Artwork for Sampath Top - June

5/5

Yala National Park Safari

Kirinda - Palatupana Road, Yala


Yala is Sri Lanka's wildlife central, and thousands of people flock the National Park every year for a chance to spot wildlife, especially the elusive Lankan leopard.



අපේ රටේ ඈයො විතරක් නෙවෙයි ‘යාල’ කිව්වාම මුළු ලෝකෙ හතර වටේ කොයි කවුරුත් පාහේ දන්නව. මොකද ලංකාවට ඇවිත් හිතේ හැටියට ‘කොටි’ බලන්න පුළුවන් සුපිරිම තැන්වලින් එකක්නෙ යාල කියන්නෙ. ඒ හැරුණා ම පැය හතර පහේ පොඩි සෆාරියක් දාලා වුණත් අලි ඇත්තු, කොටි වලස්සු, නන්නාඳුනන කුරුල්ලො එහෙමත් තොගයක් බලන්න කියාපු තැන.

ඔය අතරට ‘යාල’ ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ වෙන්න තවත් හේතුවක් තමයි කතරගම පුණ්‍ය භූමියට ඉතා ළඟින් පිහිටපු එක. ඒ නිසා ගොඩක් බැතිමතුන් කතරගම වැඳපුදාගෙන අවසානයේ යාලටත් පොඩ්ඩක් ඔළුව දාලා යන්න පුරුදු වෙලා ඉන්නව. හැරත් ඔය යාල සවාරිය පොඩි ළමයින්ට එහෙමත් විඳින්න හොඳ අත්දැකීමක්නෙ.

එතනින් එහාට ගියාම යාල කියන්නෙ පරිසර වේදීන්, සත්ව වේදීන් වගේම ඡායාරූප ශිල්පීන්ගෙත් අපූරු තෝතැන්නක්. කොටින්ම, සමහරු ඉන්නව මාසෙ ගාණේ නැත්නම් මාස දෙකකට සැරයක්වත් යාල පැත්තෙ රවුමක් ගහන. වෙන දෙයක් නිසා නෙවෙයි ඒ, කැලේ කොලේ සුන්දරත්වය ඇඟට හුරු වුණාම ඒ පැතිවල රවුමක් නොගහ බෑ කියල හිතෙන නිසා.

කොහොම වුණත් ඉතින් යාල තියෙන ජෛව විද්‍යාත්ම වටිනාකම, අපේ රටට සොබාදහමෙන් උරුම වුණු ධන නිධානයක්. විශේෂයෙන්ම, විල්පත්තුව හැරුණාම කොටින්ගේ ප්‍රධාන අභිජනන කලාපයක් විදියටත් මේ යාල කැලේ හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දළ ඇතුන් විශාල ප්‍රමාණයකුත් යාල කැළේ ඉන්නව. අනික ලාංකිය වලසුන්, ලංකාවට ආවේණික හෝතඹු, උණහපුළු, දිවියන්, මුවන් ඇතුළු ක්ෂීරපායීන් බොහොමයකගේත් ලොකු ව්‍යාප්තියක් යාලදි අපට දැක බලාගන්න හැකියාව ලැබෙනව.

කුරුල්ලන් අතින් ගත්තොත් මෙරටට පමණක් සීමා වුණු අළු කෑඳැත්තා, මයිලගොයා, සබරිත්තා, වළි කුකුළා වගේම, අති දුර්ලභ සංචාරක කලපු කුරුල්ලන් විශේෂ දැක බලාගන්නත් යාල කියාපු තැනක්. අනිත් කාරණය තමයි මේ වියළි කලාපීය භූමියෙහි වාසය කරන උරග විශේෂ අතරේ සිරිලකට ආවේණික මුහුදු කරවලා, දඟර දණ්ඩා වගේ සර්පයින්ද තොල විසිතුරු කටුස්සා, කැන්ගරු කටුස්සා, ගැට කිඹුලා, හැල කිඹුලා වගේ සත්තුද සුලභව දැක ගන්න පුළුවන්.

යාල, ශාක විවිධත්වයේ උඩින්ම තියෙන්නෙ දෙබර, පලු, වීර, සියඹලා, දිවුල් වගේ ගස්. හැබැයි ඔය අතරට, ලංකාවට ආවේණික වල් මොර වගේ ගසුත් බොහොමයක් තියෙනව. කොහොම වුණත් ඉතින් මුළු යාලම වගේ පෝෂණය වෙන්නෙ නම් කුඹුක්කන් ඔයෙනුයි, මැණික් ගඟෙනුයි තමයි. ඒ විතරක් නෙවෙයි, මේ ගංගා දෙකෙන් අවුරුද්ද පුරා සතුන්ගෙ වතුර අවශ්‍යතාවයත් බොහෝ දුරට සපුරාලනව. අනික වනෝද්‍යානය ඇතුළෙ තියෙන බංගලා, කඳවුරු බිම්වල වතුර අවශ්‍යතා සරි කෙරෙන්නෙත් මේ ගඟවල් දෙකෙන්නෙ…

කොහොම හරි ඉතින් යාල කැලේ සුන්දරත්වය නම් ඔහොමයි!

වැඩේ කියන්නෙ ඒ සුන්දරත්වය අත්විඳින්න ඉතින් ඒ පැත්තෙ ගිහින් දවසක් දෙකක් ඉඳල රවුමක් ගහලම එන්න වෙනව. අනික උදේ හවස සෆාරි දාලා කැලේ කොලේ හොඳ හැටි පීරන්නත් වෙනවනෙ. ඒකට හොඳ අත්දැකීම් කාරයෙකුත් හිටිය නම් තමයි හොඳ.

ඒ ඔක්කොමත් කෙසේ හෝ හරිගස්ස ගත්ත කියමුකො. අවුල තියෙන්නෙ ගෙදර ඉඳන්ම ඔය වැඩ ටික ඇරේන්ජ් කරගන්නෙ කොහොමද කියන එකනෙ. අනික ඉතින් ඒකටම කියල ඉන්ටර්නෙට් එකේ රවුම් ගගහ බංගලායි සෆාරි ජීපුයි හොය හොය ඉන්නත් බෑ. මොකෝ වෙන වැඩ නැතුවයැ. ඊටත්, ඒවයෙ සර්විස් එක නොදැන ගිහිල්ල නිකම් සවුත්තු වෙන්නත් බෑනෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ඔයාලට, ඔය වැඩේට ලේසිම හොඳම ක්‍රමය කියන්න.

කරන්න තියෙන්නෙ හරි පුංචි දෙයයි. යාල, නිමලව වයිල්ඩ් ලයිෆ් ඔෆිස් එකේ ‘අසිතට’ කෝල් එකක් ගහන්න. එහෙම නැත්නම් එයාගෙ වෙබ් සයිට් එක බලන්න. කොටින්ම කියනව නම් එතනින් එහාට ඔක්කොම වගේ එයා බලාගනියි. ඔයාලා යන දවසයි කට්ටිය ගාණයි එයාට කිව්ව නම්, ඉඳුම් හිටුම්, කෑම බීම, සෆාරි ජීප් එකේ ඉඳන් ගයිඩ් වෙනකම්ම ඇරේන්ජ්මන්ට් එක එයා දාලා දෙනව. ඒ විතරක් නෙවෙයි හැන්දෑවට පොඩි ගිනිමැල පාර්ටියක් එක්ක කෑම්පින්ග් නයිට් එකක් වගේ ඕන නම් ඒකත් එයාට කියල ලෑස්ති කරගන්න පුළුවන්.

අනික ඉතින් අතේ තියෙන ගාණට හොඳ සුවපහසුවට යාල ටුවර් එකක් කරගන්න පුළුවන් වුණා කියන්නෙ… ඔර්ගනයිස් කරපු ඔයාටනෙ ආඩම්බරේ.

ඒ වැඩ ටික හැරුණාම අසිතගෙ තව තියෙනව කල්තියා ලෑස්ති කරපු සුපිරි පැකේජ ටිකකුත්. අපේ ලෝකල්ස්ලට එහෙම නම් කතා කරල ඩිස්කවුන්ට් වුණත් දාගන්න බැරි කමක් නෑ. අනික අපිට ඕන විදියට ඒ පැකේජ වෙනස් කරගන්න බැරි කමකුත් නෑ. ඔන්න එහෙනම් අහගන්නකො ඒ ටික කොහොමද කියල.

අපේ කට්ටියට,

ෆුල් ඩේ සෆාරියක් දාලා, වේල් 3ටම කන්න දීලා, තේ වේල් 2කුත් දීලා, රෑට පොඩි ගිනිමැල පාර්ටියක් එක්ක සුවපහසු බංගලාවක නවාතැන් දෙන්න එක්කෙනෙක්ගෙන් ගන්නෙ රු. 3000යි. හැබැයි ඒ පැකේජය ගන්න නම් ඔයා අඩුම තරමෙ 8, 9 දෙනෙක්ගෙ සෙට් එකක්වත් අරගෙන යන්න ඕන.

එහෙම නැතුව ඊට අඩු පිරිසක් යනව නම් අසිතට කෝල් එකක් ගහල ගාණක් කතා කරගන්න පුළුවන්.

හ්ම්ම්… අපි හිතමුකො ඔයාට තනියම හරි තව යාළුවෙක් එක්ක විතරක් හරි සෆාරි යන්න ඕන කියල. එහෙම නම් ඔයාගෙ ගාණ රු. 10000ක් වෙනව. ඒකෙදි හාෆ් ඩේ සෆාරියක් එක්ක කෑම වේල් 3යි, තේ වේල් 2යි දීලා රෑ බාබකියු ගිනිමැල පාර්ටියකුයි සුවපහසු බංගලාවක නවාතැනුයි එහෙමත් දෙනව.

සුද්දන්ට… අසිතගෙ පැකේජ මෙහෙමයි.

අර විදියටම වේල් 3 කන්න දීලා, තේ වේල් 2යි, රෑ බාබකියු ගිනිමැල පාර්ටියයි, සුවපහසු බංගලාවෙ නවාතැනුයි එක්ක ෆුල් ඩේම සෆාරියක්, රු. 15000යි.

ඔය ඔක්කොමත් හැරුණාම අපි හිතමුකො ඔයාලට ඕන සෆාරියක් යන්න විතරයි කියල. එහෙම නම් ගණන් හිලව් වැටෙන්නෙ, යාල වරුවක සෆාරියකට රු. 5000ක්. බුන්දල වරුවක සෆාරියකටත් රු. 5000ක්. ලුණුගම්වෙහෙර වරුවක සෆාරියකට රු. 6000ක්.

එතකොට... යාල බෆර් සෝන් එකේ වරුවක, නයිට් සෆාරියකට රු. 8000ක් වගේ.

හැබැයි ඉතින් ඔය ගණන් ඔක්කොම සීසන් කාලෙට විතරයි. ඕෆ් සීසන් එකේ රු. 500, රු. 1000 ඩිස්කවුන්ට්!

හ්ම්ම්… ඒ හැරුණාම ඉතින් තව පොඩි පොඩි විස්තර අහගන්න ඕන නම් කෙළින්ම අසිතට කතා කරන්න. මොකද ඒක ලේසියි.

එහෙනම් ඔන්න එයාගෙ නොම්මරේ දාගන්නකො.

ඒත් කට්ටිය... එකක් අමතක කරන්න එපා.

ඔයාලට මේ විස්තරේ ගෙනාපු අපිට, ඔයාලගෙ අත්දැකීම් එහෙම කියන්න අමතක කරන්න එපා හොඳද!

Artwork for Sampath Content Sep generic

Open 6.00AM - 9.00AM & 3.00PM - 6.00PM

Similar Places

User Reviews
S
1

5/5

0

salmanfairoze272

Found the leopards at 9.30 near their waters basin. Dojnd few Elephabts and more of the deers and Bulls with Wild Bows and Please travel in the morning and get the driver make use of the journey.

Get hold of someone before you enter the main yala road where you could find it for 4500rs (Jeep with Maximum 6-7 People) + 1000rs (Entrance)

Food is available at a reasonable price as well.

Looks like a way to go for a worthy shot.

S
1

5/5

0

salmanfairoze272

Found the leopards at 9.30 near their waters basin. Dojnd few Elephabts and more of the deers and Bulls with Wild Bows and Please travel in the morning and get the driver make use of the journey.

Get hold of someone before you enter the main yala road where you could find it for 4500rs (Jeep with Maximum 6-7 People) + 1000rs (Entrance)

Food is available at a reasonable price as well.

Looks like a way to go for a worthy shot.

See 2 Comments