Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

3/5

The Fab Cafe

196, Castle Street, Colombo 08


The Fab Cafe, the coffee lounge by The Fab is relatively unknown cafe down Castle street. They've got a chic space and some great Hot chocolate.



දැන් කාලේ කෙසේ වෙතත්, ඒ කාලේ බර්ත්ඩේ එකකට ෆැබ් කේක් එකක් නෑ කියන්නේ ඒ පාටියට ගිහිල්ලත් වැඩක් නෑ. ඒ තරම් රසට කේක් හදපු ෆැබ් එක, එදා මෙදාතුර ලංකාවේ ප්‍රසිද්ධ බේකරි චේන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. හැබැයි අහලා තියෙනවද ෆැබ් කැෆේ එක ගැන? මේකත් ෆැබ් එකේ ම වැඩක්. අපි දන්න තරමින් තියෙන්නේ බොරැල්ලේ විතරයි. මුලින් හැඳින්වූවේ Vivace කැෆේ එක කියලා. දැන් කාලෙක ඉඳලා එයාලා ෆැබ් කැෆේ නමින් තමයි රෙස්ටෝරන්ට් එක කරගෙන යන්නේ. කාලෙකින් ගිහින් නැති නිසා, පහුගිය ඉරිදාවේ උදේ වරුවේ අපි මෙතැනට ගොඩ වුණා.

තැන

බොරැල්ලේ ෆැබ් එක දන්නවා නේද? ඔය කාසල් හොස්පිටල් එක පහු කරගෙන රාජගිරිය පැත්තට යද්දී මුණගැහෙන ෆැබ් එකේ උඩ තට්ටුවේ තමයි මේ ෆැබ් කැෆේ එක තියෙන්නේ. මුලින් ෆැබ් එකට ගිහින්, ඇතුළේ තියෙන ලිෆ්ට් එකෙන් උඩ තට්ටුවට ගියා නම් හරි.

මේකේ වාතාවරණයට අපට සෑහෙන්න ආස හිතුණා. පුදුම නිස්කලංක ගතියක් තියෙන්නේ. උදේ පාන්දර නිසා සෙනඟ ගොඩක් හිටියෙත් නැහැ. ඒසී කරලා, සැප පහසු පුටු දාලා, ඔරිජිනල් කැෆේ එකක තියෙන්න ඕනේ ‘cosy’ ගතිය මෙතැන හොඳට ම තියෙනවා.

කෑම බීම

මේක ෆැබ් එකෙන් ම කරගෙන යන තැනක් වුණත්, මෙනුව සම්පූර්ණයෙන් ම වෙනස්. එච්චර පත එකක් නෙවෙයි හැබැයි. කෝපි, හොට් චොකලට්, ජූස් වගේ ජාති බීම මෙනුවේ තියෙනවා. සැන්විච් ජාති, ස්පගැටි වගේ දේවල් එක්ක ඩෙසර්ට් ජාති  කීපයක් කෑම විදියට ගන්න පුළුවන්.

බීම විදියට අපි තෝරගත්තේ “හොට් චොකලට්” (රු.350), “කැපුචිනෝ” (රු.350) සහ “කැෆේ මෝකා” (රු.350) එකක්. කෑම මෙනුවෙන් “බ්‍රෙක්ෆස්ට් ප්ලැටර්” (රු.380) එකකුයි, “ගාලික්, ග්‍රීන් ඇන්ඩ් චීස් ටෝස්ට්” (රු.220) එකක් ඕඩර් කළා.

මුලින් කියන්නම්කො හොට් චොකලට් එක ගැන. මේක නම් ඇත්තමයි අමතක නොවෙන රසක්. චොකලට් රස උතුරනවා. හොඳ උකු ගතියට, උණුවට තිබුණා. චොකලට් විතරක් නෙවෙයි, උඩින් කැරමලුත් වත් කරලා කියන්නකෝ. කාලෙකට පස්සේ බිව්ව හොඳ ම හොට් චොකලට් එකක් කියලා බයක් සැකක්‌ නැතුව කියන්න ඇහැකි.

කැෆේ මෝකා එකත් නියමයි. කෝපි, කිරි රස නියමෙට බැලන්ස් කරලා. සීනිත් ගානට. නිදිමත, කම්මැලිකම් මුකුත් නෑ මේක බිව්වම.

අනේ! කැපුචිනෝ එක නම් හෙන අවුල්. වතුර වගේ. කෝපි රස එන්නෙත් හෙන ළාවට. ගත්ත මෝඩකමට බිව්වා මිසක්, අපේ කිසිම කැමැත්තක් නෑ මේකට.

බ්‍රෙක්ෆස්ට් ප්ලැටර් එක නම් දුන්නු ගානට සෑහෙන්න වටිනවා. බේකන් පටි දෙකක්, ඔම්ලට් එකක්, සොසේජස් කරල් දෙකක්, චිකන් පැටී එකක්, සහ මෂ්රූම් ටිකක් මේකේ තිබුණා. හෑෂ්බ්‍රවුන් එක වෙනුවට තමයි ඔය චිකන් පැටී එක දුන්නේ. පට්ට සෝස් එකකුත් ලැබුණා මේකත් එක්ක. මේක කාලා අර මෝකා එක බිව්වා කියන්නේ ආයේ පැය ගාණකට ඇති.

ගාලික්, ග්‍රීන් ඇන්ඩ් චීස් ටෝස්ට් කිව්ව ම මං හිතුවේ නිකන් පාන් පෙත්තක් වගේ ලැබෙයි කියලා. මෙන්න බොලේ නියම රසට ටෝස්ට් කරපු පාන් පෙති තුනක් ම ආවා මේසෙට. මේක නම් පට්ට! මොස්රේල්ලා චීස් තොගයක් දාලා හදපු මේ ටෝස්ට් එකේ චීසි ගතිය ඕනේ තරම්. කොළ පාට මිරිසුත් කෑලි කපලා දාලා කියන්නකෝ. ඒ නිසා ස්පයිසි රසත් හොඳට තිබුණා.

සර්විස් එක

හප්පේ! සර්විස් එක නම් හරි අවුල් අප්පා. හරි ම ස්ලෝ. පැය බාගෙකට වඩා ගියා කෑම බීම ටික මේසෙට එන්න. මුලින් කිව්වේ සැන්විච් ජාති විතරයි දෙන්න පුළුවන් කියලා. පස්සේ අපි දෙතුන් සැරයක් ඇහුව නිසා ම දෝ කොහේදෝ ඔය අනිත් කෑම ජාති ටික ගන්න පුළුවන් කියලා කිව්වා.

අවසාන වශයෙන්

සුපිරි හොට් චොකලට් එකක් බිබී නිවීසැනසිල්ලේ පොතක් පතක් කියවන්න පුළුවන් නියම ම තැනක් විදියට මේ ෆැබ් කැෆේ එක හඳුන්වන්න පුළුවන්. ගණනුත් ගොඩක් ශේප්. වෙලාවක ඔයාලත් එහෙනම් ගිහින් බලන්නකෝ.  

Address

196, Castle Street, Colombo 08

Directions

Vivace is on the first floor of The Fab in Borella, which is on Castle Street past the Castle maternity Hospital, right at the turn off to Sarasavi Lane.

Contacts

Website

Report Inaccuracy

Open 7.00 AM - 8.00 PM

Cuisine

Western American

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Coffee Milkshakes

Ratings Breakdown

Overall Rating
3
Similar Places

See 2 Comments