Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Visaree Falls (Bambaragasyaya)

Visaree Falls, Bambaragasyaya, Hunuketiya, Ella, Uva.


විකසිත වුවද වියළී ගියද දිය ඇල්ලක් මනරම්ද පාමුල හිඳද මුදුනත හිඳද දිය ඇල්ලක් නරඹම්ද



විකසිත වුවද වියළී ගියද දිය ඇල්ලක් මනරම්ද

පාමුල හිඳද මුදුනත හිඳද දිය ඇල්ලක් නරඹම්ද

සිත කැළඹෙම්ද ගත නැලවෙම්ද දිය දෝතක් ගෙනයම්ද

යළි නොම එම්ද මතකය වෙම්ද දිය දහරක් සුරකිම්ද

සිහින් පිණි පොදක් සිහිල් සුලඟකට මුසුව විත් ගතෙහි දැවටෙද්දී හිමිදිරියේම බණ්ඩාරවෙල නගරයෙන් බැසගත් මාත් මිතුරාත් ඉදින් ගොඩ වූයේ බණ්ඩාරවෙල සිට වැල්ලවාය හරහා මාතර දක්වා ගමන් කරන බස් රථයකටය. දින කිහිපයකට පෙර සිටම කතිකා කර ගත් පරිදි අපගේ අරමුණ වූ‍යේ ඇල්ල, වැල්ලවාය නගර මධ්‍යයේ, හුණු කැටිය මං සන්ධියෙහි සිට පූනාගල කඳු පන්තිය දෙසට වන්නට පිහිටා ඇති විසාරී දිය ඇල්ල තරණය කිරීමත් එහි සුන්දරත්වය රස විඳීමත් විය.

හුණු කැටිය මං සන්ධිය පිහිටා ඇත්තේ ඇල්ල - වැල්ලවාය මාර්ගයෙහි ඇල්ල නගරයෙහි සිට කිලෝමීටර දහ අටකට ආසන්න දුරකිනි. එතැන් සිට පූනාගල කඳු පන්තියෙහි දකුණු පස බෑවුම දක්වා දිවෙන කොන්ක්‍රීට් ඇතිරූ පටු මාර්ගය බඹරගස්යාය ගම්මානයෙන් අවසන් වුවද විසාරී ඇල්ල දැක බලා ගැනීමට එතැන්සිට තවත් මීටර තුන් සියයක පමණ දුරක් පාගමනින් ගමන් කල යුතුය. ඒ හැරුණු කොට උමා ඔය ව්‍යාපෘති මාර්ගයේ අවසානය තෙක් පැමිණ කුරුගම ගම්මානය හරහා වැටී ඇති පටු මාර්ගය ඔස්සේද විසාරී ඇල්ල වෙත ලඟා විය හැකිය.

පූනාගල කඳු මුදුන්හි වන ජල උල්පතින් නිරන්තර පෝෂණය ලබා සාදින්නාගල කඳු නිම්නය ඔස්සේ ගලා එන කුඩා ඔය පහර 'විසාරී' නමින් ඇල්ලක ස්වරූපයට පණ පෙවීමට මත්තෙන් ස්වයංපෝෂිත ගම්මාන දෙකක ගොවිතැනට පණ පොවයි. ගල් කුළු මතින් පනිමින් විටෙක රළුව පෙණ පිඬු නඟමින්ද විටෙක සුමුදුව නිහඬව හිඳිමින්ද කිලෝමීටරයකට අධික දුරක් වන දුර්ගය ඔස්සේ ඇදී එන මෙම ඔය පහර සුමට පුළුල් ගල් තලාවක් පසු කොට කුඩා දෙබොක්කාවකින් නික්මෙනුයේ සිහින් පිණි බිඳු රාශියක් දසත විසිරුවමිනි. ඉන් තැනෙන වළා පටලය හිරු කිරණ පහසින් දිදුලද්දී විසාරී ඇල්ල මුදුනත ඈතට දිස්වන අයුරු නම් සැබවින්ම මනස්කාන්තය.

උසින් අඩි අසූවක් පමණ වන විසාරී ඇල්ල ප්‍රධාන ශෛල ස්ථර දෙකකින් පැන විත් ඔය පහරක ස්වරූපයෙන් තම වත වනය තුල සඟවා ගත්තද කුරුගම ගම්මානයටත් බඹරගස්යාය ගම්මානයටත් පුරා අවුරුදු විස්සකට අධික කාලයක් මුළුල්ලේ කල සේවය සැඟව ගොස් නැත. විසාරී ඔය උපයෝගී කර ගනිමින් 1976 වර්ශයේ ඉදිවූ කුඩා ග්‍රාමීය විදුලි බලාගාරය අදටත් ඇල්ල පාමුලට තරමක් මෙපිට හිඳ ඒ බැව් මැනවින් කියාපායි.

විසාරී අල්ල මුදුනෙහි වන ගල් තලාවද කඳවුරු බැඳි රාත්‍රියක පහස විඳිමට නම් කදිම ස්ථානයකි. ඔය පහර දෙපස ඇති තරමක් උස් පැතලි ගල් කුළු කිහිපය ඊටම දායාද වූවන් වේ. ඇති තරම් පිරිසිදු ජලයත් ගිණි මැලය සඳහා අවශ්‍ය වන දර කොටන් සහ කොළ රොඩුත් අත දිග මානයෙන් සොයා ගත හැකි මෙම ගල් තලාව වන මෘගයන්ගෙන්ද එතරම් ගහන නොවන බැවින් ආරක්ෂාකාරී විනෝදබර රැයක පහස ලබා ගැනීමට නම් අතිශයින්ම අගනේය.

උදෑසන කුළුඳුල් හිරු කිරණ මහ පොළව සිප ගනිද්දී සිහිල් මිහිදුම් පටල විත් ගත වෙලෙද්දී විසාරී ඇල්ල මුදුනත වන පටු දර්ශන පථය ඔස්සේ දෙනෙත ගැටෙන කඳු පාමුල ගම්මානයත් ඈත කඳු පන්තියත් දෙපස වන වදුලෙන් නොනවත්වා නැගෙන විහඟ නාදයත් ස්වභාවධර්මයෙහි ආශිර්වාදයෙන් ගත සිත මුසපත් කරන බැව් නම් නොඅනුමානය.


TIP

Go for night camping at the top of water fall.

Address

Visaree Falls, Bambaragasyaya, Hunuketiya, Ella, Uva.

Directions

About 500m from Bambaragasyaya village in to the jungle.

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
3
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment