Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

3/5

Yarl Eat House

46/1 Station Road, Wellawatte


The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.



අද කතාව...

අවාසනාවට ඇත්ත කතාවක්!

සිද්ධිය මේකයි යාළු.

‘මීට වසරකට පමණ පෙර, එක් වැසි දිනෙක, ආමාශය හැකිළී යන තරමේ කුසගින්නක් ඇති වූ නිසාවෙන්’ මම, එහා පැත්තෙ ඉඳපු භාග්‍යගෙන් කටට රහට බත් ටිකක් කන්න කඩයක් ඇහුවා. මොකද අපේ යමු එකේ කෑම කඩ ගැන එක්ස්පර්ට් භාග්‍යනෙ. අායෙ ඉතින් ඉරහඳ සාස්තර බැලුව වගේ තමයි, ගත්ත කටටම භාග්‍ය කිව්වෙ, වැල්ලවත්ත ස්ටෙෂන් රෝඩ් එකේ යාල් හෝටලේට යන්න කියල. ගමේ රහට, අපේ කොලිටියට වගේම අතේ තියෙන ගාණත් බේරගෙන බඩ පැලෙන්න කාලා එන්න කියාපු තැන කියල තමයි කිව්වෙ.

ඉතින් ඒ කීම අහල යාල් හෝටලේට ගොඩවුණ මම, කාපු කෑම කොහොමද කියනව නම්, අද වගේ මතකයි, එක කකුළු ප්ලේට් එකක් ඉවර කරල තව එකක් ගෙන්න ගත්තු හැටි.

කොහොම හරි මේ ළඟදි දවසක, වැල්ලවත්ත සැවෝයි ගිහින් එළියට බහිද්දි මට හිතුනා ඒ මතකය ආයෙත් අළුත් කරගන්න. හැරත් තව යාළුවෙකුත් හිටිය නිසා නෝන්ඩි නැතුව යන්න පුළුවන් වෙයි කියල අදහසකුත් තිබ්බා.

ඉතා ගැඹුරු ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපට විචාරයත් එක්ක විනාඩි දෙකට තුනට යාල් හෝටලේ ළඟට කිට්ටු කරපු මගේ සතුට ඉහ වහා ගියේ හෝටලේ අළුත්වැඩියා කරල තියෙනව දැක්කාම. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හෝටලේට අන්තර්ගත වුණු අපි දෙන්නා අයිනෙ මේසයක් අල්ලල වාඩිවුණේ නිදහසේ කෑම ටික කන්න පුළුවන් නිසා.

මිහිරි මතක හද රැඳේ කියල කතාවක් තියෙනවනෙ. කියන්න සන්තෝසයි එදා වගේම අදත් යාල් හෝටලේ සේවාව නම් පට්ට. වාඩිවෙලා පුටුව ඉස්සරහට අදින්න හම්බවුණේ නෑ, සේවක මිත්‍රයෙක් ඇවිල්ල, ලොකු කෙසෙල් කොල දෙකක් අපේ ඉස්සරහින් තියල බත් බෙදන්න පටන් ගත්තා. බත් බෙදන ගමනුත් එයා නිකම් හිටියෙ නෑ,

“සර් කරීස් මොනවද ගේන්නෙ?”

අහන්න ඕන ප්‍රශ්නය කෙටියෙන්ම ඇහුවා.

මට ඉතින් ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑනෙ. උත්තරේ වුණේ ‘ක්‍රැබ් කරියක්’. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳපු යාළුවා ඕඩර් කළේ මට්න් කරියක්.

ඊට පස්සෙ අහගන්නකො “අවාසනාවට වුණත් කියන්න තියෙන ඇත්ත කතාව”

කරි ඕඩර් කරල අපි කෙහෙල් කොලේට බෙදපු බත් එක දිහා බැලුවනෙ. යාළුවට මීටර් වුණේ නැති වුණාට මට මොකක්දෝ වෙනසක් තේරුනා. බැලින්නම් එදා බත් එකේ තිබුන බැදපු මෝරු මිරිස් කරල් ටික අද නෑ. ඒ විතරක් නෙවෙයි, එදා පරිප්පු කරියෙ තිබුන තැඹිලි පාටට හුරු ලස්සන කහ පාටත් නෑ. අයියෝ, වම්බටු මාළුවක් තියෙනව දැක්කාම බඩ යන ගාණයි. බැලූ බැල්මට පේන්නෙ වතුරෙන් තම්බල, පොල් කිරි දාලා හින්දල වගේ. හිත හැදෙන්න කියල තිබ්බෙ තෙල් දාපු කංකුං ටික විතරයි කියන්නකො. ඉස්සර නම් බත් එකට දුන්නෙ කන්න පුළුවන් මාළු බැදල, ඔය බෝල්ලු වගේ. ඒකත් දැන් කටුවල්ලන්ට මාරු වෙලා.

හපොයි දෙයියනේ ‘යාල්’

වෙලාවට කලින් ආපු නැති යාළුවෙක් එකකන් ආවෙ. නැත්නම් කුණුහරප අහගන්න වෙන්නෙ.

මම බයෙන් හිටියෙ කරි ටිකත් අවුල් ගිහින්ද දන්නෑ කියල. වාසනාවට ඒවයෙ නම් වෙනසක් වෙලා නෑ. කකුළු කරියෙ රස තවත් වැඩි වෙලා. කකුළුවගෙ සයිස් එකත් ලොකු වෙලා. තුනපහ අඩුම කුඩුම ටිකත් නියම ගාණට. සැර ගතියත් මදි නොකියන්න තිබුන නිසා කටගැස්මටත් කියාපු. වෙනමම එන හොදි දීසියෙන් හැඳි දෙකක් විතර දා ගත්තාම ගමකට කතහැකි.

“හම්මේ… යන්තං ඇති, ඒකවත් හොඳ රහට තිබ්බ” කියල හිත හදාගත්තු මම හීන් සීරුවෙ යාළුවගෙ මට්න් කරියට කිට්ටු කළේ ඒකෙ විස්තරේ දැන ගන්න. මොකද, එච්චර බත් එක අවුල් ගිහින් තිබිලත් මනුස්සය නෙවෙයිනෙ ඔලුව උස්සන්නෙ. කාගෙන කාගෙන යනව.

කොටින්ම කියනව නම්, මම මට්න් බෙදා ගන්නව වත් යාළුව දන්නෙ නෑ. බෙදා ගත්ත මට්න් ටික එක කටට අනල රස බලද්දි තමයි මම දැන ගත්තෙ, යාල් එකේ මොනව අවුල් ගියත් කරීස් අවුල්ස් යන්නෙ නෑ කියල. ෂහ්, පංකාදු පහයි ඈ… බත් කනවටත් වඩා පාන්, රොටී වගේ දෙයක් කන්න කියාපු මට්න් හොද්ද. වැඩේ කියන්නෙ කටකට එක ගාණෙ වෙගේ වෙන්න මට්න් කෑලිත් තියෙනවනෙ. සැර ගතියෙන් අනූනයි කියන්නෙ, කාගෙන කාගෙන යද්දි ඇස් දෙකෙන් කඳුළු පනින තරම්. හැබැයි ඉතින් තුනපහ, ලුණු ඇඹුල් ටිකත් පදමට තියෙන නිසා කොච්චර කඳුළු පැන්නත් කන්නමයි හිත.

කොහොම හරි මම දෙවනි පාර බත් බෙදා ගනිද්දි යාළුව තුන් වෙනි වටෙත් යනව. ව්‍යංජන ටික අවුල් නිසාද කොහෙද එයාගෙත් ඉල්ලුම කංකුං විතරයි. මතකෙ හැටියට එක පාරක්ද කොහෙද පරිප්පු පොඩ්ඩක් වගේ බෙදා ගත්තා.

කොයි කඩෙන් බත් කෑවත් උපරිම විනාඩි 10න් ඉවර කරන මම, අර අතීත දවසෙ වගේම ගිය සතියෙත් ‘යාල් හෝටලේ බත් එකට’ පදිරි වුණා කියන්නකො. ගෙඩිය පිටින්ම පැය බාගයක් කාලා. අත හෝදගෙන ඇවිල්ලත් විනාඩි 10කට එහා පැත්තෙ ඉන්න ඇති. සත්තයි, මෙතන ඩෙසට් මොනව හරිත් තිබුන නම් ‘පැයක් තිස්සෙ කන්න පුළුවන් කඩයක්’ කියල මාතෘකාවට දාන්න තිබුනා.

හ්ම්ම්… එ්ත් ඉතින් ඒ දවස් වල තිබ්බ කරි…?


TIP

Try lunch.
All Reviews

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

සිංහල බැලූ බැල්මට පේන්නෙ වතුරෙන් තම්බල, පොල් කිරි දාලා හින්දල වගේ. හිත හැදෙන්න කියල තිබ්බෙ තෙල් දාපු කංකුං ටික විතරයි කියන්නකො. ඉස්සර නම් බත් එකට දුන්නෙ කන්න පුළුවන් මාළු බැදල, ඔය බෝල්ලු වගේ. ඒකත් දැන් කටුවල්ලන්ට මාරු වෙලා. හපොයි දෙයියනේ ‘යාල්’

සිංහල ''මහත්තයල රතු බත් ද සුදු බත් ද කන්නෙ?'' කෙසෙල් කොල දෙක මේසෙට එලපු සේවක මිත්‍රයා නුහුරු සිංහලෙන් අපෙන් ඇහුවෙ පුංචි හිනාවකුත් දාන ගමන්.

සිංහල කකුළුවන් කන්න හැමතිස්සේම හොඳ තැනක් තමය යාල් ඊට් හවුස් (Yarl Eat House). මෙය අවන්හලක්වත්, කඩයක්වත්, කඩ තට්ටුවක්වත් නොවන අමුතු 'බිත්තියේ සිදුරක්'. එය පිහිටා තිබෙන්නේ වැල්ලවත්තේ දුම්රියපොළ පාරේ ප්‍රසිද්ධ වැසිකිලිය ඉදිරිපිට. සතියේ හැමදිනකම එහි පිරිනමනවා හොඳ තත්වයේ යාපන කකුළු මාංශ කරියක්, හරිම සාධාරණ මිළට.

Address

46/1 Station Road, Wellawatte

Directions

Heading down Galle Road, turn right on Station Road two streets past the Savoy Cinema at the Wellawatte Junction, Taking WA Silva Mawatha, go straight. You can also access from Marine Drive. There isn't really parking down the narrow lane.

Contacts

Report Inaccuracy

Open 11 AM to 3 PM, 6 PM to 10.30 PM

Cuisine

Jaffna

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry Crab

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

See 9 Comments