3/5

Zaytun by Zainab

Delivery Only


Homemade Goodness. Endlessly Delicious. Reviving Taste buds in CMB & KSA



තව එකෙක් ගියානෙ!

මොනව කරන්නද ඉතින්... කියල අපි හැමදාමත් වගේ කෑමෙන්ම දුක තුනී කරගන්නයි කල්පනා කළේ. ඒකෙ වගකීම ගත්තෙ දිනේශ්. එයා දැම්මා අඳුරන තැනකට කෙළින්ම ඕඩරයක්. එසේ මෙසේ නෙවෙයි, බිරියානි සවාන් දෙකක්. ඒකත් මට්න් එකයි (රු. 5000), ගී රයිස් එකයි (රු. 3400).

දාලා හිටං ඔන්න බලාගෙන ඉඳල බලාගෙන ඉඳලා… ඕඩරේ ආවා කියල කෝල් එක ආව විතරයි, ගියා තුන් හතරදෙනෙකුත් කතාකරගෙන පල්ලෙහාට. ගිහින් කොහොම හරි බඩු ටික ලන්ච් රූම් එකට ගෙනිහින්. මම එතනට යද්දි චන්දන එහෙම මරේ කියල පොටෝ ගහනව. ඇයි අප්පේ, ඒක දැක්කාම කන්...න හිතෙනවනෙ. මට්න් බිරියානි එක තිබ්බ නිකම්… සුවඳයි පෙනුමයි දෙකම ගජරාමෙට. වැඩේ කියන්නෙ ඊට එහා කියන්නකො ගී රයිස් එකයි ඒකට ආපු එළවළු, මස් මාළු අඩුම කුඩුම ටිකයි. චිකන් දෙවිදියකට, ග්‍රීන් පීස් කරිය, අච්චාරුව, බටු මෝජුව, අල කරිය, උම්බලකඩ තෙල්දැමුම!

හිතාගන්න පුළුවන්නේ…

ඔක්කොමත් හරි කට්ටිය වැඩේ පටන් ගත්තට පස්සෙනෙ සවාන අච්චාරුවක් වුණේ. ඇයි.., මට්න් බිරියානි බෙදාගන්න අයට බෙදාගන්න කියල සරිතුයි, මායි, චින්තකයි, දිනේශුයි, චන්දනයි සෙට් එකම වට වුණානෙ වැඩේ දෙන්න. වට වෙලා... බාගයක් විතර ඉතුරු තිබ්බ මට්න් බිරියානි එකට දාගත්ත චිකන් කුරුමයි, රෝස්ට් චිකනුයි අනිත් එළවළු මාළුයිත් හැම එකම වගේ. දාගෙන ඉතින්… කියන්න ඕන නෑනෙ. දෙසනව සෙට් එක ඇර සොයිස කියල. එක පාරට අත් තුනහතරක් සවානෙ.

හැබැයි ඉතින් මුල් කටවල් ටිකනේ පස්සෙ වැඩේ එන්න එන්න සේලෝ වුණා.

“මොකෝ බං.” මම සරිත්ගෙන් ඇහුවා.

“මේකෙ මට්න් තිබ්බට ඔක්කොම කටුයි හමයිනෙ බං. මස් කෑලි 2යි තාම හවුවුණේ”

“සිරා සීන් එක හැබැයි. මටත් ඕකමනෙ වුණේ. මේ චිකන් ටිකෙන් ගේම ඇදගෙන යන්නෙ.”

බැලින්නම් කාටත් පොදු ප්‍රශ්නයක්.

ඇත්තටම ඒ බිරියානි එකේ මට්න් තිබ්බෙ බහුතරයක්ම කටුයි හමයි. අනික බත එහෙමත් නිකම් සම්බා හාලෙන්. බිරියානි මසාලා රසෙත් මදි ගතියක් තිබ්බ පැහැදිලිවම. අවංකවම කිව්වොත් බතේ මිරිස් තුනපහ පවා සෑහෙන්න අඩුයි. ගාණට, කියන්න පුළුවන් කියල දේකට තිබ්බෙ ස්ටොක්වලින් බත හොඳට තැම්බිච්ච එක විතරයි. ඒකත් මගෙ හිතේ අල එහෙම මදි නොකියන්න දාලා නිසා වෙන්න ඕන.

වැඩේ කියන්නෙ බත එහෙම වුණාට රෝස්ට් චිකන් එකයි චිකන් කුරුමා එකයි නම් ටොප් එකටම තිබ්බ. විශේෂයෙන්ම කුරුමා එක එහෙම හොඳ හැටි මිරිස් තුනපහ දාලා… පංකාදුයි. ඒ විතරක් නෙවෙයි ඒකෙ චිකන් කෑලිවලටත් ඒ තුනපහ අල්ලල කන කන කටක් ගාණෙ පට්ට රසයි. අනික ඒකෙ හොද්දත් ටොප් එකට තිබ්බනෙ.

රෝස්ට් චිකන් එකත් මරු. හැබැයි ඒකෙ චිකන් කෑලි තව ටිකක් තන්දුරිවල පදම් වෙන්න ඕන. එහෙම වුණා නම්… පිස්සු හැදෙනව ඈ.

ඔන්න මෙයාලගෙ අල කරිය නම් හොඳ රහට තිබ්බ. මොකද ඒකට පදමට කිරි දාලා තරමක් හින්දලනෙ හදල තිබ්බෙ. ඒ වගේම තමයි ග්‍රීන් පීස් කරියත්. කජු ටිකකුත් දාලා… කිරි රසට.. සුප්ප ඈ…

අර අච්චාරු එකත් හොඳයි. හැබැයි පැණි රස ගතිය පොඩ්ඩක් වැඩි එක තමයි අවුල. නැත්නම් ඉතින් ලූණු, කැරට්, මාළු මිරිස්, රට ඉඳි තොගයක් දාලෙනෙ.

ම්ම්… ඒ හැරුණාම බටු මෝජුව!

ඒක සාමාන්‍යයයි. මගෙ හිතේ වම්බටු පදමට බැදිලා නැද්ද කොහෙද. හැරත් අනිත් අඩුමකුඩුමවලත් පොඩ්ඩක් මදි ගතියක් තිබ්බ.

ඔක්කොමත්.. එහෙම තියෙද්දී…

අපේවුන් සැලුණෙ නෑනෙ. කොහොම කොහොම හරි සවානම ඉවර කරල. පස්සෙ මම පොඩ්ඩක් හොයල බැලුව, එහෙම වුණේ කොහොමද කියල.

බැලින්නම් චිකන් ටිකත් ඉවර කරලා. හී...

ඒකයි ඒ!


TIP

Try Mutton

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment