බුදු (ජනාධිපති) තාත්තෙ, බොන්න… බොන්න… බොන්න….

කාන්තාවන්ට ඇල්කොහොල් මිලට ගන්න අයිතිය ආයෙත් පාරක් නැතිකරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කරලා. මේ තීරණයත් එක්ක ලෝකේ සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් ඇල්කොහොල් තහනම් කරපු සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව වගේ 16කට කිට්ටු රටවල් ප්‍රමාණය අතරට අපේ රටත් එකතුවෙනවා. ඒ වගේ ම දැනගන්න තියෙන හැටියට දැනට ලෝකේ ගෑනුන්ට විතරක් විශේෂයෙන් ඇල්කොහොල් සම්බන්ධ තහනම් පනවල තියෙන්නෙ බොලිවියාවෙ සහ ලංකාවේ විතරයි.

ලංකාවේ ඇල්කොහොල් සම්බන්ධ ව අදටත් තියෙන ගොඩක් නීතිරීති ඉංග්‍රීසි පාලන කාලේ හඳුන්වාදුන්න ඒවා. ගෑනුන්ට ඇල්කොහොල් මිල දී ගැනීම හා ඒවා හදන/ විකුණන තැන්වල වැඩකිරීම තහනම් කරන අද තියෙන නීතිය ගෙනත් තියෙන්නෙ 1955 දි. මිල දී ගන්න විතරක් නෙවෙයි, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තියෙන හැටියට කාන්තාවකට කිසිම ප්‍රසිද්ධ ස්ථානයක මද්‍යසාර ළග තියාගෙන ඉන්නත් තහනම්! ඒ වගේ ම පුද්ගලික ස්ථානයක වුණත් පිරිමියකුට අරක්කු හෝ රා ලීටර් 7.5ක් තියාගන්න පුළුවන් වුණත් ගෑනියකුට තියාගන්න පුළුවන් ලීටර් 1.5ක් විතරයි.

Cartoon: Daily Mirror 

හැබැයි ලංකාවේ දැනට ක්‍රියාත්මක 1978 ව්‍යවස්ථාවේ හැටියට ජාතිය, භාෂාව, ආගම, ලිංගිකත්වය වගේ කිසිම කරුණක් උඩ වෙළඳසල්, ආපනශාලා, හෝටල්, පොදු විනෝදවන තැන්, සහ ආගමික ස්ථානවලට යන්න එන්න තියෙන අයිතිය සීමා කරන්න බෑ. ඒත් කාන්තාවන්ට වෙනස් විදියට (බබ්බුන්ට වගේ) සලකන අවුරුදු 60කටත් වඩා පරණ නීතිය 2018 වෙනකල් ම වෙනස් නොවී තිබුණා. 2018 ජනවාරි 10 වෙනි දා තමයි  අන්තිමේ දි මුදල් ඇමති මංගල සමරවීර අති විශේෂ ගැසට් පත්‍රයකින් මේ නීතිය වෙනස් කරලා කාන්තාවන්ට සම අයිතිය ලබාදෙන්නෙ. හැබැයි ඒ අයිතිය ඒ විදියට තිබුණේ සතියකටත් අඩු කාලයක්.

Sad. @MaithripalaS believes women have impaired decision-making abilities. So why is he taking credit for increasing women's representation if they can't take a simple decision about buying or not buying alcohol? https://t.co/t0zkG1vGa3

— Rohan Samarajiva (@samarajiva) January 14, 2018

අගලවත්ත පැත්තෙ ඡන්ද ප්‍රචාරක රැස්වීමක් අමතමින් ජනාධිපති සිරිසේන කීවේ මේ ගැසට් නිවේදනය  එයා වහාම අහෝසි කරනව කියලා. බෞද්ධ භික්ෂූන් සහ සංවිධාන කීපයක් මේ ගැන සතුට පළ කරලා සහ ජනාධිපතිට “පුන්‍යානුමෝදනා කරලා” තිබුණා. හැබැයි කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරන සංවිධාන වගේ ම ෆේස්බුක් වගේ සමාජ ජාලවල අදහස් දක්වන ගොඩක් ප්‍රගතිශීලී අයත් ජනාධිපතිගේ මේ “සෙක්සිස්ට්” තීරණය ගැන අප්‍රසාදය පලකරලා තිබුණා.

සංචාරය කර්මාන්තයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණු ඇල්කොහොල් සම්බන්ධ දැඩි නීති ලිහිල් කරන්න පහුගිය අයවැයෙන් යෝජනා වෙලා තිබුණත් ආණ්ඩුවේ මේ වැනෙන තීරණ නිසා සංචාරක කේෂ්ත්‍රයේ අයට නැති ප්‍රශ්නත් ඇතිවෙලා. ලංකාවට පැමිණෙන සංචාර මෙහෙයවන්නන්ගේ සංගමයේ සභාපති හරිත් පෙරේරා ඩේලි එෆ්ටී පත්තරේට කියල තිබුණේ කාන්තාවන්ට බාර්වල වැඩකරන්න සහ රෑ වෙනකල් බාර් ඇරල තියන්න ඉඩ ලැබුණු එක ගැන එයාලා ගොඩක් සතුටු වුණා කියලා. ‍ඒත් මේ නීතිය ආපස්සට හරවන්න ජනාධිපති තීරණය කිරීමත් එක්ක සෑහෙන ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා.

“මේක කර්මාන්තයට බලපාන විදියටත් වඩා ආණ්ඩුවේ මේ තීරණ ගැනීමේ කැඳහැලි පිළිවෙළ ගැනයි අපට අවුල තියෙන්නෙ,” හරිත් පෙරේරා කියනවා.

කාන්තාවෝ කියන්නෙත් තමන්ගෙ ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන් ජීවියෝ කොට්ඨාශයක් කියල ලංකාවේ ආණ්ඩු තවම පිළිගන්නෙ නැති බව පෙන්නපු පළවෙන වතාව මේක නෙවෙයි. රට රස්සාවලට යන්න කලින් ස්වාමිපුරුෂය ඒකට අනුමැතිය දෙන්න ඕන කියල පහුගිය ආණ්ඩුව ගෙනාපු නීතිය තාමත් ක්‍රියාත්මකයි. ග්‍රවුන්ඩ්වීව් වෙබ් අඩවියේ පලකරපු නිවේදනයකින් කියවෙන්නෙ මේ නිසා නීත්‍යානුකූල නොවන මාර්ගවලින් රට යන කාන්තාවෝ ප්‍රමාණය එන්න එන්න වැඩිවෙන බව. ලිංගික අතවරයකින් සිද්ධවෙච්ච ගැබ්ගැනීමක දි හෝ බරපතල කළල විකෘතියක දි වත් ගබ්සාව නීතිගත කරන්න ගෙනාපු යෝජනාව ආගමික පූජකයන්ට බයේ එහෙමම අකුලාගත්තා. අඩු වයසෙන් සහ කාන්තාවගේ කැමැත්ත නැතුව විවාහ කරන්න ඉඩදෙන මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්න යෝජනා වුණු සංශෝධනවලට වෙච්ච දෙයක් නෑ. කාන්තා අංගච්ඡේදය හෙවත් පොඩි ගෑනු ළමයින්ගෙ ක්ලිටරස් එක කපල දාන එක ගැන මුස්ලිම් කාන්තා සංවිධානවලින් ම ආණ්ඩුවට ඉදිරිපත් කරපු පර්යේෂණ පත්‍රිකා ගැන ආණ්ඩුව කටක් අරින්නෙ නෑ.

I am against discrimination of women in #SriLanka. This whole alcohol ban is unfair and against the equality principle. Ban men too then. pic.twitter.com/KB8Piqt9PJ

— Harsha de Silva (@HarshadeSilvaMP) January 16, 2018

මානව අයිතිවාසිකම් ගැන තව්සන්ඩ් ටෝක් දීලා බලයට ආපු ආණ්ඩුව මුස්ලිම් විවාහ නිතිය, ලිංගික අධ්‍යාපනය වගේ දේවල් ගැන මොනවද කරලා තියෙන්නෙ කියලා ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ලංකාවේ ආණ්ඩුවෙන් අහනවා. සමහර විට  සියලුම කාන්තාවන් ඊළග ආත්මෙ දි පිරිමින් වෙලා ඉපදෙන්න ඕන කියල මෛත්‍රිපාල සිරිසේන ප්‍රාර්ථනා කරන නිසා දැනට මේ ආත්මේ ජීවත් වෙලා ඉන්න ටිකේ අයිතිවාසිකම් ගැන එච්චර කරදර වෙන්න ඕන නෑ කියල එයා හිතනවද දන්නෙ නෑ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලාංකික ශිෂ්‍යාවක් වන කාවින්ද්‍යා තෙන්නකෝන්  එයාගේ ට්විටර් එකේ දාපු අදහසකින් අපි මේ සටහන ඉවරකරනවා:‍

“මම බාර් එකක වැඩකරන ගමන් ඔක්ස්ෆර්ඩ් එකේ ඉටගනගන්න ලංකාවේ ගෑනියෙක්. ඔයා දන්නෙ නැති වුණාට ඔයාගෙ රටේ ගෑනු තමන් ගැන තීරණ ගන්න තරම් ස්වාධිනයි. දවස් දෙකකට කලින් පොඩි කෙල්ලෙක් ව ගැංග් රේප් කරලා තිබුණා. ඒ වගේ ඇත්ත ප්‍රශ්න ගැන බලන්න. ඔයාගෙ සෙක්සිසම් පස්සට තියාගන්න.”

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide