No 56 Vaverset Place, Colombo 6
Open until 10:00 PM
Yaal has stood steady in the same, stoic building down Marine Drive. They've managed to thoroughly maintain their quality of food and service over the years.
“මළ කෙලියයි. ඒක වහල කියන්නකො. දැන් මොකද කරන්නෙ?”
“මොනව කරන්නද. එන්න කලින් කෝල් කරන්න එපැයි. දැන් ඉතිං යමං ඔහොම ඇවිදගෙන ඉස්සරහට. හම්බෙන මොකක් හරි එකකින් කමු”
පහුගිය බදාදා මායි යාලුවෙකුයි පොඩි බඩගින්නකට රියල් චයිනීස් පාරක් දාන්න කියලයි බම්බ ‘ටොම් යම්’ එක පැත්තට ගියේ. වැඩේ කියන්නෙ ඒ යදිදි ඒක වහල කියන්නකො. යාළුවගෙ බැණුම් කෝටිය අස්සෙ මම ඇහෙන්නෙ නෑ වගේ ඉස්සරහට ගියේ.
“දෙයියනේ ඉක්මනට කඩයක් හම්බවෙයන්!”
කිව්වට විශ්වාස කරන්න යාළු ප්‍රාර්ථනාව කරල අඩි 10ක්, අඩි 10ක් යන්න හම්බුනේ නෑ… මෙන්න තියෙනව හායි ගාලා ඇරපු තඩි හෝටලයක්, පාරෙ අනික් පැත්තෙ. හෙවිල්ලක් බැලිල්ලක් මොකටෙයි, ගත්ත ගැම්මටම පාර පැනපු මම කෙළින්ම ගිහින් නතර වුණේ හෝටලේ ඇතුළෙ, අයිනට වෙන්න තිබුණ මේසෙකින් වාඩි වෙලා. ඒ අස්සට යාලුවත් දඩිබිඩියට ඇවිත් පුටුවක් ඇදගෙන හරිබරි ගැහුණා.
සන්තෝසයි කියන්නෙ, සෙනඟ හිටියෙ නැති නිසාද මන්දා සේවක මිත්‍රය වාඩි වෙච්ච පරක්කුවට අපේ ළඟ. මෙනුව එහෙම අතට දීලා ඒ වෙලාවෙ ගන්න පුළුවන් කෑම ටිකත් පෙන්නුව. ඒ විතරක් නෙවෙයි ඒ අතරට මේසෙ පිහිදාලා කරල හැඳි ගෑරුප්පු පිඟන් කෝප්ප තියල හදලත් දුන්න කියන්නකො.
“මට… මට්න් බිරියානි එකක් (රු. 580) ගේන්න” මෙනුව දෙතුන් පාරක් එහෙට මෙහෙට පෙරළපු යාළුව නිකම් සැකෙන් වගේ ඕඩරේ දැම්මෙ. සමහර විට මට්න් තියෙනවද නැද්ද කියල ෂුවර් නැති නිසා වෙන්න ඇති. ඒකට කාරි නෑ කියල මම දැම්ම ‘යාල් ස්පෙෂල් මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් (රු. 540)’ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම.
කොහොම හරි ඕඩරේ දාලා විනාඩි 5ක් ගියේ නෑ කෑම ටික මේසෙ උඩ. උණුඋණුවෙ දුම් ද දා… ඒ මදිවට සුවඳේ බෑ අප්පා. මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක නම් දැක්කාම කටට කෙළ උනන සීන් එකක් තිබ්බෙ. මට්න් බිරියානි එකෙත් මට්න් කෑලි තොගයයි. එසේ මෙසේ සයිස් ඒව නෙවෙයි, තනි අඟලෙ අඟලෙ වගේ කෑලි.
ඇලුමිනියම් පිඟානට කෙහෙල් කොළයක් එහෙම දාලා, බත් ටික පොඩි මුට්ටියකට බෙදලා මිරිස් හොදියි, මෝරු එක්ක මේසෙට ඇවිත් තියෙද්දි ඉතින් තව කෙසේ බලා හිඳින්නද. උඩින්ම ඉඳපු ඉස්ස ගෑරුප්පුවට අරගෙන එක කටට රස බලපු මට නිකම් පිස්සු වගේ. කියාගන්න බැරි ගානයි රස.
අවංකයෙන්ම ඒක නම් සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එක හොඳේ. රම්පෙ, කරපිංච හොඳ හැටි දාලා, බැදිච්ච ලූණු, තක්කාලි අඩුම කුඩුම ටිකත් දාලා, එතකොට එනසාල්, කරාබුනැටි එක්ක අමුතු අමුතු ඉන්දියන් කුළුබඩු ටිකකුත් දාලා පුදුම රසක් තියන්නෙ. අනික සැර ගතියත් ගානට. මොනව හරි සෝස් ජාතියකුත් දාපු පාටක් තිබ්බ, මොකද රස නිකම් දිව පිනා යන ගතියකට බර වෙලානෙ තිබ්බෙ. ඊටත්, බත් එකට දාපු තඩි ඉස්සො, හීනියට ලියල දාපු චිකන්, මතකෙ හැටියට අතරින් පතර දැල්ලො කෑලිත් හමුවුණාද කොහෙද. හැබැයි ඉතින් බත් එකට ආපු රසම් එක නම් හරි යන්නෙ නෑ. ඒකෙ කිසිම නෑනෙ මෙව්ව එකක්… නිකම් වතුර ගතිය විතරයි.
අන්න ඒකට යාළුවගෙ මට්න් බිරියානි එකට ආපු මෝරු එක. බිරියානි බතත් එක්ක සුපිරියට නැගල යනව. අනික ඒකෙ තිබ්බ මට්න් කෑලි ටිකත් හොඳ පදමට මිරිස් තුනපහ, දාලා තම්බල නිසා රස සුපිරි. හැරත් තඩි මට්න් කෑලි 12කට 15කට එහා පැත්තෙ බත් එකේනෙ. පොඩි කණගාටුවකට තියෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් එකේ හැටියට බිරියානි බත් එක එච්චර රස නැති එක තමයි. අනේ මන්දා ඒකෙ අර මසාලා රස එහෙම නම් නැති ගානයි. හැබැයි ඉතින් ඒකෙන් පාඩු වුණේ මට. මොකද යාලුව බිරියානි එකෙන් බාගෙකට වග කියල ඊට පස්සෙ බැස්සනෙ මගේ රයිස් එකට. වෙලාවට ඒ වෙද්දි මම හොඳ හැටි බඩ පුරවගෙන හිටියෙ.
“ස් ස්… එක්සියුස්. මට ගේන්නකො චොකලට් මූස් එකක්.” මම ඩෙසට් ඕඩරේ දැම්ම.
“ආ… මටත් ෆලූඩා එකක් ගේන්න” ඒ වෙනකොටත් කකා ඉඳපු යාළුව එක පාරමනෙ කියල එයාගෙ බීම ඕඩරෙත් දැම්ම.
ෂප්පේ… වෙලාවෙ හැටියට පංකාදු චොකෝ මූස් එක. කිරි රසත් ගානට. ඒකට පාවිච්චි කරපු චොකලටුත් සාමාන්‍ය හොඳ කොලිටි චොකලට්. විශේෂයෙන්ම කියන්න ඕන මූස් එකක තියෙන මෘදු ගතිය එහෙමත් නියම ගානට එන්න තමයි ඒක හදල තිබ්බෙ.
“චැහ්! අපරාදෙ ගත්තෙ” යාළුව නිකම් කේන්ති ගිහින් වගේ ෆලූඩා එක දිහා බලාගෙන ඉන්නව.
“මොකෝ සීන් එක” මම නිකමට විමසල බැලුව.
“මෙලෝ රහක් නෑ බං. සිරප් හෙන පොඩ්ඩයි. ඒ මදිවට ජෙලි කෑලි නැති ගානයි. කිරි රස තිබ්බට දාපු අයිස් ක්‍රීම් එකෙත් කොලිටිය අන්තිමයි බං”
“අවුලක් ගන්න එපා ඉතින්. බඩ පැලෙන්න බත් කෑවනෙ. දැන් හිත හදාගෙන යමං”
සෙනික බිල ගෙවල දාපු මම යාලුවත් එක්ක එළියට බැස්සෙ ආයෙත් දවසක නම් අනිවා එන්න ඕන කියල හිතා ගෙනමයි. මොකද අහම්බෙන් හම්බවුණත් සුපිරි බත් කඩේනෙ. හැරත් වෙලාවක් අල්ලල රයිස් ඇන්ඩ් කරි එකකුත් රස බලන්න එපැයි!
Yaal has steadily maintained their quality and food over the years.
Yaal Restaurant down Marine Drive still serves some very tasty and not-too-pricey food, and their crab curry is still good - though it's their biriyani that blew us away.
Another day another crab. Today I hit up Yaal Restaurant - the cleaner brighter better ventilated rival of my beloved Yarl Eat House - for my fix.
සිංහල උණුඋණුවෙ දුම් ද දා… ඒ මදිවට සුවඳේ බෑ අප්පා. මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක නම් දැක්කාම කටට කෙළ උනන සීන් එකක් තිබ්බෙ. මට්න් බිරියානි එකෙත් මට්න් කෑලි තොගයයි.
සිංහල අදත් කකුළුවෙක්. අද මම ගියේ මගේ ආදරණීය යාල් ඊට් හවුස්ට වඩා පිරිසිදු, ආලෝකවත්, හොඳින් වාතාශ්‍රය ඇති යාල් අවන්හලට.
Address
No 56 Vaverset Place, Colombo 6
Directions
Vaverset Place is a road just before Delmon Hospital on Galle Road, go down this road to Marine Drive and you'll find Yaal on your right.
Contacts
Report Inaccuracy
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
1/5
Stealing the name "Yaal" and giving indian foods :( :( (these guys are the Marrybrown chain, they have set of shops along Marine Drive Eg Chennai restaurant, Indian Spice, Arabian restaurant)
most of tamils who comes from foreign goes for the name and they expect the same taste what there Grandma cooked for them in small age which they dont find here :P :P
typical cheating place with the name (y)
Buriyani in a shop name called Yaal restaurant :P :P
They serve pretty decent Biriyani & Fried Rice too. But the waiters are not upto the standard of their food. Didn't got a chance to try crab but definitely gonna try next time.
After reading the good reviews on yamu I decided to visit Yaal. Unfortunately the food was tasteless. The prices were quite too high for a place like Yaal. It would cost the same to have a meal at an upscale restaurant. Very disappointed and will not be visiting this place again.
Please check the proper Yaal restaurant.
Just 20 Meters down from Galle Road. It is situated in Station Road, Wellawatte
https://www.google.co.in/maps/place/6%C2%B052'31.4%22N+79%C2%B051'38.5%22E/@6.87538,79.860691,19z/data=!3m1!4b1!4m2!3m1!1s0x0:0x0
Yamu i some times fail to understand the credibility of your reviews. Do you guys charge to review.
It was our third time to Yaal this round for lunch. For the third embarassing time they only have their dumb fried rice which we wereforced toselect from our menu. Customer treatment NIL. never again to eat their sucking Jaffna shit.
Try the mutton fried rice… Amazing!! Should visit Yaal at the proper lunch hour, otherwise they do not serve what's mostly in their menu.
worst place to take family and friends.
Services are not standard. waiters get angry when requested. don't encourage diners to get what we asked for. no one did bother to come up to the ac dining hall. we had to come down to order food. when asked for bulls eye he says it will take 10 minutes discouraging the order. I will not sight the place herein after
Visited the Colombo 4 Galle road Yaal. I want to be brutal with my comment as I was disappointed. Due to time constrains, and the parking and traffic mess took away the dinner. No customers at all around 6- that I can understand. The portion was very small. Chicken curry portion was given in a container a little bigger than the yoghurt tub. And the worst part was that the curry was it had a burnt taste. Probably some careless cooking. What owners of these restaurants should is that the customers are spending their money and time and it is a lot of effort to think where you want to get your food. And you walk into a restaurant, and you get some food. The owners just chuck on your face some food- they decide the quantity and quality. Come on Malaysian chain Marry Brown. You are bold enough to enter the Jaffna food genre- you think you can survive with this attitude?
Good place, although not having a POSH look! It tooks almost 30 mins to deliver to table after order. Portion is adequate, reasonable for the price! Gave 'Kesari' as a dessert for free :) Surely go again.
2/5
Nalaka Fernando
Good place. But not satisfied with the food and cleanliness
3/5
Fawshan
not the exact jaffna flavors ,, but the food is good and the service level is good ,
1/5
Jathu(rootlk)
Stealing the name "Yaal" and giving indian foods :( :( (these guys are the Marrybrown chain, they have set of shops along Marine Drive Eg Chennai restaurant, Indian Spice, Arabian restaurant)
most of tamils who comes from foreign goes for the name and they expect the same taste what there Grandma cooked for them in small age which they dont find here :P :P
typical cheating place with the name (y)
Buriyani in a shop name called Yaal restaurant :P :P