ඔරිජිනල් ඉන්ඩියන් ෆුඩ් රස බලන්න කියාපු කඩ 8ක්.

‘ජාති බේද ආගම් බේද කොතෙක් තිබුනත් මල්ලි

ගන්න එපා ඕවා එළියට රස කෑමක් කද්දි’

නෑ, එහෙම නෙවෙයි මම කියන්නෙ නත්තලට වගේම සිංහල අළුත් අවුරුද්දටත් කෑම පිඟානක් එහා මෙහා කර ගන්න පුරුද්දක් අපිට තියෙනවනෙ. ඒකෙ ප්‍රධාන අරමුණ සුහදශීලි බව වැඩි කර ගන්න වුනාට මොකද අපි නම් කරන්නෙ කෑම පිඟාන ඉවර කරන එක. අවාසනාව කියන්න දෙමළ අළුත් අවුරුද්දට අපිට එහෙම කෑම පිඟන් ලැබෙන්නෙ නෑනෙ. ලැබුනත් සෑහෙන්න අඩු පිරිසකට.

එහෙමයි කියල ඉතින් හෙට වගේ දවසක ඉන්දියන් කෑම ටිකක් රස නොබල ඉන්නයැ. ඒ නිසා අපි කල්පනා කලා ඔයාලටයි අපිටයි දෙගොල්ලන්ටම ගිහින් හිතේ හැටියට ඔරිජිනල්ම ඉන්දියන් කෑම ටිකක් රස බලන්න පුලුවන් කඩවල් ටිකක් කියන්න.

බාග වෙලාවට තෛයිපොංගල් නිසා හෙට මේවා වහල තියෙන්න පුලුවන්. ඒත් අරින්න එපා මල්ලි, යන්න අනිද්දා.

1. Chutneys

කිව්වට විශ්වාස කරන්න මල්ලි රු. 300ට, 500ටත් කෑම තිබුනට මේක සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ රෙස්ටුරන්ට් එකක්. පට්ට රස තාලි එකක් වගේම චපාති, පූරි, කුරුමා වගේ නම් ගම් වලින් කියන්න දන්නෙ තරම් ඉන්දියන් කෑම සෑහෙන්න ප්‍රමාණයක් මෙයාලා ලඟ තියෙනව. රසත් ෆුල් ජෙනුයින්. පදමට මිරිස්, තුනපහ අඩුම කුඩුම ටික එහෙමත් දාලා තියෙනව. ආරංචියෙ හැටියට පට්ට රස වටලප්පමක්, පුඩිමක් එහෙමත් රස බලන්නත් චට්නිස් එක කියාපු තැනක්.

2. Pot Biriyani

පොට් බිරියානි එක තියෙන්නෙත් කළුබෝවිල, ඇන්ඩර්සන් පාරෙන් ගිහින් කඩවත පාරට දැම්මාම. රස, ඉන්දියන් ටයිප් බිරියානි එකක් කන්න කියාපු තැන. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාල ලඟ ඇලුමිනියම් සවාන් නෑ. තියෙන්නෙ මැටි ඇතිලි වලට පුරවපු බිරියානි. අට දෙනෙක්ට කන්න පුලුවන් එක රු. 3000යි. හතර දෙනාගෙ එක රු. 2000යි. කජු, මුද්දරස් පළම් අඩු නැති ඇතිලියෙ තම්බල බැදපු බිත්තර තොගයකුත් තියෙනව. ඒ මදිවට කටට කෙළ උනන මසාලා සුවඳත් හොඳටම එනව. පදම් කරල බැදල හදපු කුකුල් මස් ගාත ටික එන්නෙ වෙනමම ඇතිලියක. ඇත්තටම පොට් බිරියානි නම් දැක්කාම කන්න ආස හිතෙනව අප්පා…

3. Mathura

බම්බ, මෙල්බර්න් ඇවිනියු එකේ තියෙන මතුරා රෙස්ටුරන්ට් එක පියෝ වෙජිටේරියන්. ඒ කියන්නෙ තලු මර මර තෝසෙ, මසල වඩේ කන්න පුලුවන් තැනක්. මතුරා එකේ නැගලම යන්නෙ රු. 550කට වගේ තියෙන තාලි එක. ව්‍යංජන ජාතිම හත අටක් තියෙන නිසා දැක්කත් බඩගින්න එන ගාණයි. ඒ හැරුනාම මෙයාලගෙ පේපර් තෝසෙ, මසාලා තෝසෙ එහෙමත් පට්ට රසයි. සාම්බාරු හොද්දක් තියෙනව එක පාරක් කෑවොත් සදාකල් රස මතක හිටින. ඉස්මුරුත්තාව එනකම් කන්න පුලුවන් තරම් සයිස් තෝසෙ එකකුත් වෙන්නෙ රු. 300ක් වගේ නිසා පොකට් එකටත් ලොකු ගාණක් නෑ.

4. Thalis

සමහර විට හොඳට අහල පුරුදුත් ඇති. මොකද කොළඹ පැත්තෙන් අතේ තියෙන ගාණට පට්ටම රස තාලි එකක් කන්න පුලුවන් කඩයක් තමයි තිඹිරිගස් යාය, පාර්ක් රෝඩ් එකේ තාලිස් එක. රු. 400කට උගුර ලඟට එනකම් කාලා තව ඇඟිලිත් ලෙවකත හැකි. ඒ විතරක් නෙවෙයි, මෙයාල ලඟ තියෙන බිරියානි එහෙමත් මරේ මරු. මම නම් වැඩියෙන්ම ආස තාලිස් එකේ තෝසෙ ජාති ටිකට. හිතන විදියට එක එක රස තෝසෙ වර්ග 10කට 12කට වැඩියි. ඒක නෙවෙයි ඔන්න පස්සෙ කියන්න එපා අර මස් තිබුනෙ නෑ, මේ මස් තිබුනෙ නෑ කියල, මොකද තාලිස් එකත් ෆුල් වෙජිටේරියන් හොඳද.

5. Sri Suryas

එළවලු වලින් කොච්චර වැඩ තොගයක් දාන්න පුලුවන්ද කියල දැන ගන්න යන්න කියාපු තැනක්. කෑම ජාති 20කට එහා පැත්තෙ ඇති ගෙඩිය පිටින්ම වෙජි. ඒ හැරුණාම කිරි පාවිච්චි කරල හදන කෑමත් සෑහෙන්න තියෙනව. මෙයාලගෙ අතුරුපසත් පංකාදු පහයි විශේෂයෙන්ම බොම්බෙ ස්වීට් සෙට් එක. පිටකොටුවෙ සී ස්ට්‍රීට් එකේ තියෙන මේ රෙස්ටුරන්ට් එකේ වටිනම කියන දේ තමයි ගොඩක් කෑම වල ගණන් රු. 300, 400 අතර වගේ වෙන එක. යන්න කලින් එක දෙයක් කියන්නම් ශ්‍රී සූර්යාස් එකෙන් බත් කනවටත් වැඩිය හොඳ රස වෑහෙන තෝසෙ පාරක් දැම්ම නම් තමයි.

6. Amarawathi

බිරියානි, චිකන් 65, තාලි නම් තුන කියද්දි එක පාරටම ඔලුවට එන කඩයක නමක් තමයි අමරාවති කියන්නෙ. තියෙන්නෙ කොල්ලුපිටිය දෙකේ කණුවෙ. හරි ලස්සන වගේම පිළිවෙල තැන. ඇතුලට ගියත් ඇති අමුතු ඉන්දියන් ගතියක් නිකන්ම වගේ ඇඟට එනව. ඒ වගේම තමයි මෙයාලගෙ කෑමත්, පට්ට රසයි. වාසනාව කියන්නෙ මෙයාලා ලඟ නම් රස වෑහෙන වෙජිටේරියන් කෑම වගේම රස උතුරන තන්දුරි චිකන්, මට්න්, ජැෆ්නා ක්‍රැබ් වගේ කෑම ජාතිත් තියෙනව. ආයෙ බිරියානි කන්නත් කියාපු තැන. කටට රසට මස්, මාළු හැදෙන නිසා මෙයාලගෙ තෝසේ, වඩේ වගේ කෑම වල ගණන් රු. 200, 300 වගේ වෙන්නෙ. ඒත් ඉතින් කටට රසට හැදෙන මස් රු. 500ක් විතර වෙනවනෙ. ඒත් මෙහෙමයි එක පාරක් කෑවොත් නම් හැමදාම කයි.

7. Indian Chaat Corner

සෑහෙන්න වෙනස් කෑම තියෙන අමුතුම ටයිප් එකේ කඩයක්. වැල්ලවත්ත 32වෙනි පටුමගේ තමයි තියෙන්නෙ. මෙයාලගෙ කෑම වල තියෙන විශේෂත්වය තමයි ඒ හැම කෑමක්ම සුප්‍රසිද්ධ ඉන්ඩියන් ස්ට්‍රීට් ෆුඩ් වීම. ඇත්තටම අනිත් හැම ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකකම තියෙන කෑම වලට වඩා රසයෙන් වගේම අනිත් හැම දේකිනුත්ම මේ කෑම වෙනස්. හැබැයි රස නම් පංකාදු පහයි. අතුරුපස වගේම ප්‍රධාන කෑම ජාතිත් තියෙනව. ඒ අතරින් නැගලම යන්නෙ බිරියානි. අනික හැම කෑමක්ම රු. 500ට අඩු නිසා පොකට් එකටත් ඒ හැටි අවුලක් නෑ. කොහොම වුනත් ඉන්ඩියන් චා්ට් කෝනර් එකට යන ඔයා අනිවාර්යයෙන්ම කන්න ඕන කෑමක් තමයි ‘චාර්ට්’, මතක තියා ගන්න හොඳද.

8. Shanmugas

හහ්…, කට්ටියට අමතුවෙන් කියන්න ඕනත් නැති තරම්. වැල්ලවත්ත පැත්තෙන් ඉන්ඩියන් ෆුඩ් නම් ඉතින් ශන්මුගාස්ම තමයි. කෑම වල රස වගේම පිළිගන්වන විදියත් මරේ මරු. ගී තෝසෙ එහෙම මේසෙට එද්දි සුවඳේ බෑ. මෙයාලා ලඟත් චාර්ට් තියෙනව. ඒ හැරුනාම එළවළු, එළකිරි වලින් දාන වැඩ කෝටියක් විතර ශන්මුගාස් එකේ තියෙනව. එකක් කියල රෙකමන්ඩ් කරන්න බැරි වුනාට වැඩියෙන්ම රස මෙයාලගෙ සවුත් ඉන්දියන් කෑම ටික කියල පොදුවේ කියන්න පුලුවන්. කොහොම වුනත්, මොන දේ කෑවත්, උණු උණු මසාලා තේ එකක් බොන්න නම් අමතක කරන්න එපා හොඳද.

දැන් ඉතින් වට පිටාවෙ ගෙවල් වල තෛයිපොංගල් සමරන අය හිටියත් එකයි නැතත් එකයිනේ. හිත් අමනාපකම් නැතුව කඩෙන් කාලා ගෙදර යන්න හොඳේ්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide