Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

5/5

Wije Food Center

474, Kaduwela road, Thalangama, Koswatta


If you are a pork fan, this is the place. They have amazing pork dishes - pork rice, kottu...everything pork!



පෝක් ම ගිලින්න කියල!

උදෙන් ම ගැහුව කෝල් එකක් අපේ හරාට. අලුතෙන් වීල් එකක් එහෙම අරගෙන දැන් සරුයිනෙ එයාට.

“ඒ.. මොකෝ බං කරන්නෙ. හයර් එකක් තියෙනව යමංද?”

“හම්මට මූ බලාංකො.

ආ.. යං යං මහත්තය. කොහෙටද යන්න තියෙන්නෙ”

“අඩේ.. මාර සර්විස් එක ඈ.

මෙහ්! එහෙම නෙවෙයි. ඩෙනිමක් ගන්න ඕන බං. තෙල් ටිකක් ගහන්නං. යමංකො ටවුන්හෝල් පැත්තට. හරි මගේ ගාණෙ දවල් කෑමත් දෙන්නංකො බොට”

“ඒ ඒ ඒ... එහෙම බෑ හොඳේ. හයර් නං හයර් ආ...

හරි හරි, මං එන්නං. යමං යමං. මටත් වැඩක් නෑ දවසෙ”

යාන්තම් එතනට ඇණේ ගහගත්තෙ. ඕකනෙ අමාරු ම වැඩේ. ඊටපස්සෙ ඉතින් ලකලෑස්ති වෙලා එහෙම ඔන්න වීල් එක ආවට පස්සෙ බැස්ස පාරට. 11ට විතර ඇති මතකෙ හැටියට. වැඩේ කියන්නෙ හතර වටේ හොයල හොයල ඩෙනිමක් ගන්නකොට වෙලාව 2ත් පහුනෙ. ඊටත් ගිනි අව්වෙ කරක්ගහල කරක්ගහල දෙන්නට පට්ට අමාරුයි. බඩගින්නයි, තිබහයි... දන්නැද්ද ඉතින්.

“යකෝ මේ. තව නං අඩියක් හොල්ලන් නෑ වාහනේ මෙතනින්. කන්න බොන්න අරන් දීපිය.”

“හරි හරි ඉතින්. කේන්ති ගන්න එපා බං. දැන්නෙ ඩෙනිම ගත්තෙ.

ම්... මං මේ කල්පනා ක‌ෙළේ කොහෙටද යන්නෙ කියල. දන්න හොඳ තැනක් නෑ නෙහ්?”

“අන්න එහෙම එන්න.

මේ… මේහරියෙ නම් නෑ. හැබැයි මං අර කියපු කඩේ තියෙනව කොස්වත්තෙ. මොකෝ කියන්නෙ?”

“හෑ.. උබ කියන්නෙ අර පෝක් ප්ලේස් එක! ඊයෙ කිව්වෙ.”

“ඔව් ඔව් බං. ඒක තමයි.”

“අඹ ගහේ ජම්බු කිව්වලු. හරවහන් වාහනේ සුදූ. යමං යමං එතන්ට”

ආයෙ හැරෙන තැපෑලෙන් හොඳේ යාළු. රාජගිරියෙ ඉඳන් බත්තරමුල්ල කොස්වත්තට විනාඩි 10ක් ගියේ නෑ. වාහනේ කෙළින්ම ඔන්න කඩේ ඉස්සරහ.

ඇත්තටම බැලූබැල්මට නම් මෙලෝ රහක් නෑ කඩේ. කෙළින්ම තනි චයිනීස් එක. හැබැයි ඇතුලට ගියාට පස්සෙනෙ, සර්විස් එක… හප්පේ, ඇඬෙනව ඈ.

“එන්න එන්න මල්ලි. වාඩිවෙන්න. අපි එන්නං මේසෙ ළඟට”

මහත්තයෝ ඇස් දෙකට කඳුළු ආපු නැති එක විතරයි ඒක ඇහුවාම. එහෙම සර්විස් එකක්! ඊටත් අපේ කඩේක?

“ඇත්තටම ඒ පිළිගැනීම නිසාම අපිට වාඩිවෙන්න හිත දුන්නෙ ම නෑ.

“අවුලක් නෑ අයියෙ. අපි ඕඩරේ දාල ම වාඩි වෙන්නං. මේ.. ‘පෝක් ම කන්න කියල ආවෙ’. රයිස්, කොත්තු ගන්න පුළුවන්ද අයියෙ පෝක් වලින්?”

“පුළුවන් පුළුවන් මල්ලි. ඕන දෙයක්. කරි පෝක්ද (රු. 600)? ෆ්‍රයිඩ් පෝක්ද (රු. 400)? ඩෙවිල් පෝක්ද (රු. 500)?”

“හෑ.. එහෙමත් තියෙනවද?

ඇඬෙනව”

යාළු.. මටයි හරාටයි නිකම් බිම දාලා පොල්ලෙන් ගැහුව වගේ. හිතාගන්න බැරුව ගියා කියන්නකො ඒ පාර නම්. අසරණවුණා අසරණවිල්ලක්… ඇත්තටම ගිහින් වාඩිවුණා. වාඩිවෙලා තමයි කල්පනා ක‌ෙළේ. කල්පනා කරල යාන්තම් ෆ්‍රයිඩ් පෝක් රයිස් එකකුයි (රු. 400), බැදපු මාළු රයිස් ඇන්ඩ් කරි එකකුයි (රු. 300), පෝක් කරියකුයි ගන්න හිත හදාගත්ත.

කොහොමහරි හරා ගිහිල්ල ඕඩරේ දාන අතරට මම වතුර වීදුරු දෙකක් එහෙමත් ගෙනැල්ල මේසෙ ගැලපුව. ඊට පස්සෙ ෆ්‍රිජ් එක ළඟට ගිහිල්ල ඊජීබී එකකුයි කෝක් එකකුයිත් ගෙනාවා. ගෙනැල්ල ඒ දෙක රස බලන අතරට තමයි… කෑම ටික ආවෙ.

උණු උණුවට… හප්පේ! පෙනුමට සුවඳට ම තොලකට ලෙවකැවෙනව. පෝක් කරියත් ආව නිකම් දීසියක් පුරවල, අවංකයෙන්ම පිස්සු වගේ.

“මෙහ්, මුලින්ම එකක් කාලා ඉමු නේ”

හරාගෙන් ආවා පොඩි යෝජනාවක්. ඇත්තටම හොඳ යෝජනාවක්. ඉතින් දෙන්න ගත්ත රයිස් එක ළඟට.

ගැඹුරු තෙලේ බැදපු ඇඟිලි පුරුකක් සයිස් පෝක් කෑලි... එක විමානයයි. සම්බා හාලෙ බතෙන් දාපු රයිස් එකේ කැරට්, ලීක්ස්, බිත්තර, මිරිස් එහෙමත් මදි නොකියයි. කිව්වට විශ්වාස කරන්න යාළු, කන කන කටක් ගාණෙ පෝක්. ඒ විතරක් නම් බැරියැ, රයිස් එකේ රස! පංකාදු පහයි කියන්නේ... රයිස් බාස් අයියට නම් අනිවා තරු පහක් හොඳේ. ඊටත් රයිස් එකේ සයිස් එක? දෙන්න ඒක කාලා ඊජීබී එකක් ඉවර කරල තමයි අනිත් එකට බැස්සෙ. ඒ තරම්, ෆුලේ ෆුල්.

රයිස් එකට දෙවනි නැති රයිස් ඇන්ඩ් කරිය. හොඳ පදමට කිරි, තුනපහ දාලා හදපු පරිප්පු හොද්දයි.. ලූනු, මිරිස්, ලුණු, ගම්මිරිස් එක්ක පොල් එහෙමත් හොඳ හැටි දාපු ගොටුකොළ සම්බෝලයයි... කිරට හදල මිරිසට හින්දපු ටොප් මෑකරල් හින්දුමයි... රාබු ව්‍යංජනයයි එක්ක, බැදපු මිරිස් පපඩමුත්. ඒ හැරුණාම බැදපු මාළු කූරියෙකුත් හිටිය දඹ සයිස්. හැබැයි හොඳ ෆ්‍රෙෂ්.

ඔක්කොමත් හරි පෝක් කරියනෙ. හම්මෝ... දිව දෙදරනව ඒක මතක් වෙද්දි. මිරිස් තුනපහ එක්ක, මස්කරි, ලූණු, ගොරක, සුදුළූණු, ගම්මිරස්, ලුණු පදමටම. හොද්දත් තරමක් හින්දලා... තෙල් ගතියත් ඒ හැටි නැති වෙන්න, මාරම ඉවිල්ලක් උයල තියෙන්නෙ. ඇත්තටම ඒක හදපු කෙනාට නම් තරු කීයක් දෙන්නද කියල හිතාගන්න බෑ. හැරත් හිතන්නකො මුලු කරියටම තෙල් කෑලි හතර පහයි කිව්වාම. ඉතුරු ඔක්කෝම මස්!

කිරිගහට ඇන්න වගේ කියන්නම්, පෝක් නම් අන්න පෝක් ඈ... බතෙන් පටන් ගත්තාම, ඒ පෝක් කරිය පාන්, රොටි, පරාටා, ආප්ප, ඉඳිආප්ප, පිට්ටු... තව මොනවහරි තියෙනව නම් ඒ ඔක්කොමට... කොටින්ම නිකම් වුණත්…

හප්පේ..

නෑ මං කියන්නෙ නිකම් එක පාරක් ගිහින් කාල බලන්නකො!


TIP

Try Pork474


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment