Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

5/5

Yalaththa

Kirillawala, Kandy Rd, Kadawatha 11850


Best place near Colombo to go for a traditional Sri Lankan food in a traditional Sri Lankan village like restaurant.



උදේට ගමේ රහට කන්න කියලා...

යාළුවා තමයි ප්ලේස් එකේ පාර්ක් කලේ කෑම බීම නොම්මර එකයි කියලා...!

පාර්ක් කරලා ඉතින් වාහනෙන් බැස්සත් හරි...

මගේ නේද, මනදොළ පිනා ගිහින් බඩගින්න ඉහවහා ගියා කිව්වොත් හරි.

ඇයි අප්පේ ඒක තනිකර ම ගමේ පොට් එකක්නෙ. කිව්වට විශ්වාස කරන්න ලී කණු තියලා මැටියෙන් බැඳපු බාග බිත්ති. ඉලුක් හෙවිලි කරපු තට්ටු දෙකේ වහල. භෝජනාගාරයෙ හතර වටින්ම ලංකාවෙ පෞරාණික ෆොටෝ. ඒ මදිවට අස්සක් මුල්ලක් නෑර ඇන්ටික් බඩුවලින් පිරිලා ලස්සනේ බෑ. ඊටත් බුෆේ එක! තනිකර ම මැටි ඇතිලි, ගුරුලේත්තු, තේ බොන්න පොල්කටු...

කියන්න වචන නෑ යාළු. ගිහිල්ලම බලන්න ඕන!

හැබැයි ඊට කලින්...

අහගෙන යන්නකො කෑමවල රස පදම එහෙමත්.

කොහොම කොහොමින් හරි ඔහොම අන්දුන් කුන්දුන් වෙලා යාලත්තට ගොඩවුණු මම කෙළින්ම කිට්ටු කලේ බුෆේ එකට. කිට්ටු කරලා ඉතින් මැටි ඇතිලි පේලියට ඇහැ දාගෙන යනකොට,

“ගුඩ් මෝනින් සර්. බත්ද? පාන්, ඉඳිආප්ප මොනවහරිද?”

“ම්... මට ඉඳිආප්ප හොඳයි වගේ. හැබැයි පාන් කාලකුත් ඕන. එතකොට... මස් දාන්න පෝර්ක්වලින්. දාලා පරිප්පුයි, කලුපොල් මාලුයි, ගෝවා තෙල්දාපුවයි, පොල් සම්බෝලයි දාන්න. (රු. 400)

මල්ලි මට බෙලිමල් එකක් ගන්න පුළුවන්ද ඒ එක්කම?”

“අනේ සර් මේ දවස් ටිකේ බෙලිමල් නෑනෙ. තේ විතරයිනෙ” (රු. 30)

“ආ... කමක් නෑ, කමක් නෑ. ඒනම් ප්ලේන්ටියක් දාන්නකො. මේසෙට එවන්න...”

කියලා ඔන්න අතට දුන්න කෑම පිඟානත් අරගෙන, යන ගමනෙ ගුරුලේත්තුවෙන් සීතල වතුර වීදුරුවකුත් දාගෙන මම මේසට.

ගිහිල්ලා... ඉඳිආප්පයක් බඩට දාගන්න ඔහොම මෙහෙම තියෙද්දි, මෙන්න යාළුවත් චිකන් රයිස් ඇන්ඩ් කරියක් සමඟ මගේ එහා පැත්තට. (රු. 300)

“අඩේ තෑම්ක්ස් ආ... මරු ප්ලේස් එක බං”

පළවෙනි කට රස බලනවත් එක්ක ම වගේ මම යාළුවට පිං පැමිණුවා.

හැබැයි ඒක කාලා, ඒ රහට ඊළඟ දෙක තුනත් බස බස ගාලා බඩට දාගත්තට පස්සෙනෙ...

අප්පේ... අරූව ඉම්බෙ නැති එක විතරයි. 

පෝර්ක් කරිය තිබ්බෙ. බාගෙට බාගෙ වගේ තෙල් කෑලියි මස් කෑලියි. හැබැයි රසයි කියන්නේ... කඳුලු පනින ගාණට. මිරිස් තුනපහ, ඉඟුරු සුදුලූනු ටික දාලා තියනවා නූලට තිතටම. ඊටත් හොද්දත් ටිකක් හිඳෙන්න අල්ලලා... ඉඳි ආප්ප විතරක් නෙවෙයි බත්, පාන්, රොටි ඕනම දේකට කියාපුම!

හිතන්නකො එහෙම පෝර්ක් කරියක් එක්ක හොඳහැටි කිරි, රම්පෙ කරපිංචා, අමු මිරිස් ටික දාලා ළාවට හින්දපු පරිප්පුවක් කලවම් වුණාම?

ආයෙ... කටවල් පහ හය යනකොට ඉඳිආප්ප දෙවනි වටේ කෙළින්ම.

වැඩේ වුණේ ඒ අතරට පෝරණු පාන් කෑල්ලක් එක්ක නිකමට වගේ පොල්සම්බෝල පොඩ්ඩක් රස බලපු එකෙනෙ. උම්බලකඩ නම් තිබ්බෙ නෑ. හැබැයි ඒ අඩුව විතරමයි. ලුණු ඇඹුල් වගේම සැරත්...

මල් හතයි ආ...!

ම්... ගෝවා තෙල් දැමුමත් හරි රහට තිබ්බා. හොඳහැටි මිරිස්, ගම්මිරිස් එහෙම දාලා....

ඒක නෙවේනෙ කාරිය, දෙවනි ඉඳිආප්ප සෙට් එකත් එක්ක කලුපොල් මාලුවෙන් ටිකක් කාලා බැලින්නම්නෙ. අඹගහේ ජම්බු කිව්වලු! බැදපු තුනපහ, අබ, ගොරක අඩුම කුඩුම එක්ක පොල් බැදලා, අඹරලා පදමටම අතගාලා... ඒක ඉඳිආප්පවලටත් වඩා සෙට්වෙන්නෙ යාළුවගෙන් ඉල්ල ගත්තු රතු බත් ටිකත් එක්ක.

හප්පේ... මතක් වෙද්දිත් කටට කෙළ උනනව ඈ... උණු උණු රතු බතයි, බණ්ඩක්කා තෙල් දැමුමයි, පරප්පුයි එක්ක ගැලපුණු ඒ කොස්ඇට ටික!

ආහ්... ඒ විදියට ඉස්මුරුත්තාව එනකම් කාලා, පොල්කට්ටකට මේසෙට ආපු තේ කහට ටික! අපරාදෙ කියන්න බෑ හකුරු කෑල්ලක් තිබ්බ නම්...

ඇඬෙනව යාළු, ඇඬෙනව!

හ්ම්....


TIP

Try pork


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment