Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Warehouse Project

Diyatha Uyana, Battaramulla


This stall serves a variety of stuff - from nai miris to pollos cutlets to dim sum. It's all very good.



අපි මේ සාප්පුවට “වෙයාර්හවුස් ප්‍රොජෙක්ට්” කියලා කියන්නේ මේකේ වෙන නමක් ගහලා නැති නිසයි. වෙයාර්හවුස් ප්‍රොජෙක්ට් කියන්නේ මරදානේ තියන ප්‍රජා මධ්‍යස්ථානයක්. ඒත් අපි කියන්නේ එයාලගේ ගුඩ් මාර්කට් එකේ තියෙන වෙළඳසල ගැනයි. මේ වෙළඳ සලේ නයි මිරිස් සිට පොලොස් කට්ලට්ස් සිට ඩිම් සම් දක්වා විවිධාකාර දේවල් විකුණනවා. ඒ ඔක්කොම ජාති හරි කදිමයි.

කෑම

පසුගිය සති අන්තයේ අපි එයාලගේ අළුත් නිෂ්පාදන කිහිපයක්, ඩිම් සම්, ඇලෙන බත්, අළුත් කැෂුනයිස් ඩිප්/සෝස් එකක් රස බැලුවා.

ඩිම් සම් ඇති විශිෂ්ටයි. උණු උණුවෙන් හදලා චොප් ස්ටික්ස් එක්ක තමයි දෙන්නේ. තියෙන ෆ්ලේවර්ස් තමයි කරි සැටේ, ස්පයිසි ෂීටේක් සහ බතල, චිකන් සහ ඉස්සෝ ෂු මයි. අපි චිකන් සහ ඉස්සෝ කෑවා. ඒක අතිවිශිෂ්ඨයි. ඩම්ප්ලිං, ෆිලිං සහ ඩිපිං සෝස් ඔක්කොම හරිම රසයි.

ස්ටිකි රයිස් (සොංසි) කදිමයි. ඒක පිළිගන්වන්නේ කෙසෙල් කොළේක ත්‍රිකෝණයක හැඩයට ඔතලා. ඒක ඇරපුවම චොප්ස්ටික් එකෙන් කන්න පුළුවන් විදිහේ බතුයි හොඳ චිකන් කෑලියි පුංචි ඉස්සොයි හැඩ වැඩ දමපු බිත්තරයකුයි හම්බවෙනවා. ෆ්ලේවර්ස් වර්ග රාශියක රස දැනෙනවා. අපිටනම් ඒක සිත් ඇදගන්නා සුළු පෙරදිග ලම්ප්‍රයිස්  එකක් වුණා. මේ සාම්ප්‍රදායික පිළිගැන්වීම තරමක් පරණ ක්‍රමයක්.

අන්තිමට අපි මිලදීගෙන ගෙදර අරන් ගිය කැෂූනයිස් (රූ. 500) රස බැලුවා. ඒක කජු, ඇපල් සයිඩර්, විනාකිරි ආදියෙන් හදපු සෝස් එකක්. ඒක නිර්මාංශ ආහාරයක්. මුලින්ම අපිට හිතුණේ මිශ්‍රණය පැණිරස වැඩියි කියලා. ඒත් ඒකට අපි හුරු වෙනවා. අපි දවස් කිහිපයකින් බෝතලේම ඉවර කළා. ඒක කජු වලින් වැඩ ගන්නා හරිම නිර්මාණාත්මක අවස්ථාවක්. ඒක හරිම ෂෝක්. ඒක නිර්මාංශ ආහාර ගල්වලා කන්න හොඳ සෝස් එකක්.

සේවාව

ගුඩ් මාර්කට් එකේ ඉන්න නිසා මිනිස්සු එයාලගේ නිෂ්පාදන එයාලම හදනවා. ඒ නිසා සේවාව ඉස්තරම්.

බත්තරමුල්ලේ ගුඩ් මාර්කට් එක තියෙන්නේ සතියකට සැරයක් (බ්‍රහස්පතින්දා දවස්වල) නිසා ඔබට ඇණවුම් සඳහා ඔවුන් අමතන්න පුළුවන් 779158442 දුරකථන අංකයෙන්.

TIP

Try everything, it's all good.

Address

Diyatha Uyana, Battaramulla

Directions

Head down the Parliament Road till you get to Water's Edge, just before Battaramulla. You'll see the market on your left.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open 12 to 8 PM (Thursdays). Call otherwise

Cuisine

Asian

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 4 Comments