ඔරිජිනල් ඉන්ඩියන් ෆුඩ් රස බලන්න කියාපු කඩ 8ක්.

‘ජාති බේද ආගම් බේද කොතෙක් තිබුනත් මල්ලි

ගන්න එපා ඕවා එළියට රස කෑමක් කද්දි’

නෑ, එහෙම නෙවෙයි මම කියන්නෙ නත්තලට වගේම සිංහල අළුත් අවුරුද්දටත් කෑම පිඟානක් එහා මෙහා කර ගන්න පුරුද්දක් අපිට තියෙනවනෙ. ඒකෙ ප්‍රධාන අරමුණ සුහදශීලි බව වැඩි කර ගන්න වුනාට මොකද අපි නම් කරන්නෙ කෑම පිඟාන ඉවර කරන එක. අවාසනාව කියන්න දෙමළ අළුත් අවුරුද්දට අපිට එහෙම කෑම පිඟන් ලැබෙන්නෙ නෑනෙ. ලැබුනත් සෑහෙන්න අඩු පිරිසකට.

එහෙමයි කියල ඉතින් හෙට වගේ දවසක ඉන්දියන් කෑම ටිකක් රස නොබල ඉන්නයැ. ඒ නිසා අපි කල්පනා කලා ඔයාලටයි අපිටයි දෙගොල්ලන්ටම ගිහින් හිතේ හැටියට ඔරිජිනල්ම ඉන්දියන් කෑම ටිකක් රස බලන්න පුලුවන් කඩවල් ටිකක් කියන්න.

බාග වෙලාවට තෛයිපොංගල් නිසා හෙට මේවා වහල තියෙන්න පුලුවන්. ඒත් අරින්න එපා මල්ලි, යන්න අනිද්දා.

1. Chutneys

කිව්වට විශ්වාස කරන්න මල්ලි රු. 300ට, 500ටත් කෑම තිබුනට මේක සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ රෙස්ටුරන්ට් එකක්. පට්ට රස තාලි එකක් වගේම චපාති, පූරි, කුරුමා වගේ නම් ගම් වලින් කියන්න දන්නෙ තරම් ඉන්දියන් කෑම සෑහෙන්න ප්‍රමාණයක් මෙයාලා ලඟ තියෙනව. රසත් ෆුල් ජෙනුයින්. පදමට මිරිස්, තුනපහ අඩුම කුඩුම ටික එහෙමත් දාලා තියෙනව. ආරංචියෙ හැටියට පට්ට රස වටලප්පමක්, පුඩිමක් එහෙමත් රස බලන්නත් චට්නිස් එක කියාපු තැනක්.

2. Pot Biriyani

පොට් බිරියානි එක තියෙන්නෙත් කළුබෝවිල, ඇන්ඩර්සන් පාරෙන් ගිහින් කඩවත පාරට දැම්මාම. රස, ඉන්දියන් ටයිප් බිරියානි එකක් කන්න කියාපු තැන. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාල ලඟ ඇලුමිනියම් සවාන් නෑ. තියෙන්නෙ මැටි ඇතිලි වලට පුරවපු බිරියානි. අට දෙනෙක්ට කන්න පුලුවන් එක රු. 3000යි. හතර දෙනාගෙ එක රු. 2000යි. කජු, මුද්දරස් පළම් අඩු නැති ඇතිලියෙ තම්බල බැදපු බිත්තර තොගයකුත් තියෙනව. ඒ මදිවට කටට කෙළ උනන මසාලා සුවඳත් හොඳටම එනව. පදම් කරල බැදල හදපු කුකුල් මස් ගාත ටික එන්නෙ වෙනමම ඇතිලියක. ඇත්තටම පොට් බිරියානි නම් දැක්කාම කන්න ආස හිතෙනව අප්පා…

3. Mathura

බම්බ, මෙල්බර්න් ඇවිනියු එකේ තියෙන මතුරා රෙස්ටුරන්ට් එක පියෝ වෙජිටේරියන්. ඒ කියන්නෙ තලු මර මර තෝසෙ, මසල වඩේ කන්න පුලුවන් තැනක්. මතුරා එකේ නැගලම යන්නෙ රු. 550කට වගේ තියෙන තාලි එක. ව්‍යංජන ජාතිම හත අටක් තියෙන නිසා දැක්කත් බඩගින්න එන ගාණයි. ඒ හැරුනාම මෙයාලගෙ පේපර් තෝසෙ, මසාලා තෝසෙ එහෙමත් පට්ට රසයි. සාම්බාරු හොද්දක් තියෙනව එක පාරක් කෑවොත් සදාකල් රස මතක හිටින. ඉස්මුරුත්තාව එනකම් කන්න පුලුවන් තරම් සයිස් තෝසෙ එකකුත් වෙන්නෙ රු. 300ක් වගේ නිසා පොකට් එකටත් ලොකු ගාණක් නෑ.

4. Thalis

සමහර විට හොඳට අහල පුරුදුත් ඇති. මොකද කොළඹ පැත්තෙන් අතේ තියෙන ගාණට පට්ටම රස තාලි එකක් කන්න පුලුවන් කඩයක් තමයි තිඹිරිගස් යාය, පාර්ක් රෝඩ් එකේ තාලිස් එක. රු. 400කට උගුර ලඟට එනකම් කාලා තව ඇඟිලිත් ලෙවකත හැකි. ඒ විතරක් නෙවෙයි, මෙයාල ලඟ තියෙන බිරියානි එහෙමත් මරේ මරු. මම නම් වැඩියෙන්ම ආස තාලිස් එකේ තෝසෙ ජාති ටිකට. හිතන විදියට එක එක රස තෝසෙ වර්ග 10කට 12කට වැඩියි. ඒක නෙවෙයි ඔන්න පස්සෙ කියන්න එපා අර මස් තිබුනෙ නෑ, මේ මස් තිබුනෙ නෑ කියල, මොකද තාලිස් එකත් ෆුල් වෙජිටේරියන් හොඳද.

5. Sri Suryas

එළවලු වලින් කොච්චර වැඩ තොගයක් දාන්න පුලුවන්ද කියල දැන ගන්න යන්න කියාපු තැනක්. කෑම ජාති 20කට එහා පැත්තෙ ඇති ගෙඩිය පිටින්ම වෙජි. ඒ හැරුණාම කිරි පාවිච්චි කරල හදන කෑමත් සෑහෙන්න තියෙනව. මෙයාලගෙ අතුරුපසත් පංකාදු පහයි විශේෂයෙන්ම බොම්බෙ ස්වීට් සෙට් එක. පිටකොටුවෙ සී ස්ට්‍රීට් එකේ තියෙන මේ රෙස්ටුරන්ට් එකේ වටිනම කියන දේ තමයි ගොඩක් කෑම වල ගණන් රු. 300, 400 අතර වගේ වෙන එක. යන්න කලින් එක දෙයක් කියන්නම් ශ්‍රී සූර්යාස් එකෙන් බත් කනවටත් වැඩිය හොඳ රස වෑහෙන තෝසෙ පාරක් දැම්ම නම් තමයි.

6. Amarawathi

බිරියානි, චිකන් 65, තාලි නම් තුන කියද්දි එක පාරටම ඔලුවට එන කඩයක නමක් තමයි අමරාවති කියන්නෙ. තියෙන්නෙ කොල්ලුපිටිය දෙකේ කණුවෙ. හරි ලස්සන වගේම පිළිවෙල තැන. ඇතුලට ගියත් ඇති අමුතු ඉන්දියන් ගතියක් නිකන්ම වගේ ඇඟට එනව. ඒ වගේම තමයි මෙයාලගෙ කෑමත්, පට්ට රසයි. වාසනාව කියන්නෙ මෙයාලා ලඟ නම් රස වෑහෙන වෙජිටේරියන් කෑම වගේම රස උතුරන තන්දුරි චිකන්, මට්න්, ජැෆ්නා ක්‍රැබ් වගේ කෑම ජාතිත් තියෙනව. ආයෙ බිරියානි කන්නත් කියාපු තැන. කටට රසට මස්, මාළු හැදෙන නිසා මෙයාලගෙ තෝසේ, වඩේ වගේ කෑම වල ගණන් රු. 200, 300 වගේ වෙන්නෙ. ඒත් ඉතින් කටට රසට හැදෙන මස් රු. 500ක් විතර වෙනවනෙ. ඒත් මෙහෙමයි එක පාරක් කෑවොත් නම් හැමදාම කයි.

7. Indian Chaat Corner

සෑහෙන්න වෙනස් කෑම තියෙන අමුතුම ටයිප් එකේ කඩයක්. වැල්ලවත්ත 32වෙනි පටුමගේ තමයි තියෙන්නෙ. මෙයාලගෙ කෑම වල තියෙන විශේෂත්වය තමයි ඒ හැම කෑමක්ම සුප්‍රසිද්ධ ඉන්ඩියන් ස්ට්‍රීට් ෆුඩ් වීම. ඇත්තටම අනිත් හැම ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකකම තියෙන කෑම වලට වඩා රසයෙන් වගේම අනිත් හැම දේකිනුත්ම මේ කෑම වෙනස්. හැබැයි රස නම් පංකාදු පහයි. අතුරුපස වගේම ප්‍රධාන කෑම ජාතිත් තියෙනව. ඒ අතරින් නැගලම යන්නෙ බිරියානි. අනික හැම කෑමක්ම රු. 500ට අඩු නිසා පොකට් එකටත් ඒ හැටි අවුලක් නෑ. කොහොම වුනත් ඉන්ඩියන් චා්ට් කෝනර් එකට යන ඔයා අනිවාර්යයෙන්ම කන්න ඕන කෑමක් තමයි ‘චාර්ට්’, මතක තියා ගන්න හොඳද.

8. Shanmugas

හහ්…, කට්ටියට අමතුවෙන් කියන්න ඕනත් නැති තරම්. වැල්ලවත්ත පැත්තෙන් ඉන්ඩියන් ෆුඩ් නම් ඉතින් ශන්මුගාස්ම තමයි. කෑම වල රස වගේම පිළිගන්වන විදියත් මරේ මරු. ගී තෝසෙ එහෙම මේසෙට එද්දි සුවඳේ බෑ. මෙයාලා ලඟත් චාර්ට් තියෙනව. ඒ හැරුනාම එළවළු, එළකිරි වලින් දාන වැඩ කෝටියක් විතර ශන්මුගාස් එකේ තියෙනව. එකක් කියල රෙකමන්ඩ් කරන්න බැරි වුනාට වැඩියෙන්ම රස මෙයාලගෙ සවුත් ඉන්දියන් කෑම ටික කියල පොදුවේ කියන්න පුලුවන්. කොහොම වුනත්, මොන දේ කෑවත්, උණු උණු මසාලා තේ එකක් බොන්න නම් අමතක කරන්න එපා හොඳද.

දැන් ඉතින් වට පිටාවෙ ගෙවල් වල තෛයිපොංගල් සමරන අය හිටියත් එකයි නැතත් එකයිනේ. හිත් අමනාපකම් නැතුව කඩෙන් කාලා ගෙදර යන්න හොඳේ්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide