Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

Water World & Bird Park (Kelaniya)

95 Biyagama Road, Thalwatta, Kelaniya

  • Call 0115555434
  • Open Water World: 9.30 AM to 5.30 PM (Last admission 5.00 PM) , Bird Park: 9.30 AM to 5 PM, Open 365 days a year


Water World is South Asia’s first underwater tunnel aquarium and is the only public aquarium in Sri Lanka. Despite the name, the attraction is actually a combination of two parks, the aquarium and a bird park.



දුර ගමන් යාමේ වියදම හා මහන්සිය නොමැතිව සොබාදහම සමග එක්වන්න ඔබ කැමති නම් කොළඹට නුදුරින් පිහිටි වෝටර් වර්ල්ඩ් (Water World) ඔබට කදිම තැනක්. කැලනි ගං ඉවුරේ පිහිටි  Water World සාධාරණ මිළකට පිවිසිය හැකි ආකර්ශනීය තැනක්. පවුල පිටින්ම දවසක් ගත කරන්න වගේම විශේෂිත කෙනෙකු කැ‍ටුව යන්නත් මෙතැන කදිමයි.  Water World කියන්නේ දකුණු ආසියාවේ පළමු දිය යට උමගයි. ඒ වගේම එය තමයි, ලංකාවේ එකම පොදු මින්මැදුර. නම වෝටර් වර්ල්ඩ් වුණත්, මෙතැන උද්‍යාන දෙකක එකතුවක්. එහි මින්මැදුරක් වගේම කුරුළු උයනකුත් තිබෙනවා. මේ දෙක එක පැකේජයකින් හෝ වෙන වෙනම බලන්න හෝ පුළුවන්.  Water World වැඩිහිටියන්ට රු. 280යි. ළමයින්ට රු. 140යි.

දක්ෂ පක්ෂියෝ හා මාර ලස්සන මාළු මින්මැදුරේ සිත් ඇදගන්නාසුළු පෙනුමැති ආ‍ඳන්, තාරකා මසුන්, ඉකිරියන් හා දේශීය මෙන්ම විදේශීය මත්ස්‍ය වර්ගත් ඉන්නවා. ඒත්, අවාසනාවකට වගේ දිය යට උමග උෂ්ණාධිකයි. සමහර ටැංකි හිස්. ඒවා පිරිසිදු කළ යුතුයි. මෝර ‍නිවහන මෙහි ප්‍රධාන ආකර්ශනයක්. එහි කුඩාවුණත් ක්‍රියාශීලී මෝරු කීපදෙනෙක්ම ඉන්නවා. මම ඔවුන්ට කෑම දෙන වෙලාවේ එහි නොසිටියත් මට හිතෙන හැටියට මෝරුන්ගේ ජීවිතය හොඳින් දැක බලාගන්න එය අවස්ථාවක්.

කුරුළු උයන දකුණු ඇමරිකාවෙන්, ආසියාවේ නිවර්තන ප්‍රදේශවලින්, ඕස්ට්‍රේලියාවෙන් හා අප්‍රිකාවෙන් ගෙන්වන ලද කුරුළු එකතුවකින් සමන්විත කුරුළු ලෝලීන්ට පාරාදීසයක් බඳු තැනක්. දෙහිවල සතුන්වත්තේ කුරුළු එකතුවට වඩා මෙහි එකතු‍ව බෙහෙවින් වෙනස්. වන තාරාවෝ, කොකටුවෝ හා ඝෝෂාකාරී මැකෝ ගිරව්ද එහි ඉන්නවා. එයින් එකෙක් මිළ දී ගෙන තිබෙන්නේ රුපියල් ලක‍්ෂ 25කට බව ඔබ දන්නවාද? සමහර කුරුළු වාසස්ථාන සදා තිබෙන ආකාරයෙන් එහි වෙසෙන කුරුල්ලන් හා ඔවුන්ගේ ජීවිත දෙස බලන්න ලැබෙන අවසරය මදි වුණත්, එහි කුරුළු එකතුව විශිෂ්ටයි.

වාතාවරණය හා පරිසරය කෘත්‍රිම දියඇලි හා පොකුණු ගණනාවකින් සමන්විත මේ ස්ථානය මැනවින් නඩත්තු කෙරෙන බව පේනවා. වාඩි වී විවේක ගන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. උද්‍යානය හා ක්‍රීඩා පිටිය පිහිටා තිබෙන්නේ කැලණි ගඟට ලස්සනට පෙනෙන උස් තැනක. කැෆටේරියාවේ සාමාන්‍ය බෝතල් කළ බීම වර්ගත්, කෙටි කෑම වර්ගත් තිබෙනවා. ඒත්, එතැන දිවා ආහාර වේලකට නම් එතරම් හොඳ තැනක්ය කියන්න බැහැ. ඒ නිසා එන්න කලින් කාලා එන්න. නැතිනම් කෑම අරන් එන්න.

අඩුපාඩු තිබුණත්, මෙතැන වෙනස් අත්දැකීමක් විඳින්න යන්න හොඳ මිළෙනුත් සාධාරණ තැනක්. තැන තැන සිදුවන ඉදිකිරීම් අනුව හිතාගන්න පුළුවන් එයට නුදුරු අනාගතයේදීම තවත් රසවත් එකතුවීම් සිදු වේවි කියලා. ඕනැනම් පැයකට අඩු කාලයකදී මෙතැන බලා ඉවර කරන්න පුළුවන්. ඒත්, කුරුල්ලන්, මාළුන්, උද්‍යානයේ මනරම් දසුන් හා කැලනි ගඟ බලමින් වරුවක් සතුටින්, නිදහසේ ගත කරන්න මෙතැන හොඳ තැනක්. කාලය අරගෙන නිදහසේ සැරිසරන්න.

Water World හා කුරුළු උද්‍යානය සතියේ දින හතම විවෘතයි. මිළ* Water World වැඩිහිටියන්ට - රු. 240.00 ළමයින්ට - රු. 120.00 කුරුළු උයන වැඩිහිටියන්ට - රු. 150.00 ළමයින්ට - රු. 80.00 ඒකාබද්ධ පැකේජය (Water world and Bird Park) වැඩිහිටියන්ට - රු. 280.00 ළමයින්ට - රු. 140.00 * මේ මිළ අදාළ වන්නේ ස්වදේශිකයන්ට පමණි.

TIP

The combined Water World/Bird Park ticket offers the best value. Avoid weekends as the park can quickly get overcrowded.

Address

95 Biyagama Road, Thalwatta, Kelaniya

Contacts

Website

Report Inaccuracy

Open Water World: 9.30 AM to 5.30 PM (Last admission 5.00 PM) , Bird Park: 9.30 AM to 5 PM, Open 365 days a year

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 13 Comments