Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

3/5

Walawwa Kade

Delivery only


A home-based venture with all right rice & curry.



ලැජ්ජාවෙ බෑ කියන්න, මේ ප්ලේස් එක ‘පික්මි ෆුඩ්’ එකේ තියෙනව කියල දන්නෙත් කඩේට කෝල් කරලා ඔ්ඩරයක් දාන්න ඇහුවට පස්සෙ. ඊට පස්සෙ ඉතින් ලැජ්ජාව පැත්තකින් තියලා.. “හා හා, හරි හරි” කියල ෆෝන් එක තිබ්බා. තියල අනික් පැත්තටම දැම්මා ඔ්ඩරේ..

බීෆ්, චිකන්, ඉස්සො රයිස් ඇන්ඩ් කරි (1ක් රු. 500) තුනක්!

ම්.. ට්‍රැෆික් ටයිම් එක වුනාට ඇත්තටම පැය බාගෙ යන්න කලින් කෑම ටික අපි ලඟටම ආවා. ඇවිල්ලා.. දන්නැද්ද ඉතින්, අපේ කට්ටියත් ඔන්න වටවෙලා වැඩේ පටන්ගත්තා. දෙන්නෙක් ඉස්සො එකේ, තව දෙන්නෙක් චිකන්, මායි යාළුවෙකුයි බීෆ්...

ඉස්ඉස්සෙල්ලාම කියන්න ඔ්න බීෆ්.. ඇත්තටම පංකාදු පහයි. ෆුල් ශ්‍රී ලංකන් විදියට ගම්මිරිස්, බැදපු තුනපහ, රම්පෙ කරපිංච මදි නොකියන්න දාලා, හොද්දත් ටිකක් තියෙන්න.. ආයෙ පරාටා ටිකකට වගේ නම් මරු. අනික හොඳහැටි කිරි, අමුතුනපහ දාලා හදපු පරිප්පුවත්, බීෆ් එකටම කියාපුනෙ. බතත් කීරි සම්බා හාලෙන්. ආයෙ උණු උණුව නිසා.. සුවඳේ බෑ. එතකොට.. බටු කරියක් තිබ්බා ඒකටත් කිරි, තුනපහ පදමටම දාලා හොද්ද තියෙන්න හදලා. හැබැයි බටු තලල නෙවෙයිද කොහෙද දාලා තියෙන්නෙ, එකකවත් පොතු ගැලවෙන්නෙ නෑ. ම්.. ඒ හැරුනාම ඉතින් තව බණ්ඩක්කා තෙල් දැමුමකුත් තිබ්බා. මිරිස් එහෙම නම් සෑහෙන්න අඩුවෙන් දාලා තිබ්බෙ ඒකට. හැබැයි ලාවට කරවෙන්න වගේ අල්ලල හදල නිසා මම නම් ඒ රසට කැමතියි. කොහොමවුනත් ෆ්‍රෙෂ්පිට තිබ්බ ගොටුකොළ සම්බෝලය නම් ටොප්. ලුණු ඇඹුල් පදමත් නූලට, ලූණු ගම්මිරිස් පදමත් ගානට!

ඇත්තම කිව්වොත් අනිත් බත් වලත් තිබ්බෙ ඔය එළවළු ව්‍යංජන ටිකම තමයි. ඒත් ඉස්සො එකේ.. ඉස්සො, හරි රසයි. හැබැයි ලොකු දෙයක් නම් නෑ. සාමාන්‍යම ඉස්සො කරියක්. ගානටම වගේ කිරි, තුනපහ, මිරිස් අඩුම කුඩුම ටික දාලා හදපු.

වැඩේ වුනේ චිකන් එකනෙ. අනේ.. පොඩි කෑල්ලක් ඉල්ලගෙන කෑවෙ යාළු, රස බලන්න ඔ්න නිසා. ඒ කෑවත් හරි, චිකන් එකත් බීෆ් එකේ රසම කියන්නකො. හරියට එකම ඇතිලියක දාලා උයල වගේ. ඒ තරමට රස සමානයි. අර මසේ වෙනස තිබ්බ නිසා මිසක් නැත්නම් හොයනව බොරු. මං හිතන්නෙ මෙයාලා ලඟ තියෙන්නෙ සියළු මස්වලට එකම රෙසිපියක්ද කොහෙද..

අනේ මන්දා!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment