Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

Weeravila Kade

Weeravila junction

  • Open until 09:00 PM


To taste delicious Sri Lankan village taste food in big variety



දවස් ගාණක බෙලිහුල්ඔය, බෙරගල ටුවර් එකෙන් පස්සෙ..

අපේ කල්පනාව තිබ්බෙ යාල පැත්තෙ රවුමක් ගහන්න යන්න. ඉතින්.. ඒකට ඔ්න කරන නවාතැන් පහසුකම්, ප්‍රවාහනය ඔක්කොම ඉන්ටනෙට් එකෙන්ම බලලා බුක් කරගත්ත අපි පිටත්වෙන දවසෙ උදෙන්ම.. ඔන්න නිකපොතින් වැල්ලවාය බස් එකට!

කියන්න ඔ්න නෑනෙ, පාන්දර 6ට විතර කොස්ලන්ද සානුව බැහැගෙන එන බස් එකට පේන වටපිටාවෙ ලස්සන. හප්පේ.. කලින් දා වැස්සට කොළම කොළ පාට වෙච්ච තුරු මුදුන්වල රැඳිච්ච පිණි, රන් පාට ඉර එළියට දිස්න දෙන්නෙ රත්තරන් සේලයක් එලලා වගේ. ඒ විතරක් නම් බැරියැ උදෙන්ම නැගිටපු කුරුලු රංචු ඒ මේ අත සිසාරා පියාඹද්දි, හීන් හඬින් නද දෙද්දි..

සොබා සෞන්දර්යයෙ උපරිම වින්දනය අපිට,

දවසෙ ඇරඹුමත් එක්කම හොඳහැටියට..

ඒ විදියට රස විඳගෙන ආපු වටපිටාව වැල්ලවායට එද්දි අමුතුම වෙනසකට මුල පිරුවා. කඳු වලින් වටවෙච්ච සම භූමිවල ඉමක් කොනක් නොපෙනෙන කුඹුරු යායවල්..
ඊට පස්සෙ එතනින් තණමල්විල, වීරවිල පැත්තට එද්දි ලස්සන වැව් අමුණු, අලිමංකඩවල්..

කොහොමහරි අපේ නැවතුම තිබ්බෙ වීරවිල හංදියෙන්.

කොන්දොස්තර අයියා මතක් කරලම නැවැත්තුවෙ නැත්නම් ඇත්තටම, අපි තවමත් යනවා බස් එකේ දෙපැත්ත බල බල හොඳ හැටියට!

“යන්නං අයියා.. තෑන්ස් ආ..”

“එළ එළ මල්ලි. ආයෙ එන්න ආපු වෙලාවක හොඳේ. වැල්ලවායෙදි සෙට්වෙමු”

විදුලි වේගයෙන් අපිව වීරවිලට ගෙනාපු බස් එකට සුහද සමුදීමක්..

ඊට පස්සේ.. අපේ එකම අරමුණ වුනේ උදේට හොඳට කන්න තැනක් හොයාගන්න. එකත් හොඳ.. ගමේ කෑම ටිකක්. ඔය ඉඳිආප්ප එක්ක වැව් මාලු, නැත්නම් මඤ්ඤොක්කා වගේ.

එහෙම තැනක් හොයන්න ඇත්තටම අපි ටවුමෙ පොඩි දුරක් එහාට මෙහාට ගියේ නැත්තෙත් නෑ. ම්.. ඒ යන අතරෙ මොකක්දෝ වෙනසක් හිතට දැනුන කඩයකුත් හමුවුනා. හැබැයි ලොකු තැනක් දුන්නෙ නෑ, මොකද කඩේ පෙනුම එච්චරටම තිබ්බෙ නැති නිසා. කොහොමහරි ඉතින් අන්තිමටම.. ටවුමෙ තිබ්බ අනිත් හෝටල් 2, 3ත් බලලා අපි තීරණය කලා අර වංගුවෙම තිබ්බ පුංචි කඩේට යන්න..

තීරණය කරලා.. පාර පැනලා.. පඩි දෙකත් බැහැලා..

ඔන්න අපි කඩේට!

“ගුඩ් මෝනින් පුතා..” හිනාමුසු මූණකින් ඉස්සරහට ආවෙ කඩේ කරගෙන යන සීයා වෙන්න ඔ්න.

“ගුඩ් මෝනින් මාමා. අපි උදේට කන්න කියලා”

“ආ.. වාඩි වෙන්න වාඩි වෙන්න. අද.. ඉඳි ආප්ප තියෙනවා, පාන්, ආප්ප, රොටි.. ඔ්න නම් බතුත් තියෙනවා පුතා. එතකොට.. මිරිස් මාළු, කිරි මාළු, අල, පරිප්පු, ලූණු තෙල් දාලා, පොල් සම්බෝල.. ඔක්කොමත් තියෙනවා. පුතාලට ඔන නම් බිත්තර තම්බපුවා, ඔම්ලට් එහෙමත් ගන්න පුලුවන්” (එක්කෙනෙක්ට රු. 250)

‘කිරි අප්පට බොලේ.. කඩේ පොඩි වුනාට තියෙන දේවල්?’

මම නිකම් ෆුල් අන්දුන් කුන්දුන්. ටිකක් වෙලා කල්පනාත් කරලයි මාමාට උත්තර දුන්නෙ ගේන්න කියලා හැම එකෙන්ම. හැබැයි බතුයි, බිත්තරයි හැරෙන්න!

ඒ කියලා ඉතින් විනාඩි 5ක් ගියේ නෑ. මෙන්න ඔක්කොම ටික මේසෙට.

මේසෙට ආවට පස්සේ.. කතාව හරිම කෙටියි යාළු.

සනිකවම අතට ගත්තෙ හාෆ් බොයිල්, ගම්මිරිස්, කෑලි මිරිස් දාපු බිත්තර ආප්පෙ. අරගෙන මිරිස් වැව් මාලු හොදිත් එක්ක කෑල්ලක් බඩට, දාගත්තා විතරයි ඉතින් මතක. අතේ තිබ්බ ආප්පෙ අනිත් ටික කොහෙන් ගියාද නෑ. පුදුම රසක් කියන්නේ.. හොඳ හැටි ලුණු, මිරිස්, ඇඹුල තියලා හදලා. ඒ විතරක් නම් බැරියැ, වැව් මාලු කෑල්ලටත් හොඳ හැටි අඩුම කුඩුම පදම අල්ලලනෙ. වැඩේ වුනේ ඒ ගැම්මටම මිරිස් හොද්දත් එක්ක කලවමට දාගෙන පරිප්පු, මම පටන් ගත්තනෙ කන්න ඉඳි ආප්පු. 

පංකාදු හාල්පිටි ඉඳි ආප්ප ටික ඈ. අර කොළඹ හෝටල්වල වගේ නෙවෙයි හීනියට වත්කරපු ඉඳි ආප්ප. ආයෙ.. බලන් ඉඳිද්දි 10ක් වාශ්පවුනේ. ඒකයි, ඒ එක්කම ඉතුරු ඉඳි ආප්ප ටිකත් එක්ක මම දෙසා බාපු කිරි මාලු එක. හප්පේ.. ඒ රස නම්..!

කිරි රස පදමට, ගම්මිරිස් තුනපහ ටිකත් නූලට..

අනේ මන්දා ඉතින් මෙහෙම කියලා බෑ. ඇත්තටම ගිහින් කාලාම බලන්න ඔ්න!

ආහ්.. ඒක නෙවෙයි, ඒ මාලු හොද්දයි.. තක්කාලි, ලූණු තෙල් දැමුමයි එක්ක පාන්..!

මල් හතයි ඔ්ං..

ඔක්කොමත් හරි ඉස්මුරුත්තාව එනකම් කාලා අන්තිමට බීපු ඉඟුරු ප්ලේන්ටිය.. 

අනේ බොරු නම් යන වෙලාවක ගොඩ වෙලාම බලන්නකො.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment