Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Yarl Eat House

46/1 Station Road, Wellawatte

Get it delivered on Pickme Food

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.



ලක්ෂරි පෝර්ක් ප්ලේස් එකකින් දවල් කෑම කන්න ගිහිල්ලා හොඳට නාගෙනනෙ හිටියෙ. ඉතින් හවස 6-7 වෙද්දි ඉන්න බෑ බඩගිනියි. ඒකත් මට නොසෑහෙන්න වැඩ තිබ්බ නිසා කළින් ගෙදර යෑමක් පෙන්නුම් කළෙත් නෑ. ඔක්කොමත් හරි යාළු මාසෙ අන්තිම සතියෙ, පඩි ඇවිල්ලත් නෑ... අතේ සල්ලිත් ඒ හැටි නෑ...

ම්... කල්පනා කරකර කොහොම හරි හෙමින් සැරේ වැඩ කරගෙන ගියා. ඒ යද්දි තමයි අපේ මුබා ආවෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහිල්ලා.

“අඩේ බුද්ධී... මුකුත් නැද්ද බං කන්න. පට්ට බඩගිනියි බං...”

“සිරාවට? මාත් මේ බල බල හිටියෙ මොනව හරි ඕඩර් කරනවද නැද්ද කියල. මං හිතුවෙ ඇත්තටම උඹ ගිහිල්ල කියල. දැං හරි ඒනං උඹත් ඉන්නෝනෙ. දාමු ඕඩරයක්”

මම ගත්තා සනික ෆෝන් එක අතට, කළින්ම බලල තියාගත්තු වැල්ලවත්ත යාල් එකෙන් දැම්මා ඕඩරේ. මට්න් ඉඳිආප්ප කොත්තු එකයි (රු. 600), චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 450), ක්‍රැබ් කරියයි (රු. 300).

දාලා ඉතින්... හිතුවෙ ම ලොකු වෙලාවක් යයි කියල ඒක එන්න. ඒත් රෑ හින්දද මන්දා ඔන්න පැය බාගෙට කෑම ටික මෙතන.

ආවාට පස්සේ... ඒවා දිගඇරිච්ච වේගෙවත් හිතාගන්න බෑ, දෙන්නට ඒ තරම් බඩගිනියි. ඊටත්... දිගඇරලා බලද්දි, යාළු... කොත්තුවයි, රයිස් එකයි දෙකම කෙහෙල් කොළවල ඔතලා. දුම් දදා, සුවඳ ගගහා... පිස්සු ආ. ඒ අතරට කොහොම හරි කට්ල්ෆිෂ් කරියත් කඩලා දාගත්තා පොඩි බෝල් එකකට.

දාගෙන...

දෙන්නගෙ ඇඹරිල්ල. කෙලින්ම T20 හොඳේ... හාවක් හූවක් නෑ, බස බස ගාලා බහින්නෙ කෑම ටික.

හැබැයි මේ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු දෙකම පට්ට වෙනස්. හරියටම කිව්වොත් ශ්‍රීලංකන් චයිනිස් නෙවෙයි. ජැෆ්නා ස්ටයිල්. අර... බත්ඇට වෙන්වෙන්න, ෆ්‍රයිඩ් රස උඩ එන්න, කැරට් ලීක්ස් තොගේට තියෙන්නෙ, ෆ්‍රයිඩ් චිකන් කෑලි මික්ස් වෙන්න... එහෙම නෙවෙයි!

මේකෙ තියෙන්නෙ බත් ඇට ටිකක් හොදි ගතිය, සෝස් ගතියට වගේ එකට ඇලෙන්න, කැරට් ලීක්ස් නම් හොඳ හැටි දාලා තිබ්බා. හැබැයි රම්පෙ කරපිංචා, කුරුඳු, තව මොනවදෝ කුළුබඩු ටිකක් එහෙමත් එකතුවෙලා, තුනපහ රස උඩ එන්න. අනික චිකනුත් රෝස්ට් නෙවෙයි, කරියට හදපුවා.

ඇත්තටම අමුතුම වෙනසක්, රසක්. පටන් ගැම්මෙදි නිකම් නුහුරු ගතියක් වගේ තිබ්බට... කට දෙක කද්දිනෙ. ෂැහ්, උණු උණුවට... දෙන්න තලු මරමර.

ඊටත් ඒකෙ තිබ්බ මස් තොගයක්. හප්පේ... කන කන කටක් ගානෙ චිකන් කෑල්ලක් අනිවා.

වැඩේ වුණේ යාළු ඒක කාලා මට්න් එකට බැස්සාම... ඉඳි ආප්ප කොත්තුවනෙ. හැබැයි අර අපි වෙනදට කන ඉඳිආප්ප කොත්තුව වගේ නෙවෙයි. මේකත් ජැෆ්නා ස්ටයිල්. රයිස් එක වගේම හොදි, රම්පෙ කරපිංචා, කුළුබඩු රසට...

ඒකත් අවුලක් නෑ. අවුල වුණේ ඒකෙ තිබ්බ මට්න් තොගේනෙ. කන කටට මට්න් කෑලි එකක් නෙවෙයි, ඒකෙ නම් දෙකක් විතරම. අනික පෝෂන් සියල්ලම දෙන්නෙක්ට බඩ පැලෙන්න ගානට. අර අපි දෙන්න හාමතේ ඉඳපු නිසා ගිලලා දැම්මා මිසක් නැත්නම් තුන්දෙනෙක්ගෙ කෑම හොඳද.

ම්... ඔය අතරට කට්ල්ෆිෂ් ටිකකුත් රස බැලුවනෙ. සත්තයි ඒකෙ නම් පළවෙනි කටටම මට මතක් වුණේ පරාටා සහ පරිප්පුවක් තිබුණ නම් කියල. ආයෙ රියල්ම ජැෆ්නා ආ... දාලා තියෙනව මිරිස්, යහමින්. හොද්දත් හරිම ඝනයි. දැල්ලො දෙන්නෙක්ගෙ විතර මස දාලා... ඒවටත් මිරිස් තුනපහ නූලටම අල්ලල නිසා...

කන කන කටක් ගාණෙ...

ඊළඟ කටටයි තොලකට දිව හැදෙන්නෙ, හ්ම්...!


TIP

Try lunch.
All Reviews

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

සිංහල ආවාට පස්සේ... ඒවා දිගඇරිච්ච වේගෙවත් හිතාගන්න බෑ, දෙන්නට ඒ තරම් බඩගිනියි. ඊටත්... දිගඇරලා බලද්දි, යාළු... කොත්තුවයි, රයිස් එකයි දෙකම කෙහෙල් කොළවල ඔතලා. දුම් දදා, සුවඳ ගගහා... පිස්සු ආ.

සිංහල බැලූ බැල්මට පේන්නෙ වතුරෙන් තම්බල, පොල් කිරි දාලා හින්දල වගේ. හිත හැදෙන්න කියල තිබ්බෙ තෙල් දාපු කංකුං ටික විතරයි කියන්නකො. ඉස්සර නම් බත් එකට දුන්නෙ කන්න පුළුවන් මාළු බැදල, ඔය බෝල්ලු වගේ. ඒකත් දැන් කටුවල්ලන්ට මාරු වෙලා. හපොයි දෙයියනේ ‘යාල්’

සිංහල ''මහත්තයල රතු බත් ද සුදු බත් ද කන්නෙ?'' කෙසෙල් කොල දෙක මේසෙට එලපු සේවක මිත්‍රයා නුහුරු සිංහලෙන් අපෙන් ඇහුවෙ පුංචි හිනාවකුත් දාන ගමන්.

සිංහල කකුළුවන් කන්න හැමතිස්සේම හොඳ තැනක් තමය යාල් ඊට් හවුස් (Yarl Eat House). මෙය අවන්හලක්වත්, කඩයක්වත්, කඩ තට්ටුවක්වත් නොවන අමුතු 'බිත්තියේ සිදුරක්'. එය පිහිටා තිබෙන්නේ වැල්ලවත්තේ දුම්රියපොළ පාරේ ප්‍රසිද්ධ වැසිකිලිය ඉදිරිපිට. සතියේ හැමදිනකම එහි පිරිනමනවා හොඳ තත්වයේ යාපන කකුළු මාංශ කරියක්, හරිම සාධාරණ මිළට.

Address

46/1 Station Road, Wellawatte

Directions

Heading down Galle Road, turn right on Station Road two streets past the Savoy Cinema at the Wellawatte Junction, Taking WA Silva Mawatha, go straight. You can also access from Marine Drive. There isn't really parking down the narrow lane.

Contacts

Report Inaccuracy

Open 11 AM to 3 PM, 6 PM to 10.30 PM

Cuisine

Jaffna

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry Crab

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

See 9 Comments