Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Yumi Cake

16, Flower Road, Colombo 03


Yumi Cake is a cute little restaurant that serves awesome desserts - chocolate fudge lovers, this is your haven.



ඔන්න එදා සඳුදා දවසක්. ඔෆිස් එකේ වැඩ කටයුතු සේරම අහවර කරලා මං එළියට බැස්සේ ගෙදර යන්න හිතාගෙන. හැබැයි ගෙදර යන්න තිබුණු උවමනාවට වඩා සැරයි බඩේ ගින්දර. මේක නිකම්ම නිකම් බඩගින්නකුත් නෙවෙයි, චොකලට් කේක් බඩගින්නක්. මං මුලින් ම බැලුවේ බටර් බුටික් එකට යන්න. ඒක සඳුදා ට වහලා කියලා මතක් වුණේ ඊටපස්සේ. ආයේ කතා ඕනේ නැහැනේ. දිගෑරියා යමු ඇප් එක. දැම්මා Cakes කියලා සර්ච් පාරක්. මෙන්න ආවා කේක් කඩ ගැන විස්තර ගොඩක්. ඉතින් ඕවා අතරින් මගේ හිතට ඇල්ලුවේ යමි කේක් එක.

තැන

යමි කේක් එක තියෙන්නේ කුරුඳුවත්තේ ෆ්ලවර් රෝඩ් එකේ. හරියට ම කිව්වොත් චෝකෝ ලව් එක එහා පැත්තේ. මේක හුණ්ඩුවක් සයිස් රෙස්ටෝරන්ට් එකක් වුණාට හෙන ම කියුට්. එක සැරේට තුන් හතරදෙනෙක්ට වගේ ඉඳගන්න පුළුවන් විදියට මේස බංකු දාලා තියෙනවා. ඒ නැතත් මේ කට්ටිය ටේක් අවේ දෙනවනේ. ඒ නිසා ගෙදර අරගෙන ගිහිල්ල වුණත් මේ කේක් රස බලන්න පුළුවන්.

කෑම බීම

එක එක විදියේ අයිසින් කේක් වර්ග විතරක් නෙවෙයි, චීස්කේක්, බ්‍රව්නීස්, ෂෝට් ඊට්ස් සහ කෝපි වර්ගවලින් හැදුණු මෙනුවක් යමි කේක් එකේ තියෙනවා. ඕවා අතරින් අපි කෑමට ගත්තේ “Chocolate Suicide” (රු.500) කේක් කෑල්ලකුයි,  “Fudgy Cheesecake Brownie” (රු.240) එකකුයි, “Smoked Salmon with Cream Cheese” (රු.580) සැන්විච් එකකුයි. බීම විදියට “Hot Caffe Latte” (රු.460) එකක් ඕඩර් කළා.  

හප්පච්චියේ! මේ Chocolate Suicide කෑල්ල නම් මැරෙන්න බලාගෙන වුණත් චොකලට් කන්න කැමති උදවියට කියාපු භාණ්ඩෙ. විශ්වාස කරන්න මහත්තයෝ මේක ලේයර් 12කින් හැදුණු කේක් එකක්. හැම තට්ටුවක ම දෙපැත්තේ අයිසින් දාලා. මුදුනේ ම තියෙන ලේයර් එක වැහිලා තියෙන්න ගනකම චොකලට් තට්ටුවකින්. තනිකර ම චොකලට් ලෝකයක්. මේ, හැබැයි මේක තනියම කන්න නම් යන්න එපා හොඳේ. තව එක්කෙනෙක් එක්කවත් බෙදාගෙන කන්න. නැත්තන් කේක් කෑල්ලේ නමේ තියෙන විදියට ම චොකලට් කාලා මැරෙන්න තමයි වෙන්නේ.

Fudgy Cheesecake Brownie එකක් අපි කාලෙකට ඉස්සර වෙලා අපේ යමු ඔෆිස් එකේදිත් හැදුවා. යමි එකේ තියෙන මේ බ්‍රව්නි එකත් හොඳයි, හැබැයි චීස්කේක් ලේයර් එක තියෙන්නේ යන්තමට. ඒ වුණාට ඊට පහළින් තියෙන බ්‍රව්නී එක නම් හරි ම රසයි. හොඳට චොකලට් රස එනවා. පොඩ්ඩක්වත් වේලුණු ගතියකුත් නැහැ. හෙන ම මොයිස්ට්.

අපි ගත්ත සැන්විච් එකත් ගොඩක් රසයි. බොහොම රස ස්මෝක්ඩ් සැමන් පේස්ට් එකක් පුරවලා තිබුණා. සැමන් අස්සෙන් මතු වෙන ලා ලුණු රස, පේස්ට් එකේ තියෙන ගම්මිරිස්වලට එහෙම එක්කාසු වෙලා පාන් පෙත්තත් එක්ක හැපෙනකොට තවත් මරු. හැබැයි රු.580ක් වගේ ගාණකට පාන් පෙති දෙකක් කියන්නේ පොඩ්ඩක් ගාණ වැඩියි වගේ, නේද?

ෂහ්! හරි ම ස්මූත් කැෆේ ලාටේ එකක් තමයි අපට යමි එකේදී බොන්න ලැබුණේ. මේක හොඳ ක්‍රීමි විදියට තියෙන උකු කෝපි එකක්. සීනි හැඳි එකක් දාගත්තත් මේ කෝපි එක රස කරකර බොන්න ඇහැකි.

සර්විස් එක

සුපිරි සර්විස් එකක් යමි කේක් එකේදී අපට ලැබුණා. ස්ටාෆ් එකේ අයගේ තිබුණේ හරි ම සුහදශීලී ගතියක්. හරියට තමන්ගේ ම කියලා තියෙන තැනකට ගියා වගේ. කවුන්ටරේ පිටිපස්සේ ඉන්න කොලු ගැටයා කඩියා වගේ වැඩ. ඒ නිසා විනාඩි පහක් ගියේ නෑ කෑම බීම ටික මේසෙට එන්න.

අවසාන වශයෙන්

කටට රසට කේක් ටිකක් කාලා, කෝපි උගුරක් බොන්න නියම තැනක් තමයි මේ යමි කේක් එක. ගණනුත් හරි ම සාධාරණයි. අහ්! අමතක වෙන්න කලින් මේකත් කියන්නම්කො. කේක් විතරක් නෙවෙයි, ග්ලූටන් ෆ්‍රී බ්‍රව්නි මික්ස්, මෆින් මික්ස්, කේක් මික්ස් වගේ දේවලුත් මෙතැනින් ගන්න පුළුවන්.


TIP

They also have a 'Guilt Free' range of gluten free/ sugar free brownies, and some healthy savouries.

Address

16, Flower Road, Colombo 03

Directions

Yumi is at the end of Flower Road, on the same building as Choco Luv. It's near House of Wines.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Salad Brownies Cakes Cupcakes Milkshakes Bites

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
5
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments