Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Villa Red

9A L.T.P. Manjushri Mawatha, Aluthgama


If you're traveling in packs, Villa Red is a far better value than the package hotels in Bentota. You have full access to the river and watersports and have a really well-equipped villa to hang out in.



ඇඟලුම් සහ බොක්සිං අධිපති ඩයන් ගෝමස්ගේ පුද්ගලික නිවාසය තමයි විලා රෙඩ්. ඒක එයා කුලියට දෙනවා විලා එකක් විදිහට. ඒක විනෝදාත්මක ප්‍රදේශයක (ජල ක්‍රීඩා, ලුණුගඟ, කැස්බෑවෝ) පිහිටි විනෝදාත්මක ස්ථානයක් (තටාකය, හොඳ ස්ටීරියෝ, ටී.වී.) ඔබට සම්පුර්ණ විලා එකම කුලියට ගන්න සිද්ධ වෙන නිසා කණ්ඩායමක් එක්ක ගියොත් තමයි වඩා හොඳ. (10 දෙනෙකුට පහසුවෙන්ම මෙතන ඉන්න පුළුවන්.) හේතුව ඒක මිල අධික වීමයි. විලා එක යන කාලය අනුව එක රැයකට ඇමෙරිකානු ඩොලර් 500-750 අතර (රුපියල් 66,000 සිට 99,000 දක්වා) වෙනවා.

මිල

සාමාන්‍යයෙන් අපි මිල දාන්නේ අන්තිමට. ඒත් අපි රෙඩ් විලා සම්බන්ධයෙන් මිල මුලටම දාමු. මොකද ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේක කොයි වගේ තැනක්ද කියන එක. රැයකට රුපියල් 99,000ක් කියන්නේ ලොකු ගාණක්. ඒත් මතක තබා ගන්න ඕනේ එකේ කාමර 5ක් තියෙනවා කියලා. කලපුවට එහා තියෙන බෙන්තොට බීච් හෝටලය වගේ මීට වඩා අඩු පහසුකම් තියෙන හෝටලයක් එක්ක බැලුවහම එක කාමරයකට රුපියල් 13,000 සිට 20,000ක් වෙන රෙඩ් විලා ඩබල් රූම් එකක මිල සමානයි. එහෙම බැලුවහම රෙඩ් විලා ඇත්තටම ගෙවන මුදලට වටිනවා. විශේෂයෙන්ම ඔබට ජෝඩු යාළුවෝ ඉන්නවනම්.

Price Per Night ($)    Price Per Night (Rs) Price Per Room (5)

Sept 1/Oct 31            $500   Rs. 66,000      Rs. 13,200

Nov 1/Dec 14            $600   Rs. 79,000      Rs. 15,800

Dec 15/Jan 10           $750   Rs. 99,000      Rs. 19,800

Jan 11/April 30         $600   Rs. 79,000      Rs. 15,800

May 1/July 15            $500   Rs. 66,000      Rs. 13,200

කෑම මිල මෙහි අන්තර්ගත වෙලා නැති බව සලකන්න. එයාලා අය කරන්නේ කෑම සඳහා යන බඩු භාණ්ඩවල මිල විතරයි. ඔයාලටම කෑම සපයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙ තියෙන මෙනූ එකෙනුත් ඇණවුම් කරන්න පුළුවන්.

විලා

අපි දැන් විලා එක ගැන කතා කරමු. ප්‍රධාන පුදුමය තමයි එක ගාලු පාරට කොච්චර කිට්ටුද කියන එක. බෙන්තොට පාලමට ඉස්සෙල්ලා දකුණු පැත්තට හරවන්න. එක ගාලු පාරෙන් මීටර  10කට ඈතින් තියෙන්නේ. ඒක ඇතුළට ගියාම හරිම හුදකලා වෙච්ච ගතියක් දැනෙනවා. බෙන්තොට ගඟේ අනිත් පැත්තේ තියන හෝටල්වලට මුහුණලා බෝට්ටු තටාකයක් තියෙනවා.

විලා එකේ ප්‍රධාන ශාලාවක් එක්ක  වාඩිගන්නා ප්‍රදේශයක් (ටී.වී., ස්ටීරියෝ) සහ තටාකය පෙනෙන ලෙස සැලසුම් කළ කෑම කාමරයක් තියෙනවා. ප්‍රධාන ශාලාවෙන් ටිකක් ඈත අමුත්තන්ගේ නිදන කාමර තියෙනවා. ප්‍රධාන නිදන කාමරය තියෙන්නේ තටාකය ළඟ වෙනම ගොඩනැගිල්ලක.

අපි නිදන කාමර ගැන තව දුරටත් කතා කරමු. ඒත් ඉස්සරවෙලා පොදු ඉඩකඩ ගැන කතා කරමු. මාවෝ සේතුං සහ ස්ටාලින් වැනි ජන ඝාතකයන්ගේ ලොකු පින්තුර දෙකක් තියෙනවා. ඒවා ගැන දොරේ තියෙන්නේ ඒවගේ කලාත්මක සුන්දරත්වය නිසා සවි කර ඇති බවයි. ඒවා ලස්සනයි. ඔබට ඒ ගොල්ලෝ ගැන වැඩිදුර කියවන්න ආස නම් පොත් රාක්කයේ ඒ දෙන්නා ගැන කදිම සහ නිවැරදි චරිතාපදාන තියෙනවා.

මාවෝගේ විශාල පින්තුරය යට විශාල ටී.වී. එකකුයි (ඩයලොග් ටී.වී. සහිත) කදිම ස්ටීරියෝ එකකුයි තියෙනවා. සී.ඩී. තැටි තිබුණත් අපි අපේ MP3 ධාවක එයට සම්බන්ධ කළා. ඩී.වී.ඩී. ධාවකත් තිබුණා. මං හිතන්නේ බ්ලූ රේ ධාවක වෙන්නැති.

ඉදිරිපස ආලින්දයකුයි පුංචි වාඩිවෙන තැනකුයි තියෙනවා වුණත් අපි ඒවා පාවිච්චි කළේ නෑ. නරක පැත්ත තමයි කාර්ය මණ්ඩලය නිතරම ළඟින් ඉන්න එකයි සමහර වෙලාවට පොදු ප්‍රදේශ වලත් ඉන්න එකයි. ඒ නිසා අපිට හරියට සැහැල්ලුව ඉන්න අමාරුයි. රාත්‍රියේදී වුණත් ආරක්ෂක නිලධාරියා ඇතුළටයි එළියටයි යමින් හිටියා. පුද්ගලික විලා එකක එහෙම කරන්න හොඳ නෑ.

ප්‍රධාන නිදන කාමරය තමයි සැපපහසුම එක. ඒක ආවෘත ගොඩනැගිල්ලක් නිසා ඒක තමයි විලා එකේ පෞද්ගලිකම කාමරය. ගඟයි තටාකයයි එතනට පෙනෙන විදිහට තමයි කාමරය හදලා තියෙන්නේ. ඒකෙ ටී.වී. එකක් සහ ස්ටීරියෝ එකකුත් තියෙනවා. දැවැන්ත නාන කාමරයකුත් තියෙනවා. ඇත්තටම අපේ කාලයෙන් වැඩි වෙලාවක් අපි ගත කළේ මෙහෙදියි.

අමුත්තන්ගේ නිදන කාමර ප්‍රධාන එකට වඩා ටිකක් පුංචි වුණත් පුංචි, ඒත් හොඳින් උපකරණ සවිකළ නාන කාමර තියෙනවා. ඒවා සාමාන්‍ය ඩබල් රූම්. වෙනසකට තියෙන්නේ චේගේ පින්තූර තියෙන එක.

ඇඳ ඇතිරිලි හොඳ ඒවා වුණත් තුවා නම් කෙළින්ම ඔඩෙල් එකෙන් ගත්ත ඒවා. ඔබ ඒ වගේ දේවල් ගැනත් සැළකිලිමත් වෙනවනම් ඔඩෙල් තුවා ඒ තරම් සුවපහසු ඒවා නෙවෙයි.

කෑම

අපි කෑම වේල් දෙකක් එහින් ගත්තා. රෑ කෑම (BBQ) සහ උදේ කෑම. හැම කෑමක්ම ඕනෙවට වඩා බෙදලා තිබුණා. ගොඩක් කෑම වර්ග හොඳයි. BBQ රෑ කෑම එකට මම දන්නා ගොඩබිම සහ මුහුදේ සත්තුන්ව උයලා තිබුණා. ඌරුමස්, කුකුල් කකුල්, සොසේජස්, කකුළුවෝ වගේ දේවලුත් එළවළු ලසඤ්ඤා, ප්‍රෝන් කොක්ටේල් වගේ දේවල්.

බටහිර කෑම හරි හොඳයි. ශ්‍රී ලාංකිකයෝ කැමති විදිහට ටිකක් ගානට වඩා පදම් කරලයි තිබුණේ. ඒත් ශ්‍රී ලාංකික කෑම බටහිර කම්වලට වඩා ගොඩක් හොඳයි. කඩේ පාන්, ඉඳි ආප්ප, පොල් රොටී එක්ක චිකන් කරි, කිරි හොදි, පොල් සම්බෝල, කට්ට සම්බෝල එක්ක අති විශිෂ්ට කෑම වේලක් තිබුණා. බැදපු බිත්තර දෙකකුත් තිබුණා. හොඳ ශ්‍රී ලාංකික කෑම වේලක් කියන්නේ ඇත්තටම හරි ලස්සන දෙයක්. මෙයාල ඒක හරියට කරන්න දන්නවා.

ඇණවුම් කරනවානම් අපි නිර්දේශ කරන්නේ ශ්‍රී ලාංකික කෑම වේලක්. හැබැයි ඉතින් ඔබේ කැමැත්ත අනුව.

සේවාව

ෆර්නැන්ඩෝ මහතා තමයි සේවා කණ්ඩායම මෙහෙයවන්නේ. එයා මෙතන දශක ගණනාවක් වැඩ කරලා තියෙනවා. එයා ඇවිල්ලා තියෙන්නේ වර්තමාන අයිතිකරුටත් ඉස්සර. උයන සහ පිරිසිදු කරන තවත් හාදයෝ කීපදෙනක් ඉන්නවා. ආරක්ෂක නිලධාරියෙකුත් ඉන්නවා. ඒක පුංචි තැනක් වුණත් සම්පුර්ණ සේවාවක් ලබා දෙනවා.

අපේ එකම පැමිණිල්ල තමයි පෞද්ගලිකත්වය. සේවකයෝ පොදු ප්‍රදේශ හරහා ඇවිදින නිසා අපි වැඩි හරියක් කාමර වලට වෙලා තමයි හිටියේ.

පිහිටීම

බෙන්තොට කියන්නේ මුල්ම සංචාරක නගරේ. හැබැයි වෙරළ නම් පීනන්න එතරම්ම හොඳ නෑ. මෙහෙ ලස්සනයි වගේම සාමාන්‍ය වෙරළබඩ නගරයකට වඩා කරන්න දේවල් තියෙනවා. ජෙට් ස්කීං ටියුබ් වල නැගලා ඇදගෙන යාම වගේ ජල ක්‍රීඩා මෙතන කරන්න පුළුවන් විලා රෙඩ් තියෙන්නේ බෙන්තර ගඟ අසබඩ නිසා.

ජෙෆ්රි බාවාගේ ලුණුගඟ වත්තට ගිහින් බලන්න වටිනවා. කැස්බෑවුන් බෝකරන තැන් සහ හික්කඩුවට වාහනෙන් යන දුර.

නිගමනය

පිරිසක් එක්ක ඇවිදින්න යනවනම් බෙන්තොට තියෙන අනෙක් පැකේජ් හෝටල් වලට වඩා විලා රෙඩ් හොඳයි. ගඟටයි ජල ක්‍රීඩා වලටයි යන්නත් පුළුවන්. කාලය ගතකරන්න හොඳට උපකරණ සහිත විලා එකකුත් තියෙනවා.

TIP

Try out the watersports, even just an inner tube ride. It's a fun river for that. Plug in your MP3 player to the excellent stereos.

Address

9A L.T.P. Manjushri Mawatha, Aluthgama

Directions

From the Southern Expressway, take the Welipana exit (Aluthgama). As you exit, turn right and head west on the B157 (the Aluthgama Road). It's under construction in parts. The road hits Aluthgama town at a roundabout. Turn left there and take the left turn right before the bridge. The Villa is 10m down. From the Galle Road just drive till Aluthgama, etc.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open 24 hours

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments