Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF free for 2000 Offer sidebar banner Artwork for Promotional Artwork

5/5

Wayside Thai Cafe

No. 146/3, Caldera Gardens Off Dutugemunu Stree,t Kohuwala

Get it delivered on Pickme Food

A cute little outdoor cafe in Kohuwala serving up some fantastic Thai cuisine.



මෙච්චර කල් කොළඹ තායි ‍ස්ට්‍රීට් ෆුඩ් කඩ තිබුණේ බම්බලපිටිය, කොල්ලුපිටිය පැත්තෙ විතරයි. ඒත් දැන් කොහුවල නුගේගොඩ පැත්තෙ අයටත් ඔරිජිනල් තායි රහට කන්න පුළුවන්. 

තැන

මේක තියෙන්නෙ කොහුවල හංදියේ ඉඳන් කොළඹ පැත්තට කිලෝමීටර් බාගයක් විතර යද්දි තියෙන කල්දේරා ගාර්ඩ්න් එකේ. අර ඔඩෙල් එක ගාවම වගේ පාරෙන් අනිත් පැත්තෙ තමයි කල්දේරා ගාර්ඩ්න් එක තියෙන්නෙ.

ඇත්තට ම මේක පොඩි ගෙයක්. මිදුලේ පාටි අම්බ්‍රෙල්ලා දෙක තුනක් දාලා තියෙනවා වාඩිවෙලා කන්න.

කෑම

අපි කන්න ගත්තෙ පපායා සැලඩ් එකයි (රු. 100), බීෆ් පැඩ් තායි එකයි (රු. 390), තායි රෙඩ් කරි චිකන් එක්ක ස්ටීම්ඩ් රයිස් එකයි (රු. 390). කෘවා තායි එකේ පුරුද්දට අයිස් කිරි තේ (රු. 140) එකකුත් ගත්තා බොන්න.

අනිත් කෑම එනකල් හරි, යාළුවෙක් එක්ක කයියක් ගහනකල් හරි හපහප ඉන්න නම් පපායා සැලඩ් එක මරු. අමු ගස්ලබුවලට ලුණු, ගම්මිරිස් එහෙම දාලා තමයි මේක හදලා තියෙන්නෙ; හරියට නිකං අර අපි ගෙදර දි අඹ ගැටවලට ලුණු, මිරිස් දාලා හදනව වගේ.

ඒක කකා ඉන්න අතර ම පැඩ් තායි එකයි, රෙඩ් කරි රයිස් එකයිත් මේසෙට ආවා. මේ පැඩ් තායි එක අර කෘවා තායි එකේ එහෙම තියෙන එකට වඩා ටිකක් බේසික් එකක්. අච්චර සැරත් නෑ. හැබැයි රසයි. බීෆ් කෑලිත් සෑහෙන්න තිබුණා. අර ලුණු ඇඹුල් ගතිය අපේ දිවට මදි වගේ නම් මිරිකගන්න දෙහි කෑල්ලකුයි, ලුණු ගම්මිරිස් මික්ස් එකකුයිත් එනවා මේ‍කත් එක්ක.

රෙඩ් කරි එකේ පොල් කිරි රස හොඳට තිබුණා. හැබැයි රෙඩ් කරි සෝස් රසත් ටිකක් ඔයිට වඩා තිබුණා නම් තමයි මම නම් කැමති. මම හිතන්නෙ වැඩිය සැර නැතුව කිරිරසට හදන එක තමයි මේගොල්ලන්ගෙ ස්ටයිල් එක.

අයිස් ටී එකෙත් කියන්න තරම් අවුලක් නැති වුණාට අර මොකක් හරි හේතුවක් නිසා කෘවා තායි එකේ ටී එකේ තියෙන කික් එක නෑ. 

අපි ගිය දවසේ ඩෙසර්ට් එකට තිබුණේ ස්ටිකි රයිස් විත් මැංගෝ (රු. 390) එක විතරයි. අපි ඒකෙනුත් එකක් කාලා බැලුවා.ඒක නම් මරු! හොඳට ඉදුණු අඹ කෑලිත් එක්ක කිරිබත් මරුවෙට සෙට්වෙනවා. පොඩියට තිබුණට මොකද අපි දෙන්නෙක් කාලාවත් මේක කාල ඉවර කරගන්න බැරිවුණා. මොකද පොල් කිරි බේරෙන ගානට නෙ කිරිබත් එක හදලා තියෙන්නෙ.

සර්විස් එක

වයසකට ඇන්ටි කෙනෙක් තමයි අපි ඉන්න වෙලාවෙ නම් වේටර් වැඩේ කළේ. කෑම ගැන ඕන දෙයක් එයාගෙන් අහගන්න පුළුවන්. සර්විස් එකත් ඉක්මන්. පොඩි අවුලකට තියෙන්න මෙතන වාඩිවෙන්න තියෙන්නෙ පාඩි අම්බ්‍රෙල්ලා යට නිසා දවල් වෙලාවට පොඩ්ඩක් රස්නෙයි. 

අවසාන වශයෙන් 

රස අතින් කෘවා තායි වගේ තැන් එක්ක හැප්පෙන්න බැරි වුණත් මෙතන ගණනුත් ඊට වඩා සෑහෙන්න අඩුයි නෙ. මම හිතන්නෙ වැඩි වැඩ නැති,  ඔරිජිනල් තායි ස්ට්‍රීට් ෆුඩ්වලට කිට්ටු වර්ෂන් එකක් තමයි මේගොල්ලො හදන්නෙ. කොහුවල පැත්තෙ ගිය වෙලාවක කාලා බලන්න. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment