Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

Waters Edge Gym

316, Ethul Kotte Road, Battaramulla


Waters Edge is a splash of paradise in Colombo’s Concrete Jungle - located in Battaramulla, it’s a rich oasis with much lush greenery and some breathtaking views of the Diyawanna Lake.



වෝටර්ස් එජ් යනු කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයේ පිහිටි පාරාදීසයකි. බත්තරමුල්ලේ පිහිටි මෙය සරු හරිත වර්ණයෙන් පිරි, දියවන්නා ඔයේ දර්ශනයෙන් අලංකාර වූ ක්ෂේම භූමියකි.

වෝටර්ස් එජ් යනු හෝටලයක් නොවේ. නමුත් එය ඉඳුම් හිටුම් හැරුණුකොට හෝටලයක් සතු අනෙක් සියලුම පහසුකම් වලින් යුක්තය. බාර් එකක්, රෙස්ටෝරන්ට් කිහිපයක්, මංගල උත්සව සහ සාදයන් සඳහා බැන්ක්විට් හෝල්, සම්මන්තණ ශාලා, ස්පා එකක්, සැලොන් එකක්, ජිම් එකක්, පිහිනුම් තටාකයක් හා ලවුන්ජ් එකක් මේ අතර වේ.

වෝටර්ස් එජ් යනු තරු පහේ පහසුකම් ඇති තැනක්. එහි ජිම් එකට පමණක් සාමාජිකත්වය ගත නොහැකියි. වෝටර්ස් එජ්හි සාමාජිකත්වය ගන්නවා කියන්නේ එහි තිබෙන සියලුම අපූරු පහසුකම් වලට ගෙවනවා කියන එකයි. වසරක තනි පුද්ගල සාමාජිකත්වය රුපියල් 80,000ක් වෙනවා.

කරුණු එසේ නම් ඇත්තටම සාමාජිකත්වයට ලැබෙන පහසුකම් මොනවාදැයි බලමු.

-ජිම් එක- මෙතනට දියවන්නා ඔය සහ ගොල්ෆ් පිට්ටනිය දර්ශනීය ලෙස පෙනේ. දර්ශනය අති ශෝබනය. සියලුම ට්‍රෙඩ්මිල්ස් නිම නොකළ ගොල්ෆ් පිට්ටනිය දෙසට මුහුණ පා සවිකර ඇත. හිස් බිත්තියකට හෝ ටීවී තිරයකට මුහුණපා සිටිනවාට වඩා මෙය මනසට සුවයක් ගෙනදේ. ඕනෑම වෙලාවක පුද්ගලික පුහුණුකරුවෝ එක්කෙනෙකු හෝ දෙදෙනෙකු  සිටිති. ඔවුන් එක සැසියක් සඳහා සාධාරණවූ රුපියල් 500ක ගාස්තුවක් අය කරති. මෙය අපි මෙතෙක් ගිය හැම ජිම් එකකටම වඩා අඩු ගාස්තුවකි.

- පිහිනුම් තටාකය - මෙය මීටර 25ක් දිගය. කුඩා දරුවන් සඳහා ළදරු තටාකයක්ද ඇත. ඔබ සමග තවත් අමුත්තන් (හෝ අමුත්තියන්) දෙදෙනකු දක්වා කැඳවාගෙන ආ හැකි අතර සෑම අමතර අමුත්තෙකුටම රුපියල් 500ක් ගෙවිය යුතුය. ඔබට අවශ්‍ය පිහිනන්නට නොව ඔබේ සියලුම කරදර සෝදා හරින්නට නම් තටාකය ළඟ ඇති ජකුසිz දෙක තුනේ දුම් දමන වතුර බුබුළු වලින් එය කරගත හැක.

- ඇඳුම් මාරු කරන කාමර - මේවා මම මෙතෙක් පාවිච්චි කළ ඇඳුම් මාරු කරන කාමර වලින් හොඳම ඒවාය. මෙය පිරිසිදු ස්ථානයක් මෙන්ම ඔබේ බයිසිකලය පැදීමටද ඉඩ පාඩු ඇත. එමෙන්ම මෙහි ස්ටීම් රූම් එකක් හා ඊට එහා කාමරයේ පිං පොං ටේබල් එකක්ද ඇත.

- බොට්ල් බෑංක් - ඔබට බෝතල් 6ක් දක්වා ස්ප්‍රීතු/විස්කි මෙහි ගබඩා කර තැබිය හැක. ඔබ ඔබේ අමුත්තන්ට සංග්‍රහ කිරීමට යන්නේනම් මෙය ඉතා කදිම පහසුකමකි. මෙමගින් ඔබට ඇල්කොහොල් සඳහා යන වියදම්වලින් බොහෝ ඉතුරු කර ගත හැක.

- මෙම්බර්ස් ලවුන්ජ් - මෙහි පූල් ටේබල් එකක් ඇත. බීම පානය කිරීමට හෝ නිදහස් රාත්‍රී ආහරයක් ගැනීමට කදිම ස්ථානයකි. පහළ මාලයට වඩා මෙහි සේවා සැපයුම් හොඳය.

- වට්ටම් - ආහාර සඳහා 15%ක්ද ස්පා සඳහා 10%ක්ද ඔබට වට්ටම් ලැබේ.

එහෙමනම්... ගෙඩි පිටින් රුපියල් 80,000කට මෙය වටිනවාද?

මම නම් කියන්නේ ඔව් කියාය. (පවුලේ සාමාජිකත්වය - 114,000යි) කොළඹ අනිත් ජිම් එක්ක සැලකූ විට වෝටර්ස් එජ් වඩා හොඳ ජිම් එකකි. එහි කදිම තටාකයක්ද, ලොකු ඇඳුම් මාරු කරන කාමරද, මිල අඩු පුද්ගලික සහායකයින්ද ඇත. මෙහි වඩා හොඳ වාහන නවතුම් පහසුකම්ද ඇත. බොට්ල් බෑංක් පහසුකමද ඔබට බොහෝ මුදල් ඉතිරිකර දෙයි. කොළඹ වාණිජ ජිම් වල මෙන් මෙහි ලොකු ව්‍යායාම උපකරණ සංඛ්‍යාවක් නැති වුවද මෙහි කදිම පරිසරයක් ඇත. එමෙන්ම මෙය කාන්තාවන්ටද හිතකර තැනකි.

ඔබ සාමාන්‍ය ජිම් එකකින් එහා අත්දැකීමක් ලබන්නට බලාපොරොත්තු වෙනවානම් මෙය ඊට කදිම ස්ථානයකි.

TIP

The gym doesn't have that many machines but it has the best atmosphere.

Address

316, Ethul Kotte Road, Battaramulla

Directions

Come towards Battaramulla on Rajagiriya Road, turn left at the Flower Market/Waters Edge Entrance

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open 5.30 AM to 9 PM

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
5

Similar Places

User Reviews
D
1

2/5

0

DNW

Annual membership is whopping 170000/= There are so many other high end gyms are available for the half the price of that in Colombo.

S
1

5/5

0

SudamRohanadeera

I agree that the membership fee is quite expensive. But if you have money and live around Battaramulla, it is the best place for you.

D
1

2/5

0

DNW

Annual membership is whopping 170000/= There are so many other high end gyms are available for the half the price of that in Colombo.

S
1

5/5

0

SudamRohanadeera

I agree that the membership fee is quite expensive. But if you have money and live around Battaramulla, it is the best place for you.

See 12 Comments