2/5

White Horse Inn

2 Nawam Mawatha, Colombo 2


White Horse has always been a playground for Colombo's underage, bright young things. It's also been a playground for Colombo's not-so-bright things. Which probably explains why the occasional fight breaks out: the big bundied, arrack drinking men in the corner may toss a comment at the girls whose male counterparts then indignantly intervene...you know how the rest goes.


“අතේ සතයක් නෑ යකෝ…!”

බැරිම තැන, මම මළ පැනල වගේ පොඩි ඇක්සන් එකක් දැම්මෙ.

“හරි ඉතීං… ගණන් අඩුම ප්ලේස් එකක්නෙ ඒක. අනේ යංකෝ…”

බොරු හුරතල් මූණක් පෙන්නල ආයෙත් මුලාව දානව. ඇත්තටම මේ දේශානිගෙන් නම් බේරිල්ලක් නෑ, සිකුරාදා දවසක් කිට්ටු කරද්දිම බොන්නයි, කන්නයි!

“හරි දැන් කියනවකො. කොහෙද ඕක තියෙන්නෙ කියල”

බේරෙන්න බැරිම තැන මම ඇහුව.

“තියෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ. මම පික්මී එකක් දාන්නං අපි යං හොඳේ”

වෙලාව 7ටත් කිට්ටු කරල. මොනව කරන්නද ඉතින්, බැඳගත්ත බෙරේ ගහන්න එපායැ කියල මමත් නැග්ග මැන්ටලේ දාපු වීල් එකට. වාසනාවට එදා සිකුරාදා වෙලත් ඒ හැටි ට්‍රැෆික් එකක් තිබ්බ නෑ. කොහොම හරි විනාඩි 15ට වගේ වීල් එක අදාල තැනට කිට්ටු කලා.

“ඔබට ෂෙතුටුයිඩ දැන්? යං යං ඇතුලට”

දේශානිව තල්ලු කරල වගේ ඇතුලට දාපු මම, වටපිටාව ගැන පොඩි නිරීක්ෂණ පාරකුත් දාගෙනමයි ඇතුලට ගියේ. මොකද මුළු රෙස්ටුරන්ට් එකම තිබ්බෙ ඝන අන්ධකාරෙනෙ. කොටින්ම කියනව නම් ඉන්නෙ කවුද කියලවත් පෙනුනෙ නැති තරම්. පැහැදිලිව තිබ්බෙ බාර් එකයි ටීවී 2යි විතරයි මයෙ හිතේ. ඒත් ඉතින් ඒක, බොන්න නම් කියාපු බැක්ග්‍රවුන්ඩ් එක.

සුපුරුදු පරිදි මුල්ලකට වෙන්න තිබ්බ මේසයක් අල්ලපු අපි හෙමින් සැරේ බෑග් ටිකත් පැත්තකින් තියල වාඩි වුණා. ඒ වාඩි වෙද්දිම වගේ සේවක මිත්‍රයෙකුත් අපේ ළඟට ඇවිල්ල. බයිට් මෙනියු එකයි, ලිකර් මෙනියු එකයි 2ම දුන්නට මොකද අතේ සල්ලි තිබ්බෙ නැති නිසා කොහොමත් බියර් තමයි බොන්න වුණේ.

“අයියෙ, මේ… පෝර්ක් කානා එක මොකක්ද? ඒක ටිකක් සැරට ගන්න පුළුවන් එකක්ද?”

ජීවිතේට අහල තිබ්බ නැති නිසයි ඕඩරේ දාන්න කලින් මම අහල බැලුවෙ.

“ඔව් මහත්තය, ඒක නම් සැරට දාලා දෙන්න පුළුවන්. හැබැයි ඒ ලයින් එකේ තියෙන අනිත් ඒව නම් සැරට ගන්න අමාරුයි. එහෙම නම් ඉතින් ඩෙවිල් එකක් වගේ ගන්න වෙනව”

“හ්ම්ම්… අවුලක් නෑ. එහෙනම් මේ පෝර්ක් කානා එකකුයි, බීෆ් ඩෙවිල් එකකුයි දාන්නකො. බොන්න, ලයන් ස්ට්‍රෝන්ග් ගේන්න හොඳේ!”

ඕඩරේ දාල, පොඩ්ඩක් හරි බරි ගැහිල වාඩි වුණාට පස්සෙ මම ඉස්සෙල්ලම කලේ කැමරාව අරගෙන ෆොටෝ ගහන්න පුළුවන්ද කියල බලපු එක. මොකද ඇස් නොපෙනෙන අන්ධකාරෙ කැමරාවක් කොහෙ වැඩ කරන්නද. වෙලාවට, ඒ කිට්ටුව ඉඳපු සේවක අයිය කෙනෙක් මේසෙට උඩින් තිබ්බ පොඩි එකක් දාලා දුන්නෙ. ඒ දීලා අනික් පැත්තට අපේ ඕඩරේ ගත්ත සේවක මිත්‍රයත් එතන. සෙනිකව හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප ටික තියල මේසෙ ලෑස්ති කරල දුන්න.

මම හිතන්නෙ කෑම බීම ටික එන්න ළඟ වෙන්න ඕන.

“ආ… ඔය කියද්දිම එන්නෙ”

“ෂහ්! සුවඳයි ඈ…”

දඩබඩ ගාලා බීර වීදුරු දෙකක් දාගත්ත අපි චියර්ස් පාරක් දාලා වැඩේ පටන් ගත්තෙ බියර් රස බලනවටත් වඩා බයිට් එක කන්න තිබ්බ ආසාවට. මොකද පෝර්ක් එක එහෙම බැලූ බැල්මටම කන්න ආස තියෙන පෙනුමක් තිබ්බෙ.

ඒත් මම මුලින්ම අතට ගත්තෙ බීෆ් ඩෙවිල් කෑල්ලක්. ඒකෙත්, පෙනුමෙන් එහෙම අමුතු ගතියක් තිබ්බනෙ. කිව්වට විශ්වාස කරන්න යාළු කෑල්ලක් දෙකක් කාලා බැලුවට පස්සෙ තමයි මට තේරුනේ… ඒක නරකමත් නෑ, ඒත් පේන තරම් ලොකු රසකුත් නෑ කියල. අනේ මන්ද බීෆ් ඩෙවිල් එක වුණාට, බීෆ්වල රස එනව අඩුයි. සමහර විට ගැඹුරු තෙලේ බැදල නිසාද දන්නෙ නෑ. කොහොම හරි ඩෙවිල් එකම රන් වෙන්නෙ සෝස්, මාළු මිරිස්, ගම්මිරිස් රස වලින්. අනික ගාණෙ හැටියට ඒකෙ සයිස් එකත් මදි අප්ප.

මොනව කරන්නද ඉතින්, හිතේ අමාරුවටත් එක්ක තව බියර් උගුරු දෙක තුනක් එකපිට හලා ගත්ත මම හෙමින් සැරේ පෝර්ක් කෑල්ලකුත් රස බැලුව. ෂප්පේ! යන්තම් ඇති ඒක පොඩ්ඩක් රහට තියෙනව. විශේෂයෙන්ම තෙල් කෑලි එහෙම. හරියටම කිව්වොත් මේක බැටර්ඩ් පෝර්ක් එකක් වගේ. හැබැයි තෙල් කෑලි බදින්නෙ නැතුව තමයි බැටර්ඩ් කරල තියෙන්නෙ. ඒ නිසා අමුතු තෙල් රහකට හුරු රසක් තමයි එන්නෙ. අනික ලුණු ගම්මිරිස් එහෙමත් ගාණට දාලා නිසා බයිට් එකට නම් කියාපු. ඒත් ඉතින් වැඩේ කියන්නෙ ඒකෙත් සයිස් එක මදි ඉතින්.

අනේ මන්ද බියර් වීදුරුවෙ අන්තිම උගුරු ටිකත් හලා ගත්ත මම සිගක් පත්තු කරගත්තෙ ඒකෙන්වත් පොඩ්ඩක් හරි වදියිද කියල. ඇයි අප්ප බියර් එකක් එහෙම පිටින්ම ගැහුව, නිකම් නෙවයෙි රු. 550ක්ම දීලා. ඒත් නෑනෙ කිසිම ගතියක්! ඒ මදිවට බයිට් එකත් මෙලෝ රහක් නැති වුණා… ෂැහ්, අපරාදෙ සල්ලි ඈ!


TIP

If you're feeling peckish, ask for the cheese toast. This isn't on the menu but it's pretty good.

Address

2 Nawam Mawatha, Colombo 2

Directions

From Gangarama (Sir James Peiris Mawatha) turn down Nawam Mawatha at the Sampath Bank. Go down and turn right at the Chamber Of Commerce. It's the second street down, past the HSBC.

Contacts

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3


Latest