Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Wok To Box

25b, Nikape Road, Nedimala, Dehiwala


Excellent rice and noodles made from a wok and served in a box, literally.



Wok To Box! නමේ තියෙන විදියට ම මෙතන වෙන්නේ වොක් එකෙන් කෑම හදලා බොක්ස් එකකට දාලා පිළිගන්වන එක. මේක තමන්ට ඕනේ  සෝස්, මස්/මාළු වර්ග, ටොපින්ග්ස් දාලා ෆ්‍රයිඩ් රයිස් සහ නූඩ්ල්ස් හදවගන්න පුළුවන් තැනක්.

තැන සහ සේවාව 

මේ දවස්වල මේගොල්ලෝ වැඩිපුරම අවධානය දීලා තියෙන්නේ ටේක්අවේ සහ ඩිලිවරි ඕඩර්වලට. හැබැයි ඩයිනින් කරන්නත් පුළුවන්. හොඳට ඉඩකඩ තියෙන නිසා 20කට 25කට වුණත් එක සැරේ කෑම ගන්න පුළුවන්. 

කුස්සිය තියෙන්නේ පේන මානෙන්. ඒක කඩිගුල වගේ බිසී. එක්කෙනෙක් සරබර ගගා එළවලු ලියනවා. අනිත් එක්කෙනෙක් දඩබඩ ගාල මස්/මාළු ටික කපනවා. තව එක්කෙනෙක් ඕවා ඔක්කොමයි, සෝස්නුයි දාලා, සලන් බලන් ගාලා වොක් එක උඩ දාලා කෑම හදනවා. ඉතුරු කට්ටිය මේවා බොක්ස්වලට අඩුක් කරනවා. ඊටපස්සේ දුවලා ගිහින් අර එළියේ පෝලිමේ ඉන්න ඩිලිවරි රයිඩර්ස්ලට දෙනවා. ඔන්න ඕකයි වෙන්නේ.

ඔච්චර කලබල කිචන් එකක් වෙලත්, අපට කෑම ටික ආවේ විනාඩි 10ක් වගේ ඇතුළත. අනික පට්ට ෆ්‍රෙන්ඩ්ලි කට්ටිය.

කෑම බීම 

Wok To Box එකෙන් ඕඩරයක් දානවා නම් මෙන්න මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න ඕනේ.

1) මුලින් ම බේස් එක තෝරගන්න - මෙතන නූඩ්ල්ස් වර්ගයක් හෝ බත් තෝරගන්න පුළුවන්. බත් වර්ග විදියට සම්බා සහ බාස්මති තියෙනවා. නූඩ්ල්ස් වර්ග විදියට එග් නූඩ්ල්ස්, රයිස් නූඩ්ල්ස්, වීට් නූඩ්ල්ස්, වර්මසිලි වගේ ජාති තියනවා.

2) ඊටපස්සේ මස්/මාළු වර්ගය තෝරගන්න - මෙතනත් සිලෙක්ෂන් එක හොඳයි. චිකන්, ෆිෂ්,  බීෆ්, ඉස්සෝ, දැල්ලෝ, බිත්තර වගේ ජාති දැකගන්න පුළුවන්. ඕනේ නම් ඕවයේ ජාති දෙකක් මික්ස් කරලා ගන්නත් පුළුවන්. 

3) කැමති සෝස් එක තෝරගන්න - මෂ්රූම් සෝස්, ඉඟුරු දාපු ඩාක් සෝයි සෝස්, චිලි ගාලික් සෝස්, කොච්චි සහ නයි මිරිස් සෝස්, ජෆ්නා කරි සෝස් අතරින් ඕනේ එකක් ගත්තෑකි.

4) ස්පයිසි ලෙවල් එක තීරණය කරන්න - මෙයාලගේ ස්පයිසි ලෙවෙල්ස් හතරයි. මෙලෝ, ෆියරි, බ්ලේසින්, ඕ මයි ෆ්ලේමින් ගොඩ්. මෙලෝ තමයි ළාවට ම ස්පයිසි එක. ඕ මයි ෆ්ලේමින් ගොඩ් තමයි දරුණු ම එක.

5) දැන් ටොපින්ග් එක තෝරගන්න - ෆ්‍රයිඩ් කංකුන් සහ ෆ්‍රයිඩ් අනියන්ස් තමයි මෙතැන තියෙන්නේ. 

ගාණ තීරණය වෙන්නේ ඕවයේ තෝරන ජාතිවල හැටියට තමයි.

ඔය පිළිවෙලට අනූව අපිත් ගත්තා නූඩ්ල්ස් එකකුයි, ෆ්‍රයිඩ් රයිස් එකකුයි.

මුලින් ම කියන්නම්කො නූඩ්ල්ස් එක ගැන. අපි මේකට ගත්තේ එග් නූඩ්ල්ස් (රු. 400), බීෆ් (රු. 250), මෂ්රූම් සෝස් සහ ෆ්‍රයිඩ් කංකුන් (රු. 50). ස්පයිසි ලෙවල් එක බ්ලෙසින්. 

පොඩි ඔයිලි ගතියක් තිබුණට මේ නූඩ්ල්ස් එක සිරා. අර වොක් එකේ හැදුවා ම එන සුවඳ නියම පදමට තිබුණා. ඇතිවෙන්න බීෆ් කෑලිත් දාලා. අනික හීනියට කපපු ගෝවා කෑලි, ලූණු කොළ එහෙමත් යහමින් දාලා. ඒ විතරක්යැ බිත්තරෙකුත් එකතු කරලා. මේක ස්පයිසි. හැබැයි දරාගන්න පුළුවන් මට්ටමේ ස්පයිසි රසක්. 

හප්පච්චියේ! ෆ්‍රයිඩ් රයිස් එක කාලනේ කට්ටිය අඬන්න ගත්තේ. 

මේකට අපි දැම්මේ බාස්මති (රු. 350), දැල්ලෝ (රු. 200), ජෆ්නා කරි සෝස් සහ ෆ්‍රයිඩ් අනියන්ස් (රු. 50). ස්පයිසි ලෙවල් එක ගත්තේ ඕ මයි ෆ්ලේමින් ගොඩ්.

මගේ අම්බෝ! ඒක නම් ඕ මයි ෆ්ලේමින් ගොඩ් ම තමයි! එලොව පොලුයි තරුයි එකට පෙනුණා, ඒ සැරට. ඇයි දෙයියනේ කන කටක් ගාණේ හැපෙන්නේ කොච්චියි නයි මිරිසුයි! ජෆ්නා කරි සෝස් රහත් ළාවට එහෙන් මෙහෙන් ආවා. අනික දැල්ලොත් දාලා මදි නොකියන්න. ඒ වගේ ම ගෝවා, කැරට්, ලූණු කොළ එහෙමත්. බතේ පොඩි වෙට් ගතියක් තිබුණට රස මරු. මේක ගන්නවා නම් මොකක් හරි පැණි බීමක්වත් සයිඩ් එකෙන් තියාගන්න වෙයි.

කන්වලින් දුම් පිටවෙන ගානට සැර වුණත් අපි නෙවෙයි මහත්තයෝ වැඩේ අත ඇරියේ! 

අවසාන වශයෙන් 

දෙහිවල පැත්තෙන් යනවනම්, රුපියල් 1500ට අඩුවෙන් දෙන්නෙක්ට, කටට රහට වගේ ම සැරට කන්න පුළුවන් සුපිරි ම තැනක් තමයි මේක. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment