Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Yarl Eat House

46/1 Station Road, Wellawatte


The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.



''පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ'' කියල කියමනක් තියෙනවනෙ. ඔය කියන්නෙ පොඩි වුණාට වැඩ ලොකුයි කියනව වගේ කථාවක්.

ඒ කථාවෙ තේරුම හොඳටම කියාපාන පුංචි කඩයක් තියෙනවා වැල්ලවත්තෙ දුම්රියපොළ පාරෙ. ගාලු පාරෙන් ගිහින් වැල්ලවත්ත හංදියෙන් දකුණට දාලා මීටර දහයක් යන්න ඕන නෑ වම් අත පැත්තෙ පොඩ්ඩක් ඇතුලට වෙන්න 'YARL HOTEL' කියල ගහල තියෙන කඩේ හමුවෙන්න. බැලු බැල්මට නම් පළවෙනි පාරට ආපු කෙනෙක්ව හරවලා යවන පෙනුමක් තමයි මේ හෝටලයට තියෙන්නෙ. වාහන නවත්තන අංගනයක් තියා ඒ හරියෙ පාරෙ වත් වාහනයක් නවත්තන්න නම් ඉඩ මදි. මාත් එක්ක දවල් කෑමට ආපු යාළුවගෙ බයිසිකලේ දැම්මෙත් 'යාල්' එකට කඩ දෙක තුනක් එහා පැත්තෙන්.

වාතාවරණය

අර කිව්වත් වගේ යාළුවටත් කඩේ නම් බැලූ බැල්මෙන් එච්චර අල්ලපු පාටක් තිබුණෙ නෑ. මටත් පොඩි හිතේ සැකයකුත් තිබුණා. මොකද කියනවනම්, කඩේට ඇතුල් වෙන තැන පටු දොර ලඟ ඇළුමිනියම් තැටි වල දාපු මස්, මාළු ව්‍යංජන වර්ග හැම එකක්ම වගේ පේන්න තියෙනවා. ඊට ඉස්සරහින් කැෂියර් එක. පිටිපස්සටම වෙන්න තමයි තේ හදන තැන තියෙන්නෙ. බිත්ති වටේට හේත්තු කරපු බීම කේස් ටිකකුත් පේන්න තියෙනවා. ඔක්කොමත් හරි, විදුලි පංකා දාලා, හතර දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් මේස 7, 8ක් දාලා හදලා තිබුණ භෝජනාගාරෙ පිරිසිදු කමයි විශේෂයෙන්ම පිළිවෙලයි තව ටිකක් වැඩි වුණා නම් හොඳයි කියල තමයි මට හිතුණෙ.

කොහොම වුණත් මෙතන දවල් කෑමට එන්න පුරුදු වෙලා ඉන්න ලොකු පිරිසට අඩුවක් නැතුව සලකන්න භෝජනාගාර සේවක පිරිස නම් හොඳටම වගබලා ගන්න පාටයි. ඒක අපිට තේරුණේ භෝජනාගාරෙ පැත්තකින්ම වාඩිවුණ අපි දෙන්නගෙ ඉස්සරහටත් ලොකු කෙසෙල් කොල දෙකක් එන්න වැඩි වෙලාවක් ගියේ නැති නිසා. ''මහත්තයල රතු බත් ද සුදු බත් ද කන්නෙ?'' කෙසෙල් කොල දෙක මේසෙට එලපු සේවක මිත්‍රයා නුහුරු සිංහලෙන් අපෙන් ඇහුවෙ පුංචි හිනාවකුත් දාන ගමන්. ''අපිට රතු බත් ගෙන්න'' මම උත්තර දුන්නෙ යාළුවගෙනුත් අහලා. ''නියමයි නේ බන්, කෙසෙල් කොලේට දාගෙන අත පය දිග ඇරල හිතේ හැටියට කෑම කන්න බෑනෙ බන් ඔය ලොකු ලොකු තැන්වල''. එද්දි පොඩි අවුලක් තිබුණට දැන්නම් යාළුවට කඩේ අල්ලල ගිහින් වගේ.

ආහාර සහ සේවාව

අපි කථා කරන අතරෙ කෙසෙල් කොලේ පිරෙන්න රතු බතුයි ඇති පදමට පරිප්පුයි මෑකරලුයි අල හොදියි බෙදපු සේවක මිත්‍රයා පපඩම්, මෝරු මිරිස් වගේම බැදපු මාළු කූරියෙකුත් පැත්තකින් තියලා ''මස් මාළු මොනවද?'' කියලා ඇහුවෙ. ඉතින් ආයෙත් පොඩ්ඩක් මස්, මාළු තැටි ටික දිහා බලපු මම පුරුදු විදියට කුකුල් මස් ව්‍යංජනයක් (කුකුල් මස් බත් - රු. 300) ගේන්න කිව්වා. යාළුව නම් හැමදාම කන්න ලැබෙන්නෙ නෑනෙ කියල මිරිසට හදපු කකුළු ව්‍යංජනයක් (කකුළු බත් - රු. 400) තමයි ඇණවුම් කලේ. කුකුල් මස් එක මේසෙට ආවෙ පොඩි ඇලුමිනියම් භාජනයක. හැබැයි යාළුවගෙ කකුළුවා නම් මේසෙට ආවෙ කෙසෙල් කොලයක් තියපු ලොකු ඇලුමිනියම් පිඟානක. හොදි ටික වෙනම පොඩි ඇලුමිනයම් දීසියක පැත්තකින් තිබුණා.

කෙසෙල් කොලේට බෙදපු බත් එකෙන් එන සුවඳ නිසා කටට කෙළත් උණනවා. යාළුව නම් කකුළුවාව දෙකට කඩාගෙන හොදි ටිකකුත් බත් එකට දාගෙන වැඩේ පටන් අරන්. මමත් කකුල් මස් කරිය එහෙම පිටින්ම බත් එකට හලාගෙන එළවළුයි, කුකුල් මස් කෑල්ලකුයි එක්ක බත් ටිකක් අනාගෙන මෝරු මිරිස් කෑල්ලක් එක්ක රස බැලුවෙ හරිම ආසාවෙන්. කෑම එක නම් ටොප්. අල ව්‍යංජනය වගේම පරිප්පු ව්‍යංජනයත් හොඳට පොල් කිරි දාලා ගෙදර හදන ව්‍යංජන වල රසටම හදලා තිබුණා. තුන පහ රසෙත් කහ පාටෙත් අඩුවක් නම් නෑ. ඉන්දියානු ක්‍රමයකට කෑම හැදෙන නිසාද කොහෙද මෙයාලා කඩල පරිප්පු තමයි පරිප්පු ව්‍යංජනයට පාවිච්චි කරල තිබුණෙ. මෑ කරල් එකත් පොල් කරි දාලා හදල තිබුණට ඒකෙන් බත් එකට එකතු වුණේ හොඳ තෙල් දැමුමක රසයක්. සැර ගතියත් මෑ කරල් ව්‍යංජනයෙ නියම පදමට තිබුණා. මාළු කූරියාගෙ ගොඩක් කටු තිබුණට ගැඹුරු තෙලේ හොඳට තිබුණ බැදිලා තිබුණ නිසා මාළු බැදුම බත් කටට පෑහෙන නියම කට ගැස්මක් වුණා. ඒ විතරක්ද, මෝරු මිරිස් කෑල්ලකින් එකතු වෙන ලුණු රස මිශ්‍ර පුංචි සැර ගතිය නිසා බත් කටවල් 2,3ක් කෑවට පස්සෙ තමයි මට කුකුල් මස් ව්‍යංජනය මතක් වුණේ.

හ්ම්... පොඩි අවුලක්. කටට සැරට වගේම කුළු බඩු රසත් උපරිමෙන්ම එන්න හදලා තිබුණ කුකුළු මස් ව්‍යංජනයෙ හොද්දෙ තියෙන රස බත් එකට ගෙනාපු ගැම්ම නැති කලේ කුකුල් මස් කෑලි ටික. ඇත්තෙන්ම එතන කුකුල් මස් කෑලි වෙනුවට තිබුණ ගොඩක් ඒවා කුකුල් බෙලි කෑලි. අතරින් පතර තෝර ගන්න පුළුවන් වුණ පොඩි මස් කෑලි 3, 4ක් තමයි මට මුළු බත් එකම කන්න ඉතිරි වුණේ. හැබැයි කුකුල් මස් හොද්ද නම් උපරිමයි.

කුකුල් මස් නැති එකේ කකුළු මස් හරි කනවා කියලා හිතපු මම යාළුවට ගෙනාපු කකුළුවගෙන් පොඩි කෑල්ලකුයි හොදි ටිකකුයි මගේ බත් එකේ හොදි නැති පැත්තට දාගෙන රස බලන්න පටන් ගත්තා. ''ෂහ් දැන්නෙ රස දැනෙන්නෙ'' කකුළු හොද්ද කුකුළු හොද්දට ගොඩක් උඩින්. අඩුවක් කියල නම් කියන්න කිසිම දෙයක් නෑ වගේ. සැර ගතිය නම් මගේම ගාණට. කුළු බඩු රස මැද්දෙන් එන කකුළු මස් සුවඳ නිසා බත් එකට ආවෙ අමුතුම රසක්. එතකොට තමයි මම දැන ගත්තෙ යාළුව හාවක් හූවක් නැතිව බත් එකට වැඩේ දුන්න රහස මොකක්ද කියල. කකුළුවගෙ කට්ට ඇතුලෙ තියෙන මස් ටිකත් නියම පදමට තැම්බිලා සුවඳේ බෑ. කකුළු ව්‍යංජනයෙ තිබුණ රස නිසා කටට දෙකට බත් ටික කාලා ඉවර වෙනකොට මට කුකුල් මස් ව්‍යංජනයෙ තිබුණ අඩු පාඩු ටිකත් අමතක වෙලා.

යාළුවයි මායි බත් කාලා ඔළුව උස්සන කොට දවල් කෑමට ආපු සෙනඟ කෑම කන්න මේස නැතුව හිටගෙන බලාගෙන ඉන්නවා. බඩ කට වගේම හිතත් පිරෙන්න කෑම කන වෙන දවස් වලට නම් අපි දෙන්නා පොඩි විවෙකයක් ගත්තට අද එහෙම ගන්න එක අසාධාරණයි කියල හිතුණ නිසා යාළුවයි මායි බත් කාපු කෙසෙල් කොල දෙක කුණු දාන තැනට දාලා අත් හෝදගෙන 'යාල් හෝටලෙන්' එළියට බැස්සෙ විනාඩි 2, 3ක් පෝලිමේ ඉඳලා බිලත් ගෙවලා දාලා.

අනුමිතිය

ඇත්තෙන්ම කොච්චර සෙනඟ ආවා ගියත් හැමෝට එක වගේ සලකන්න යාල් හෝටලයෙ සේවක මණ්ඩලය වගබලා ගන්න එක ගැන නම් අපි සතුටු වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු - ලාංකීය මිශ්‍ර රසයකින් යාපනේ ක්‍රමයට හදන සුපිරිම බත් වේලක් රස බලන්න වැල්ලවත්තෙ දුම්රිය පොළ පාරෙ හැංගිලා තියෙන 'YARL HOTEL' එක හොයාගෙන ගියත් පාඩුවක් වෙයි කියල නම් මම හිතන්නෙ නෑ.


TIP

Try lunch.
All Reviews

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

The Yarl Eat House is perhaps Sri Lanka's best street-diner, serving spicy crab, prawns, mutton and cuttlefish along with a solid rice and curry, all for a reasonable price.

සිංහල බැලූ බැල්මට පේන්නෙ වතුරෙන් තම්බල, පොල් කිරි දාලා හින්දල වගේ. හිත හැදෙන්න කියල තිබ්බෙ තෙල් දාපු කංකුං ටික විතරයි කියන්නකො. ඉස්සර නම් බත් එකට දුන්නෙ කන්න පුළුවන් මාළු බැදල, ඔය බෝල්ලු වගේ. ඒකත් දැන් කටුවල්ලන්ට මාරු වෙලා. හපොයි දෙයියනේ ‘යාල්’

සිංහල ''මහත්තයල රතු බත් ද සුදු බත් ද කන්නෙ?'' කෙසෙල් කොල දෙක මේසෙට එලපු සේවක මිත්‍රයා නුහුරු සිංහලෙන් අපෙන් ඇහුවෙ පුංචි හිනාවකුත් දාන ගමන්.

සිංහල කකුළුවන් කන්න හැමතිස්සේම හොඳ තැනක් තමය යාල් ඊට් හවුස් (Yarl Eat House). මෙය අවන්හලක්වත්, කඩයක්වත්, කඩ තට්ටුවක්වත් නොවන අමුතු 'බිත්තියේ සිදුරක්'. එය පිහිටා තිබෙන්නේ වැල්ලවත්තේ දුම්රියපොළ පාරේ ප්‍රසිද්ධ වැසිකිලිය ඉදිරිපිට. සතියේ හැමදිනකම එහි පිරිනමනවා හොඳ තත්වයේ යාපන කකුළු මාංශ කරියක්, හරිම සාධාරණ මිළට.

Address

46/1 Station Road, Wellawatte

Directions

Heading down Galle Road, turn right on Station Road two streets past the Savoy Cinema at the Wellawatte Junction, Taking WA Silva Mawatha, go straight. You can also access from Marine Drive. There isn't really parking down the narrow lane.

Contacts

Report Inaccuracy

Open 11 AM to 3 PM, 6 PM to 10.30 PM

Cuisine

Jaffna

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry Crab

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

F
3

5/5

0

Foodiegirl

Fantastic seafood curries and healthy portions. A true bath kade

See 9 Comments