Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Yarl Eat House

46/1 Station Road, Wellawatte


The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.



කලපුවලින් ලොව ඉස්තරම්ම කකුළුවන් නෙළාගන්නා ලංකාවේ ජීවත් වන අපට හොඳ කකුළු මාංශයක් සාධාරණ මිළට බුදින්න තැනක් සොයාගැනීම පහසු නහැ.

කකුළුවන් කන්න හැමතිස්සේම හොඳ තැනක් තමය යාල් ඊට් හවුස් (Yarl Eat House). මෙය අවන්හලක්වත්, කඩයක්වත්, කඩ තට්ටුවක්වත් නොවන අමුතු 'බිත්තියේ සිදුරක්'. එය පිහිටා තිබෙන්නේ වැල්ලවත්තේ දුම්රියපොළ පාරේ ප්‍රසිද්ධ වැසිකිලිය ඉදිරිපිට. සතියේ හැමදිනකම එහි පිරිනමනවා හොඳ තත්වයේ යාපන කකුළු මාංශ කරියක්, හරිම සාධාරණ මිළට.

ඔබට කෑම කන්නට සිදුවන්නේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවන කොංක්‍රීට් ගුහාවක මේසයක් මත කෙසෙල් කොළයක් එළාගෙන. ඒත්, මම සියදෙනෙකුට පමණ මෙතැන කෑම රස රස බෙදා දීලා තිබෙනවා. තවම කවුරුවත් පැමිණිලි කරලා නැහැ. බොරු සෝබන නැති එතැන තමයි හොඳම කකුළු මාංශ අඩු මිළට කන්න පුළුවන් තැන.

කකුළු මස් කෑමට ඇති ගිජුකම නිසා මම යාල් ඊට් හවුස් වෙත ඇබ්බැහි වී දැන් දශකයක්. එක් අවස්ථාවක මම බීබීසී වාර්තා කණ්ඩායමක්ද පෙළඹුවා එහි ගොස් මේ කකුළු මෙහෙයුම රූගත කරන්න. හැබැයි, මට බියකුත් ඇතිවුණා මේ ක්ෂණික ප්‍රසිද්ධිය නිසා එහි මිළ ඉහළ යාවිද කියා. ඒත්, ඒ විනාඩි පහළොවේ ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ඔවුන් තඹ සල්ලියකට මායිම් කළ බවක් පෙනුණේ නැහැ. ඔවුන් බීබීසී කණ්ඩායමට සිය රූගත කිරීම්වලදී දක්වපු එකම ගෞරවය ඔවුන්ගේ සරොං පොඩ්ඩක් දනහිස මට්ටමට පහත දැමීම විතරයි. මේ හැසිරීම ඇත්තෙන්ම මා තුළ ඔවුන් කෙරෙහි තිබුණු විශ්වාසය තවත් වැඩිකළා. ඒත්, දෙවසරක් පිටරට සිට මෑතදී ආ මට අසන්න ලැබුණා මේ ලාංකික කකුළු මර්මස්ථානයේත් තත්වය බාල වෙලා කියලා.

මේ ගැන කණගාටු වෙමින් තමයි මම දුම්රියපොළ පාරේ යාල් ඊට් හවුස් සොයා දිව්වේ. දිවා ආහාර වෙලාවේ එහි ගිය මට දකින්න ලැබුණා පිටතින් නම් එහි කිසි වෙනසක් වී නැති බව. තීන්ත පතුරු ගැලවෙන බිත්ති, උණුසුම් හා පිරිසිදු වාතාශ්‍රය නැති ඇතුළත හා වේටර්වරුන්ගේ කුණු වැකුණු සරොං තවමත් එහෙමමයි.

කකුළුවෝත් ඉස්සර වගේම කලින් පිසලා වීදුරු කැබිනට්ටුවේ දීසි මත වැඩ සිටියා. සියල්ල කදිමයි. ඒත්, ඒ දෘෂ්‍ය මායාවක් වෙන්න පුළුවන් නිසා මම දෙකක් ඇණවුම් කර හුස්ම නාල්ලා බලා සිටියා ඒවා රැගෙන එනකල්. මම බලාපොරොත්තු වුණා, කොළඹ මේ කකුළු ගුහාව මගේ බලාපොරොත්තු සුන් නොකරනු ඇතැයි කියා.

තත්පර කීපයකින් කකුළු කටු බිඳුණා මගේ ඇඟිලි පසුපස ගාත්වල මස් කැබලි සොයා ඇදුණා. එක කටක් ඇති මගේ බිය පහවන්න. එදා වගේම යාල් කකුළුවෝ අදත් අනර්ඝයි. පිටරට පැටවෙන මට්ටමේ දැවැන්ත පෘෂ්ටවංශිකයන් නොවුණාට ඔවුන් මිළේ හැටියට හොඳින් මස් සහිතයි. අවංකවම රසවත්. හොද්දට දමා ඇති මාළු බිත්තර ප්‍රමාණය අනුව හිතාගන්න පුළුවන් ඔවුන් කකුළුවන් පිසීමේ කලාව හොඳින් දන්නා බව.

ඒ වුණාට ඔවුන්ගේ කකුළු හොද්ද යාපනේ නියම මුරුංගා කොළ දැමූ හොද්ද තරම් රසවත් නැහැ. ඒත්, මන්නාරමේ සැපයුම්කරුවකුගෙන් කෙළින්ම ලැබෙන අනගි කකුළුවන් නිසා ඒ අඩුව පිරිමැහුණා.

කකුළු හොදිත් එක්ක කන්න තියෙන සාම්බාර්, චට්නි, ඉඳියාප්ප, පරාටා ආදිය හොඳයි. ඒත්, ඒවා කවදාවත් අති විශේෂ වුණේ නැහැ. ඒත්, රු. 300කට 400කට මේ කකුළු භෝජනය හරිම වටිනවා.

ඉතින් කටකතා බොරු. නිගමනය තමයි, යාල් තවමත් එදා වගේම හොඳ බව. මම ගියේ දවල් බතට. මම හිතන්නේ කකුළුවන් වඩා හොඳයි සවස 6.30ට පමණ. ඔවුන්ගේ මිළ ගණන් අනුව, දෙදෙනෙකුගේ කකුළු ආහාරවේලක් රු. 1000ක් 1500ක් වෙනවා. මම හිතන්නේ ප්‍රමාණයෙන් ලොකු නැති වුණාට යාල් ඊට් හවුස්හි කකුළුවන් පරදන්න මහේශාඛ්‍ය MOC යට හෝ Crab Companyයටවත් බැහැ.

TIP

Try lunch.
All Reviews

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

සිංහල බැලූ බැල්මට පේන්නෙ වතුරෙන් තම්බල, පොල් කිරි දාලා හින්දල වගේ. හිත හැදෙන්න කියල තිබ්බෙ තෙල් දාපු කංකුං ටික විතරයි කියන්නකො. ඉස්සර නම් බත් එකට දුන්නෙ කන්න පුළුවන් මාළු බැදල, ඔය බෝල්ලු වගේ. ඒකත් දැන් කටුවල්ලන්ට මාරු වෙලා. හපොයි දෙයියනේ ‘යාල්’

සිංහල ''මහත්තයල රතු බත් ද සුදු බත් ද කන්නෙ?'' කෙසෙල් කොල දෙක මේසෙට එලපු සේවක මිත්‍රයා නුහුරු සිංහලෙන් අපෙන් ඇහුවෙ පුංචි හිනාවකුත් දාන ගමන්.

සිංහල කකුළුවන් කන්න හැමතිස්සේම හොඳ තැනක් තමය යාල් ඊට් හවුස් (Yarl Eat House). මෙය අවන්හලක්වත්, කඩයක්වත්, කඩ තට්ටුවක්වත් නොවන අමුතු 'බිත්තියේ සිදුරක්'. එය පිහිටා තිබෙන්නේ වැල්ලවත්තේ දුම්රියපොළ පාරේ ප්‍රසිද්ධ වැසිකිලිය ඉදිරිපිට. සතියේ හැමදිනකම එහි පිරිනමනවා හොඳ තත්වයේ යාපන කකුළු මාංශ කරියක්, හරිම සාධාරණ මිළට.

Address

46/1 Station Road, Wellawatte

Directions

Heading down Galle Road, turn right on Station Road two streets past the Savoy Cinema at the Wellawatte Junction, Taking WA Silva Mawatha, go straight. You can also access from Marine Drive. There isn't really parking down the narrow lane.

Contacts

Report Inaccuracy

Open 11 AM to 3 PM, 6 PM to 10.30 PM

Cuisine

Jaffna

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry Crab

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

See 9 Comments