Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Yue Chuan (Kingsbury)

48 Janadhipathi Mawatha, Colombo 1


Yue Chuan is a fine dining Chinese restaurant located at the Kingsbury hotel. The food is good, but not excellent.



යූ චුවාං කියන්නේ කිංස්බරි හෝටලයේ පිහිටි චීන අවන්හලක්. කෑම හොඳ වුණාට ඇති විශිෂ්ට කියා කිව නොහැකියි.

කෑම

සාමාන්‍යයෙන් අපිට හමුවන විශ්වකෝෂ බඳු දීර්ඝ මෙනූවලට වඩා යූ චුවාංහි මෙනූ එක හොඳින් නිමවා තියෙනවා. ඒ නිසාම මෙහිදී කෑම වේලක් කන එක පහසු වී තියෙනවා. එයාලා ප්‍රධාන අරක්කැමියෝ දෙන්නෙකුගේ විශේෂ කෑම ඉදිරිපත් කරනවා. රෝස්ට් කළ පීකිං තාරාවෝ (රුපියල් 9500) සහ ලුණු දමා බේක් කළ කුකුළුමස්. (රුපියල් 2800) මේවත් එක්ක තොරතුරු සහිත විස්තරත් ලැබෙනවා. බාර් එකේ මෙනූ එකත් දීර්ඝයි. (එත් බොහොම මිල අධිකයි.)

මෙනූ එක බොහෝ දේ පොරොන්දු වුණාට කෑමනම් ඒ පොරොන්දු හරියටම ඉටු කරන්නේ නැහැ. අපි ඇණවුම් කළා XO චිකන් සහ ඉස්සෝ එක්ක ක්ලේපොට් ටෝෆු. එත් එක්කම ගාර්ලික් බටර් රයිස් එකකුත් ඇණවුම් කළා. චිකන් සහ ටෝෆු හොඳයි. ඒ උණාට අති විශේෂ නැහැ. ෆ්ලෙවර්ස් සැර අඩුයි  වගේම මොනවහරි අඩුවකුත් දැනුණා. ටෝෆුත් හොඳ උණාට අති විශේෂ නැහැ. සාමාන්‍ය මට්ටමේ චීන අවන්හලකනම් මේ කෑමවේල ප්‍රශ්නයක් නැහැ. එත් තරු පහේ හෝටලයක තරු පහේ මිල ගණන්වලට නම් මේ කෑම ගැලපෙන්නේ නැහැ.

බටර් ගාර්ලික් රයිස් එකනම් ඇති විශිෂ්ටයි. බටර් ගෑවුන බත් ඇට එක්ක කර කර ගා හැපෙන සුදුළූණු කදිමයි. ඒක සරලයි. එත් විෂවෙන තරමට ෆ්ලේවර්ස් දාලා. ඒ වගේම රුපියල් 500ක ඉහළ මිලක්!. කොහොම වුණත් කෑමවේලේ හොඳම ටිකත් ඒකමයි. එයාලගේ රස චිලී පේස්ට් එක එක්ක විතරක් වුණත් මට ඒක කන්න පුළුවන්. එයාලගේ චිලී පේස්ට් එක රස වෙන්න රටකජුත් දාලා තිබුණා.

අපි ගොඩක් ජාති කෑවේ නැහැ. ඒ නිසා මේ ගුණදොස් විවේචනය කෙරෙන්නේ ඉහත සඳහන් කළ දේවල් මතයි. ඒ කොහොම වුණත් මේ වගේ අවන්හලක හැම කෑම දීසියක්ම අතිවිශිෂ්ට වෙන්න ඕනේ. එත් එහෙම වුණේ එක දීසියක් විතරයි.

බීම

අපි රෙඩ් සැන්ග්‍රීයා විත් ලෙමන් එකක් ඇණවුම් කළා. ඒක ආවේ එහා පැත්තේ තිබුණ කිංස් බාර් එකෙන්. ඒක හරියට රෝසපාට ලෙමනේඩ් එකක් වගෙයි. ඒක ඇල්කොහොල් රස ටිකක්වත් නොදැනුණ මත්බීම එකක්. එක හරි ෂෝක්. රවුම් බ්ලැක්කරන්ට්, ලෙමන් කෑලි, ඇපල්, මින්ට් රිකිලි, මුතු වැනි දීප්තිමත් ස්ත්‍රීතුවක පාවෙනවා. ඒක රසවත්, වෙභෙස නිවන බීමක්. මිට වඩා සැර වයිනුත් දාලා තියෙන සාම්ප්‍රදායික සැන්ග්‍රීයා වලට වඩා වෙනස් රසයක් තමයි මෙහිදී ලැබුණේ. (මම දන්නේ නෑ මේකේ වයින් කොහෙද තිබුණේ කියලා.) එත් මම ආසයි කිංස් බාර් එකේ සැන්ග්‍රීයා එකට. ඒක වෙභෙස නිවනසුලු වගේම මත් කරනසුලුයි.

වාතාවරණය

කදිම කොක්ටේල් වලට අමතරව අවන්හලේ ලස්සනක් නම් නෑ වගේ. දිලිසෙන, ඕනෑවටත් වඩා පොලිෂ් කළ ටයිල් ටිකක් ඇලෙනසුලුයි. පුල්ලි සහිත සීලිං එකත් ඒ වගේ. එහි කිසිම පසුබිම් සංගීතයක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නෑ. ලයිට්වල දීප්තිය වැඩියි. පුටු සේද රෙදි වර්ගයක් එළලා වගේ. සුව පහසු නෑ. මේකනම් ආදරබර හමුවීමකට සුදුසු තැනක් නෙවෙයි. ඕනවට වඩා එළිය කළ මධ්‍යම ප්‍රමාණයේ චීන කඩේකින් කනවට වඩා මෙතන වෙනස් වෙන්නේ බොහොම ටිකයි. දෙන්නෙකුට හරියන අපේ මේසේ අවලස්සනට පිළියෙල කරලා තිබුණේ පටු බිත්තියක් ළඟ. අපි ඉඳගත්තේ අකමැත්තෙන්. එත් සේවාව නම් හොඳයි. කාර්යමණ්ඩලය සැලකිලිමත් වගේම මිත්‍රශීලියි. එයාලා නිතරම උදව් කරන්න බලාගෙන ඉන්නේ.

එහෙමනම්...

යූ චුවාං හොඳ කෑම වේලක අසිරිය ගෙන දෙන්නේ නෑ. එයාලා චීන කෑම පිළිගන්වනවා. එත් ඒකට වඩා තව දේවල් තියෙනවා කෑම වේලක් සම්පුර්ණ වෙන්න. හොඳ කෑම වේලක් එක්ක අඩු පාඩු නැති සේවාවක්, ලස්සන පරිසරයක් සහ අතිවිශිෂ්ට ආහාර තියෙන්න ඕනේ. එත් යූ චුවාං ළඟ මේ හැම දෙයක්ම  නෑ.

TIP

The desserts are actually quite nice.

Address

48 Janadhipathi Mawatha, Colombo 1

Directions

Yue Chuan is on the ground floor of The Kingsbury Hotel.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Open 11.30 AM to 2.30 PM, 6 PM to 11.30 PM

Cuisine

Chinese Mainland Chinese

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 7 Comments