ක් 12ක් විතර ඇති.

එතනින් එහාට ඉතින් මොන කතාද. ඉස්සයි බියර් උගුරයි, ඉස්සයි බියර් උගුරයි එක පේලියට බඩට. වැඩේ කියන්නෙ ඒ ගැම්මට අනික් පැත්තෙන්, අවුට් පුට් එක…! මට මතක හැටියට පටන් ගත්තෙ “නියරේ.. පියනගලා…” කියල. ඒක ඉවර වෙන්න දුන්නෙ නෑ එහෙම්ම ඇල්ලුව “එම් එස්. මහත්තයගෙ “සැවැන්දරා.... සුගන්ධයෙන්” කියල සිංදු 4ක් 5ක්. අනේද කියන්නෙ යාළු, ඔලුව උස්සල බලද්දි මුලු බාර් එකම වගේ අපේ මේසෙ වටේ කියන්නකො. ඒක දැක්ක විතරයි මාර ගැම්ම ඈ…. මමත් ඇරියෙ නෑ… එම් එස්. මහත්තයගෙන්, ඇන්ටන් ජෝන්ස් මහත්තයට, එතනින් ධනපාල උඩවත්ත මහත්තයට, හැබැයි ඉතින් කොච්චර වෙලා කිව්වද කියල මතකත් නෑ.

මොකද එතනින්… ආයෙ අල්ලන්න යනකොට කැලිප්සෝ එකේ සද්දෙ ටික ටික අඩුවේගෙන ගියානෙ. බැලින්නම් වෙලාව පැනල, අයියල දෙන්න අපිට නොකියාම සමුදෙන්න, හෙමින් සැරේ ඈතට යනව.

අයියෝ…!

බඹර පදමෙ, මම නැගිලට තෑන්ක්ස් කරන්න කියල හැදුවෙ. ඒත් කොහෙද ඉතින්, මේ… හිත නැගිට්ට ඇඟ නෑනෙ කිසිම වගකීමක් ගන්නෙ. අන්තිමට උන්නු තැනම ඉඳන් ඉතින් බායි කිව්ව. මොනව කරන්නද!


TIP

Tip; This is on Sea Avenue not Sea View avenue- about the second turning to the left (seaside) after the prominent Colpetty Mc Donalds. Of course 'dodgy bars' often lack late night licenses so the serving stops at about 11, early evenings are good as is from 10-11 on a weekday when its super chilled. The devilled pork is good. The cashew nuts come in a packet, but they're also pretty good. Ample parking.
All Reviews

The Vespa is a fantastic dodgy bar a stones throw from the beach in Kollupitiya. Down Sea View Lane, it's an absurdly large property for what is essentially just a crumbling verandah and an expansive, ill-tended lawn/parking lot.

සිංහල ගොඩාක් පරණ මතකයක් අලුත් කරගන්න කියල.. යාළුවෙක්ට එහෙමත් කතාකරගෙන ගියේ ඔය. තැනට ගොඩවෙද්දි නම් හැන්දෑවෙ හයත් පහු. ම්... ලාවට වගේ ඇඳිරි වැටීගෙන එන ගතියත් තිබ්බ නිසා එහෙමෙකටම හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම අපි ගියා කෙලින්ම ඇතුලට ම.

සිංහල අන්න ඒකට කඩල කොත්තුව. මහත්තයෝ… ඒක නම් මේ ජීවිත කාලෙදි අනිවා රස බලන්න ඕන.

සිංහල වෙස්පා කියන්නේ කොල්ලුපිටියේ මුහුදු වෙරළේ සිට ගලක් ගැසුවාම වැටෙන දුරින් පිහිටි කදිම සාමාන්‍ය මට්ටමේ බාර් එකක්. සී වීව් පටුමගේ පිහිටි එය සුවිසල් අවකාශයක්. එහි දිරායමින් ඇති බරාඳයකුත් නඩත්තු නොකළ තණනිල්ලක් හා වාහන නවත්වන ස්ථානයකුත් තිබෙනවා.

Address

Sea Avenue, Colombo 3

Contacts

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 13 Comments