Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

Watalappan.lk

No 184/5, Devala Road, Thalangama South, Battaramulla


A home-baker that serves a range of desserts including Watalappan, Chocolate biscuit pudding, and Jelly custard, etc.



රාමසාන් කාලේ එද්දී අපේ අය හැමෝම දත කට මැදගෙන ඉන්නේ වටලප්පන් කන්න. අපේ මුස්ලිම් යාළුවන්ට බටර් කිලෝ ගණන් ගාලා ගෙන්නගන්න වටලප්පන් එක බොහොම කෑදරකමින් තමයි අපි කන්නේ. අවුරුද්දකට සැරයක් දෙසැරයක් වගේ කලාතුරකින් කැවෙන නිසාද කොහේද මේක අපට වැඩියත්ම රස. කොහොමින් කොහොමහරි ඔන්න YAMU එකේ අපටත් එකපාරටම "වටලප්පන් බඩගින්නක්" ආව නිසා අපි හිතුවා Watalappan.lk එකට කතා කරන්න. Watalappan.lk කිව්වට වටලප්පන් විතරක් නෙවෙයි, චොකලට් බිස්කට් පුඩින්, ජෙලි කස්ට්ඩ් වගේ අතුරුපස වර්ග මෙයාලගෙන් ඕඩර් කරන්න පුළුවන්.

අතුරුපසවල රස

අපි ඕඩර් කලේ චොකලට් බිස්කට් පුඩිනුයි, වටලප්පනුයි. බොහොම පිළිවෙලට කාඩ්බෝඩ් පෙට්ටියක අතුරපු වටලප්පනුත්, ප්ලාස්ටික් භාජනයක දාපු චොකලට් බිස්කට් පුඩින් එකත් සීතල රැඳෙන විදියට, ගෙදර ළඟටම ගෙනත් දෙන්න Watalappan.lk එක සමත්.

දැක්ක ගමන් කන්න හිතෙන පෙනුමක් තමයි වටලප්පන් එකේ තිබුණේ. තද දුඹුරු පාටට දිලිසෙන වටලප්පන් එක කෑලිවලට කපලා, ඊට උඩින් මුද්දරප්පලම් වගේම කජුත් දාලා තිබුණා. හැබැයි මේ වටලප්පන් එක තරමක් පැණි රස වැඩියි. වටලප්පන් කියන්නේ කොහොමත් පැණි රස අතුරුපසක් බව හැබෑව. ඒත් කිතුල් හකුරු රසට වඩා සීනි උණු කරලා හදපු පැණිවල තියෙන රස තමයි මේ වටලප්පන් එකේ තිබුණේ. සාමාන්‍ය වටලප්පන් එකකට වඩා, වටලප්පන් රස පුඩින් එකක ගතියක් මේකෙන් දැනුණා කිව්වොත්, එක හරියටම හරි. ඒ තරම් මෘදු ගතියක් මේ වටලප්පන් එකේ තිබුණා. ඒත් හොඳට සීතල කරලා ගත්තම නම්, හොඳ රසක් මේකෙන් එන බව අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.

චොකලට් බිස්කට් පුඩින් එක ගැන නම් ඇත්තටම හොඳක් කියන්න අමාරුයි. හොඳට චොකලට් තියෙන පාටක් පිටින් පේන්න තිබුණත්, මේකේ ඇතුළේ තිබුණේ බිස්කට් විතරයි. කොටින්ම කියනවා නම්, පුඩින් එක මතුපිටින් විතරයි චොකලට් තවරලා තිබුණේ. අපට තේරුණු විදියට නම්, මැලිබන් ගෝල්ඩ් මාරි වෙනුවට මේකේ පාවිච්චි කරලා තිබුනේ මන්චි ටිකිරි මාරි. ඒ නිසා පැණි රසත් හුඟක්ම වැඩියි මේ චොකලට් බිස්කට් පුඩින් එකේ.

මිල ගණන්

ග්‍රෑම් 80 කප් විදියට වගේම, කිලෝ ගණන් විදියට මේ අතුරුපස ඕඩර් කරන්න පුළුවන්. රුපියල් 1200ක් වගේ මුදලක් අය වෙන මේ වටලප්පන් කිලෝග්‍රෑම් 2ක් ලේසියෙන්ම විසිදෙනෙක්ට බෙදාගන්න ඇති. චොකලට් බිස්කට් පුඩින් ග්‍රෑම් 500කට රුපියල් 500ක් අය වෙනවා. හැබැයි ඔයාලා මේ අතුරුපස වර්ග කිහිපයක් එකපාර ඕඩර් කරනවා නම්, මීට වඩා ටිකක් අඩු ගාණක් තමයි යන්නේ. පොඩි ඩිලිවරි ගාස්තුවකුත් මේ එක්කම ගෙවන්න වෙනවා. (බත්තරමුල්ලේ ඉඳන් බම්බලපිටියට එන්න ඩිලිවරි ගාස්තුව විදියට මෙයාලා අපෙන් ගත්තේ රුපියල් 250ක මුදලක්.)

ඕඩර් කරන්නේ කොහොමද?

077 607 7483 නොම්මරේට කතා කරලා වගේම, Facebook එකේ Watalappan.lk පේජ් එකෙන් මැසේජ් එකක් දාලා මෙයාලගේ අතුරුපස ගෙදරටම ගෙන්නගන්න ඔයාලට පුළුවන්. අඩුම තරමේ දවසකට කලින් ඕඩර් එක දෙන්න පුළුවන් නම්, ගොඩක්ම හොඳයි.

අවසාන වශයෙන්

බත්තරමුල්ලේ තමයි Watalappan.lk එකේ මේ අතුරුපස හැදෙන්නේ. පැණි රස වැඩිකම තමයි මේවයින් අපට දැනුණ ලොකුම අවුල. ඒත් නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් කට්ටියටම කන්න වටලප්පන් ටිකක් ගෙදරටම ගෙන්නගන්න පුළුවන් තැනක් විදියට Watalappan.lk නම් කරන්න පුළුවන්.

 


TIP

Ensure to place your order one day in advance.

Address

No 184/5, Devala Road, Thalangama South, Battaramulla

Contacts

Facebook Website

Report Inaccuracy

Price Range

Between Rs. 1000 - Rs. 1500

Cuisine

Home Baker

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment