Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

3/5

Wewa Addara (Sigiriya)

Kumbukkadanwala, Kandalama, Dambulla

  • Closed right now


To eat a real village type meal in a small chalet at river bank



කොච්චර රසට කාලා වුණත්... කැළේ ඇවිදිනව කියන්නෙ ඉතින් යාළු බඩගින්න අතේ අරගෙන වගේනෙ. කැමරා බඩුත් කරේ තියාගෙන, බැක්පැකුයි, හයිඩ්‍රේෂනුයි, බයිනකියුලර් අඩුමකුඩුම සියල්ලමයිත් එක්ක... කොටින්ම කිව්වොත්, බරටම බරයිනෙ. අනික එහෙම... යන්න තියෙන්නෙත් ලේසි පාසු පාරවල්වලද? කඳු හෙල්, ඔය පාරවල්, ගල්ගුහා උමං පීරගෙන...

හප්පේ... ඉතින් හිතාගන්න පුළුවන්නෙ ඔය විදියෙ ගමනක් ගිහිල්ල කැලයකින් එළියට එනකොට? අලියෙක්, කොටියෙක් නෙවෙයි ඉස්සරහට යකෙක් ආවත් කෙළින්ම බඩේ ම තමයි. 

ඒ නිසාමයි එදත්, අපේ කට්ටිය කැලෙන් එළියට ආව ගමන්, ගඟේ බැස්ස නෑවා...

ඊට පස්සෙ නොනවත්වාම, “බඩගිනියී... බඩගිනියී බං… කන්න නවත්තාන්, ඒ... බුද්ධියා!”

මට නේද කරකියාගන්න දෙයක් නැතුව ගියේ. හැරත් හිත හිත ඉන්න වෙලාවක් තිබ්බෙත් නෑ. කෙළින්ම... දැම්ම පාරට, ඉස්ඉස්සෙල්ලා ම කියල හමුවෙන කඩේට... ඇල්ලුව කෑමට!

මොකද ඒ වෙද්දි තිබ්බ ප්‍රශ්නෙ මොනවද කන්න තියෙන්නෙ කියන එක නෙවෙයිනෙ. මොනවහරි කන්න තියෙනවද කියන එකනෙ.

ඒත් ඉතින් ඇතුළට ගියාමනෙ, කඩේ අක්කගෙන් ඇහුව,

“අක්කේ... බත් තියෙයි?”

“ඔව් මල්ලී... ඒත් අද වැව් මාළු (රු. 200) නං ඉවරයි ඕං. බැදපුවත් නෑ කියන්ටකෝ... හරියට සෙනඟනෙ මේ දවස්වල” හ්ම්… කාලා වරෙන්කො. දැන්, වැව් බන්ට් එකේ ඉඳන් වැව් මාළු නැතුව බත් කාපියකො?

“ආ... එහෙමද? කමක් නෑ. එතකොට මොනවැයි තියෙන්නෙ?”

“ආ... මල්ලි, ගං කුකුල් මස් (රු. 300) තියෙනෝ. එතකොට..

ඔහෙල ඌරු මස් (රු. 400) කනවැයි? ඕං ඊයෙ අයියට හම්බුවෙලා ඌරු මස් වගයක්, ඉතිරිය මං උයල දැම්ම කඩේට”

‘හෑ... ඌරු මස්!

අයියට හම්බුවෙලා!

ෂුවර් ෂොට් එකට කැලෑ සතා තමයි’

කියල, හිතින් රස කරල, මම බුෆේ එක පැත්තට හැරෙද්දී... වෙන්න ඕන දේ සිදුවෙමින් පවතී.

එකෙක් මස් හට්ටිය උස්සගෙන... අනෙකා බතුයි ගං කුකුල් මසුයි සවලෙන් දානව වගේ. ඉතින් එපා කියන්නද? නිකම් කුණුහරුප අහගන්න...

හිතේ හැටියට බෙදාගන්න දීලා මම හෙමින් සැරේ කිට්ටු කළා කුස්සිය පැත්තට. කිට්ටු කරලා... පිඟානකුත් අරගෙන ඕං, ඌරයි, පරිප්පුයි, පොල් සම්බෝලයි, බීටුයි.

මුල්ලකටම ගිහිල්ල තමයි වැඩේට මුලපිරුවෙ. හප්පට! ඌරා… කෑළෑ එකා තමයි මල්ලි. තෙල අඩුයි, කටු වැඩියි, මස හයියයි. ඊටත්, කොහොමද ගෙදර ම හදන මිරිස්, තුනපහ, රම්පෙ කරපිංච සුදුලූනු ටික දාලා හින්දල තිබ්බාම. යාළු... මසට රස අල්ලල ආයෙ... 

වැඩිය ඕන නෑ මම මස් කාල ම මත් වෙලා. අන්තිමට හෙල්ලෙන්න බෑ හොඳේ. ඇයි ඉතින් ඒකට ම හරියන, කිරි අඩුමකුඩුම මදි නොකියන්න දාලා හදපු පරිප්පුවයි, ම්... බීට් එක නම් එච්චරම හරි නෑ, හැබැයි කඳුළු පනින සැර තියෙන පොල්සම්බෝලයයි!

ආහ්, ඊට පස්සෙ අර ගං කුකුල් මස් කාපු එකා...

ඒකාත් දීලා තිබ්බ මස් හට්ටිය හෝදපු ගානට තියෙන්න. වෙලාවට පිඟානෙ කෑලි දෙක තුනක් තිබ්බෙ මට රස බලන්න.

ආයෙ, මල් හතයි ඈ... සත්තයි මසේ වෙනස විතරයි. නැත්නම්... හොයන්න බෑ මොනවද කියලවත්. ඒකට හැබැයි යාළුව බෙදාගෙන තිබ්බෙ වම්බටුයි, මෑ කරලුයි, මුරුංගයි. වෙන දෙයක් නිසා නෙවෙයි, ඒවනෙ දාලා තිබ්බෙ බුෆේ එකට. හිහ්, මං කෑවෙ කුස්සියෙන්නෙ.

හැබැයි ඉතින් එහෙමයි කියල වෙනසක් නෑ ආ... පරිප්පු එකට හරියන්න මුුරුංගා. කිරි රසයි, අමු තුනපහ, රම්පෙ කරපිංච... සුවඳයි, එතකොට වම්බටු එක විතරයි බැදල මෝජුවට වගේ හදල තිබ්බෙ. හැබැයි මෝජු ම නෙවෙයි, නිකම් ලුණු ඇඹුල්, ලූනු දාලා... අමුතුම අයිටම් එකක්. මෑ කරල් එක තිබ්බ කටගැස්මට. හොඳහැටි මිරිස් දාලා, තෙලටත් දාලා..

වැඩේ කියන්නෙ ඒක නෙවයෙිනෙ. ඉස්මුරුත්තාව එනකම් කාලා... හපාපු විට!

හපෝ... පස් කාගෙන ගියේ. තව පොඩ්ඩෙන් පිලේ නිදි!

කැළේ නෙවෙයි යන්න වෙන්න...

Address

Kumbukkadanwala, Kandalama, Dambulla

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry Pork Chicken Fish Hoppers

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment