Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

Viharamahadevi Park (Old)

Viharamahadevi Park, Colombo 7

  • Open until 06:00 PM


Viharamahadevi Park (VMDP) is Colombo's only major public park. As such it’s a rather important place, providing the sole significant green space and lung for the city's 1 million + inhabitants.



කොළොම්පුරයේ එකම ලොකු උද්‍යානය විහාරමහාදේවි උද්‍යානයයි.  මිලියනයක් පුරවැසියන්ටත් තවත් මිලියන ගණනක් කොළඹ ඇවිත් යන්නන්ටත් හරිත අවකාශයක් සපයන එකම ස්ථානය වන එය ඒ නිසාම ඉතා වැදගත්ය. සෑම උද්‍යානයක මෙන්ම එහිද, තුරුලතා, පොකුණු, තණපලස්, පටුමං ආදිය තිබේ. කොංක්‍රීට් අතර දිවි ගෙවන්නන්ට අතපය විහිදුවා හුස්ම රළක් ගැනීමට එය මහඟු ස්ථානයකි.

විහාරමහාදේවි උද්‍යානයේ වෙනත් එවැනි උයන්වල නැති අමතර දේ කීපයකුත් තිබේ. ඒවානම් විශාල රන්වන් බුද්ධ ප්‍රතිමාවක්, නොතකාහරිනලද මින්මැදුරක්, ළමයින්ගේ ක්‍රීඩාංගනයක්, වැල් පාලමක්, රේල්පාරක් හා කෝච්චියක්, පැරණි ප්‍රහාරක ජෙට් යානයක්, කොළඹ එකම සතුටු උයන, අශ්වයෝ හා ඇතැම් දිනෙක අලිද එහි සි‍ටිති. මෙතරම් දේ ගොඩක් මේ අවකාශයේ පුරවා තිබෙන්නේ එය කොළඹ එකම උද්‍යානය නිසා වෙන්නට ඇති.

එහෙත්, ඇත්තනම් මෙයයි. විහාරමහාදේවි උද්‍යානය වසර ගණනාවක සිට අතහැරදමා ඇති තැනකි. එහි මින්මැදුරේ දැන් මාළු නැත. වැල් පාලම වසාදමලාය. සෙල්ලම් දුම්රිය වසර ගණනකින් දුවන්නේ නැතිව එකතැන මුල් ඇදලාය. වතුරමල් කැඩිලාය. නරකම දෙය වන්නේ එහි හරිත පැහැ තණපලස් කැලිකසලින් හා නිවාස නොමැති කිළිටි පෙනුමැති දුප්පතුන්ගෙන් ගැවසීමයි.

රජය කොළඹ නගරය සුන්දර කිරීම සඳහා අතිවිශාල මුදලක් වැයකරමින් සිටින වර්තමානයේදී, ධනවත් දකුණු කොළඹ ප්‍රදේශය සෑහෙන්න නවීකරණය වෙද්දී, කොළඹ හතේ පිහිටි පුරවරයේ ප්‍රධානතම හරිත අවකාශය වන විහාරමහාදේවි උද්‍යානයට මෙවැනි ඉරණමක් අත්වීම අදහාගත නොහැකිය.

මෙය සම්පූර්ණයෙන්ම අවධානයෙන් ගිලිහී ඇතැයි කියන්නට බැරිය. ගිය අවුරුද්දේ රජය විහාරමහාදේවි උද්‍යානයේ පාලනය එහි තාර්කික භාරකරු වන කොළඹ මහනගර සභාවෙන් නාවික හමුදාවට පැවරීය. කොළඹ නගර සභාව‍ට පත්වන ත්‍රිරෝද රියදුරන් හා‍ වෙනත් නියෝජිතයන්ට වඩා හොඳින් මෙම කාර්යය නාවිකයන් විසින් කරනු ඇතැයි රජය බලාපොරොත්තු වන්නට ඇත. එහෙත්, නාවික හමුදාව විසින් පවරාගෙන වසරකට වැඩිකාලයක් ගතවී තිබියදීත් විහාරමහාදේවි උද්‍යානයේ දුප්පත් තත්වය තවමත් වෙනස් වී නැත. නාවික හමුදාව විසින් කර තිබෙන ඇතැම් පැරණ ගස් කපාදැමීම හා වගාවන් ඉවත්කිරීම වැනි ක්‍රියාවලින් උද්‍යානයේ ප්‍රසන්නබව තවත් අඩුවී තිබේ. දැනටත් කෙරෙමින් තිබෙන සංවර්ධනයන් දැකිය හැකිය. එකකට අනුව නගර සබා ගොඩනැඟිල්ලේ සුවිසල් අංගනය උද්‍යානයේ අවකාශයට යා කෙරෙමින් තිබේ.

විහාරමහාදේවි උද්‍යානයේ සවිස්තර සංවර්ධන සැලැස්ම මෙතැනින් බැලිය හැකිය.  http://www.defence.lk/news/pdf/TownHall.pdf. පොදු ව්‍යාපෘති වෙනුවෙන් වියදම්කිරීමට රජය මෑතකාලයේ දක්වා තිබෙන කැමැත්ත අනුව බැලූ කල පැරණි උද්‍යානයේ නටබුන් මැදින් වඩා හොඳ නව උද්‍යානයක් මතු වනු ඇති බව අනුමාන කිරීමට පුළුවන. එහෙත්, තවමත් විහාරමහාදේවි උද්‍යානය ගන්නට දෙයක් නැත.

විහාරමහාදේවි උද්‍යානය ගැන කතා කරනවිට පෙම්වතුන් අමතක කරන්නට බැරිය. එදා පටන්ම පෙම්වතුන්ගේ පාරාදීසයක් වූ විහාරමහාදේවි උද්‍යානය ගොළුහදවතේ වෙරළු කන ළාමක ප්‍රේමයේ සිට ගස් කොළං පවා කීරිගස්සන නීල කාමුක දර්ශන දක්වා ප්‍රේමයන්ගේ තෝතැන්නකි. නිවෙස්වලට කොටුවී සිටින කොළොම්පුරයේ බහුතරයක් තරුණ ජනයාට සිය මූලික අවශ්‍යතාවන් පිරිමසාගැනීම සඳහා කලක පටන්ම විහාරමහාදේවි උද්‍යානය අඩුවියදම් විකල්පයකි. තත්වය වෙනස්කිරීමට උද්‍යාන පාලකයන් විසින් මහා යුද්ධයක් කරමින් තිබේ. කුඩ යට සෙනෙහෙවන්තයන් මර්දනය කිරීම පිණිස පොලිසිය යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීම පවා කරනු ලැබේ. කොළඹ ලිබරල් බුද්ධිමතුන් මේ පියවරවලට විරෝධය පළකරනමුත් මෙහි ඇත්තම ප්‍රශ්නයක්ද තිබේ. මන්ද, මිලියන ගණනක් වන කොළඹ වැසියන්ට හා එහි යන එන අයට නිදහසේ අතපය විහිදුවා සිය පවුල් සමග දුවපැන ඇවිදින්නට තිබෙන තැන මෙතනය.

විහාරමහාදේවි උද්‍යානයට එන මේ කණ්ඩායම් දෙක අතර සමතුලනයක් ඇතිකරන්නට අධිකාරීහු පියවර ගතයුතුය. දැනට ඔවුන්ගේ අදහසනම් ජෝඩුවලට මේ උද්‍යානය එක්තරා වේලාවක පමණක් වෙන්කිරීමයි. එබැවින් ජෝඩුවලට හෝ මිශ්‍ර ලිංගික මිතුරන්ට මේ උයන නිකම් පයින් ඇවිදින්නට පවා ඇතැම් වේලාවලදී තහනම්ය. ඒ කුමන වේලාවන්ද යන්නනම් අපි නොදනිමු. මෙය ඇත්තෙන්ම මිනිස් හිමිකම් උල්ලංඝනය කිරීමක්ද වන අතර ජෝඩුවලට උවමනානම් වෙනවෙනම ඇතුල්වී පසුව එක්වී තමන්ගේ කාර්යය කරගෙන යන්නටද පුළුවන. එහෙත්, ගේට්ටුපල්ලන් ජෝඩු වෙන්කිරීෆම්ලා කෙතරම් දැඩිද යත්, පිරිමින් තුන්දෙනෙකුගෙන් හා කාන්තාවකගෙන් සැදුම්ලත් 'යමු' කණ්ඩායම පවා වළක්වන ලදී. (අප කරන්නට ගිය දේ ගැන ඔවුන් සිතන්නට ඇත්තේ කුමක්දැයි දන්නේ ඔවුන් සහ දෙවියන් පමණි.)

ළමා අවිහිංසකත්වය හා යොවුන් ආශාවන් අතර ඇති වෙනස බරපතල ප්‍රශ්නයක් බව සැබෑය. එහෙත්, උද්‍යානය සමලිංගිකයන්ට පමණක් ඇතුල්වියහැකි තැනක් බවට පත්කිරීම එයට විසඳුම නොවේ. කිසියම් පාලනයක් අවශ්‍යය. එහෙත්, එය මීට වඩා බුද්ධිමත් ලෙස කළ යුතුව තිබේ.

විහාරමහා දේවි උද්‍යානය ගැන ඍන ආකල් පසෙකලා සිතනකල අප මතක තබාගතයුතු කරුණ වන්නේ මේ වනාහි කොළඹ එකම උද්‍යානය බවයි. කුරුල්ලන් වසා සිටින පැරණි සුවිසල් තුරුලතාවලින් හා පල්වලවල් නොවන දියපොකුණකින් දෙකකින් සැදි, නගර ශාලාව හා නෙළුම් පොකුණ රඟහල සුන්දර ලෙස පෙනෙන මේ හරිත අවකාශය කොළොම්පුරයේ කොංක්‍රීට් මැද දවස ගෙවන මිනිසුන්ට නිදහසේ හුස්මක් ගැනීමට, අතපය විහිදුවා ඇවිදීමට හා බංකුවක් මත හිඳ පොතක් කියවීමට හෝ අලස සුවය විඳිමට වටිනා තැනකි.

අප නිර්දේශ කරන්නේ කොළඹ වැසියන් හැකිතරම් මෙහි යායුතු බවයි. අඩු තරමේ කොළඹ වැසියන්ට තිබෙන එකම උද්‍යානයට රජය කුමක් කරන්නට යන්නේද කියා විමසිලිමත්වීමට හෝ එසේ කළයුතුය. මන්ද, උද්‍යානයේ දැනට නිතර ගැවසෙන්නන් වන ළමයින්, රස්තියාදුකාරයන්, නිවාස නැතිඅය හා පෙම්වතුන්ට පමණක් එම කාර්යය පැවරිය‍ නොහැකි බැවිනි.

මේ පිළිබඳ ඔබේ අදහස් දක්වන්න.

TIP

If you're a couple, enter separately, or from one of the side entrances.

Address

Viharamahadevi Park, Colombo 7

Report Inaccuracy

Open until 06:00 PM

Have you visited this place?

Write your own review!
See 5 Comments